August 14, 2014

උග්‍ර මානසික රෝග තර්ජනයක්

උග්‍ර මානසික රෝග තර්ජනයක්
මිනිස් ඉතිහාසයේ මින් පෙර කිසිම යුගයක නොවුවිරූ තරමින් දැන් සෑම රටක්ම පාහේ මානසික ආබාධ වලින් පෙළෙන්නවුන්ගේ සංඛ්‍යාව ඉහළනගිමින් පවති.

මානසික රෝග වැඩි වශයෙන් තර්ජනයක් වී ඇත්තේ  ‍‍“දියුණු යයි කියනු ලබන ජන සමාජවලට විනා“නොදියුණුජන සමාජවලට නොවේ.
ඇමරිකා එක්සත් ජනපදය,ජර්මනිය,ප්‍රංශය,එංගලන්තය ආදි බටහිර දිග  “දියුණු රටවල මානසික ආරෝග්‍ය ශාලා රෝගින්ගෙන් පිරිගොස් ඇති අතර සමාජය තුල තව මානසික රෝගීහු ලක්ෂ ගණනාවක් නිදැල්ලේ හැසිරෙති.

මනෝ විද්‍යාඥයින්ගේ ඒකමතික මතය අනුව උග්‍ර මානසික ආබාධ මෙන්ම සුළු මානසික ආබාධ මෙසේ පැතිරීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පෙර කී ජන සමාජ තුළ පවත්නා ජීවන තරගයත්,සදාචාරාත්මක පිරිහීමත්,කාර්මිකරණයත්,නාගරීකරණයත්,අසීමිත විද්‍යා වර්ධනයත්ය.
කලකට පෙර බටහිර රට වලට පමණක් සිමා වී තිබුණු මානසික උවදුර දැන් ලතින් ඇමරිකානු,ආසියානු,අප්‍රිකානු හා ඕස්ට්‍රේලියානු මහද්දීපවල නාගරික පෙදෙස්වලටද බෝ වී ඇති අතර,එය ක්‍රමක් ක්‍රමයෙන් ගමිබද පෙදෙස්වලට පැතිර යන්නට පටන්ගෙන තිබේ.

ඔබ මෙවැනි දෙයකින් පීඩාවට පත්වී සිටින්නෙක්ද?
  • ·        ආත්ම ශක්තිය පිරිහීම.
  • ·        සිතෙහි දැඩි අසහනකාරි බව,අමතක වීම සහ ඥාණ ශත්කිය පිරිහීම.
  • ·        දැඩි මානසික සහ කායික වෙහෙස,දැඩි චිත්ත පීඩනය.
  • ·        සැකය සහ බිය(මේ ගති රාත්‍රිය වන විට වැඩිවීම)
  • ·        හීන මානය සහ සමාජ ඇසුරෙන් ඈත් වී හුදකලාවීම.
  • ·        දැඩි කෝපය හා විනාශකාරි හැසිරීම
  • ·        කායික හේතුවක් නොමැතිව හන්දිපත් වේදනා,ඇම්ම සහ රුදාව
  • ·        හිසරදය,හිසේතද ගතිය,හෝ හිසෙහි දැනෙන වේදනාවන්
  • ·        ඇදුම සහ වෙනත් හුස්මගැනීමේ අපහසුකම්
  • ·        අපස්මාරය වැනි සිහිමුර්ජාව්මි.
  • ·        අධික කලකිරීම සහ ජිවිතය එපා වී යාමේ හැගිම්,නින්ද නොයාම සහ නින්දෙන් බය වීම
  • ·        නොයෙක් අන්දමේ බය(සෙනග,කළුවර,එළිමහන් පිට්ටනි,සතුන් ආදිය ගැන)
  • ·        දඩබිබර,නොහික්මුණු සැසිරීම
  • ·        ආදරය සහ විවාහය කඩවීම හෝ ඉන් පරාජය විම.
  • ·        නෂ්ඨකාමය,ක්ෂණික මෝචනය සහ වෙනත් ලිංගික දුබලතා
  • ·        මත්පැනට සහ වෙනත් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබිබැහි විම.
  • ·        කාථා කිරීමේ දුබලතා,කථා පැටලීම,හිරවීම සහ වෙනත් දෑ

මෙවැනි ලකුණු ඔබට හෝ ඔබේ සිතමිතුරෙකුට තිබේ නමි මානසික පරීක්ෂණයක් සදහා මනෝ චිකිස්සකවරයෙකුගේ උපකාරය ඔබට අවශ්‍යවනු නොඅනුමානය.එහෙත් මනෝ චිකිස්සාව යනු කුමක්ද?

මනෝ චිකිස්සකවරයා කවරෙක්ද?
මනෝ චිකිස්සකවරයා පීඩාවට පත්ව ඇති මනස මානසික මාර්ගයෙන්ම ප්‍රතිකාර කොට සුවපත් කරන මානව දයාවෙන් පිරි කරුණාබර පුද්ගලයකි.මානව වර්ගයා කෙරෙහි ගැඹුරු ආදරයක් හා භක්තියක් ඇති ඔහු නවීන මනෝ විද්‍යා ප්‍රතිකාර ක්‍රම මගින් ලද විශාල අත්දැකිම් සමිභාරය උපයෝගි කරගෙන ඔබගේ ප්‍රශ්න හා ගැටළු වලට ඉතා හොදින් කන්දෙන්නෙකුද වේ.එමෙන්ම ඔබ කියනා සෑම දෙයක්ම අතිශය රහසක් ලෙස තබා ගනි.
මනෝ චිකිස්සාව යනු කවරක්ද?
මනෝ චිකිස්සාව යනු මනෝ විද්‍යාව මුල් කරගත් ප්‍රතිකාර ක්‍රමයකි.හෙළි කිරීම,පුබුදුවීම,නිදහස්,නිවහල් බවක් ඇති කිරීම යන කරුණු එයට අඩංගුවේ.එය මගින් අතීතය හා වර්තමානය එකට යා කරන අතර රෝගියාට ඔහු අතීතයේ ලත් අත්දැකීමි වර්තමානයේදී ඔහුගේ මනසේ ක්‍රියාකාරි වන ආකාරය මනාලෙස අවබෝද කරදෙනු ලබයි.මනෝ චිකිස්සාව අභ්‍යන්තර මනස කරා විහිද යයි.අවසානයේදී එය රෝගියාට තමාගේ යටිසිතේ සැගවී ඇති දේවල් පිටතටගෙන රෝගයට මුල් වු හේතු සොයාදෙන අතර තමා පිළිබද සමිපුර්ණ අවබෝධයක් ඔහුට ඇතිකිරීමෙන් වඩාත් ස්ථිරවු පෞද්ගලිකත්වයක් ගොඩ නැගීම සදහා ප්‍රබලඅඩිතාලමක් දමනු ලබයි.
මනෝ චිකිස්සාවට අඩංගු නොවන දේ කුමක්ද?
හුනියම්,යන්ත්‍ර,මන්ත්‍ර හා බලිතොවිල් යන දේවල් සමග මනෝ චිකිස්සාව කිසිදු සමිබන්ධයක් නොමැත.එය ප්‍රබල මනසක් මගින් දුර්වල වු මනසක් පාලනය කිරීමක්ද නොවේ.සැබවින්ම මනෝ චිකිස්සාවෙන් කරනුයේ මනසක් පැහැදිලිකිරීමක් සහ ශක්තිමත් කිරීමකි.මනෝ චිකිස්සාව කිසිවිටකත් රෝගියාගේ කැමැත්තට හෝ අභිප්‍රායට පිටුනොපායි.එය හාස්කමක් හෝ චිජ්ජාවක්ද නොවේ.
ඔබ මනෝ චිකිස්සකවරයෙකු වෙත යායුත්තේ කවර අවස්ථාවකදීද?
ජීවිතයේ බොහෝ අවස්ථාවන්හිදී මනෝ චිකිස්සකවරයෙකුගේ උපකාරය ඔබට අවශ්‍යවන අතර  වනුද නියතය.ඉතාම කෙටියෙන් මේ අවශ්‍යතාවයන්,උවමනාවන් දැක්විට නොහැකි වුවත් අධිකදුක භිතිය,නොසතුට,දැඩි ආවේග ගතිය දැඩි චිත්ත පීඩනය යන දේවල් ඔබේ මනසේ රැවි පිළිරැවි දෙන අවස්ථාවන් හිදී මනෝ චිකිස්සකවරයෙකුගේ උපකාරය ඔබට ඉතාමත්ම අවශ්‍ය‍වේ.
ඔබ මනෝ චිකිස්සකවරයා වෙත යා යුත්තේ ඇයි?
මක්නිසාද යත් ඔබගේ ජීවිතයේ අදුරු පැත්ත අධ්‍යනය කිරීමේ හැකියාවක් මනෝ චිකිස්සකවරයා සතු අතර,ඔබගේ සිතේ ඉතාම ගැඹුරට කාවැදී සැගවී ඇති ශක්තීන් හා දුර්වලතාවයන් මතුකර පෙන්වීමට ඔහුට හැකිය.එමෙන්ම පුද්ගලයෙකුගේ ගැටලුවට තුඩුදුන් හේතුව අවබෝධ කරවීමෙන් එයට මුහුණ දී එය විසදීමට ඔහුට හැකියාවක් ලබාදෙන අතර ඥාණ ශක්තිය සහ නිර්මාණ ශක්තිය ඉතාමත්ම ක්‍රමවත් ලෙස භාවිතා කිරීමට සැලැස්වීමටද පුළුවන.

මනෝ චිකිස්සකවරයා ඔබට උපකාරි වන්නේ කෙසේද?
මනෝ චිකිස්සාව මගින් ඔබ ගොඩනගා තිබු අස්වාභාවික හේතුන් සහ විකෘති අත්දැකිම් බිදහෙළා ජිවිතයේ ඇති නියම සුන්දර බව මිහිර නිදහස් නිවහල් මිනිසෙකු ලෙස භුක්ති විදීමට ඔබට මග සලසයි.
මනෝ චිකිස්සාවෙන් පසු ඔබට දැනෙන්නේ කුමක්ද?
මනෝ චිකිස්සාවෙන් පසු ඇති වන ප්‍රථම වෙනස නමි මෙතෙක් කල් කායික රෝග ලක්ෂණ හා විකෘති මානසික ගතිපැවතුමි වලට තුඩුදුන් මානසික පීඩනය ඉවත් වී යාමෙන් ඇතිවන නිදහස් සුවයයි.
මෙවිට ඔබට ඇතිව තිබුණු රෝග ලක්ෂණ අතුරුදහන් වී  සිතටත් අළුත් ජිවයක් ලැබෙනු ඇත.එමෙන්ම වට පිටාවෙන් හා ජීවිතයේ ඇතිවන ප්‍රශ්නවලට නිර්භයව මුහුණදිමේ හැකියාවක්ද දැඩි ආත්ම ශක්තියක්ද ඔබට ඇතිවෙයි.
ඔබතුළ සැගවී ඇති ශක්තීන් හා විවිධ හැකියාවන් පිළිබදව සහ ඒවා ඉතා යෝග්‍ය ලෙසභාවිතා කරන ආකාරය ගැන ඔබට අවබෝධයක්ද ලැබෙනු ඇත.
මනෝ චිකිස්සකවරයා ප්‍රතිකාර කරන්නේ කෙසේද?
මනෝ චිකිස්සාවේ අඩිතාලම වනුයේ විශ්වාසයයි.කිසිදා කිසිවෙකුට නොහැකි දේවල් මනෝ චිකිස්සක වරයෙකු ඉදිරිපිට ඔබට හෙලි කළ හැක.බොහෝ අයට ආරක්ෂිතභාවය මත තම හැකියාවන් සහ සැගවී ඇති ශක්තින් මතුකරගැනීමට ඇතැම් විට ජීවිතයේ ලැබුණු ප්‍රථම වාරය මෙය වෙයි.අවුරුදු ගණනාවක් තිස්සේ මනස තුළ තෙරපෙමින් තිබුණු දුක්,දොමිනස්,වේදනාවන් අමිහිරි අත්දැකීමි මතුකර බිදුණු මනසට සුවයක්,සැනසුමක් ගෙන දීමට මනෝ විද්‍යාත්මක ක්‍රමයක් මනෝ චිකිස්සකවරයා ඉවහල් කරගනී.මනෝමය වශයෙන් සැහැල්ලු බවකට කෙනෙකු පත්කර යටිහිතට යෝජනා ඉදිරිපත් කිරීමෙන් ඔහුගේ පෞද්ගලිකත්වය ගොඩනැංවීමට මනෝ චිකිස්සකවරයා උපකාරිවන අතර වඩාත් ප්‍රීතිමත් ජීවිතයකට ඔබට මග පෙන්වා දෙනු ලබයි.

මනෝ චිකිස්සාවෙන් උපරිම ප්‍රෙයා්ජන ලබාගන්නේ කෙසේද?
මනෝ චිකිස්සාව ගැන සම්පුර්ණ විශ්වාසය තබන අය එහි උපරිම ඵල නෙලා ගැනීමට සමත් වෙති.ප්‍රථමයෙන් මනෝ චිකිස්සාව යනු කුමක්ද?එයට අයත් නොවන දේ කුමක්ද යනුවෙන් අප දැනගැනීම අවශ්‍ය වේ.
තවත් වැදගත් දෙයක් නමි මනෝ චිකිස්සකවරයා සමග අප සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර ඔහු කියන උපදෙස් නිසි අයුරින් පිළිපැදීමද අවශ්‍යවේ.සහයෝගය දැක්වීම යනු කීකරු විම හෝ ප්‍රශ්න කිරීමෙන් වැළකී සිටීම හෝ නොවේ.ඔබට සැකයක් ඇතිවන ඕනෑ අවස්ථාවක ප්‍රශ්න කර එය නිරාකරණය කරගත හැක.

ඉදිරිපත් කිරීම
වරකාපොල විදාතා සමිපත් මධ්‍යස්ථානය

උපුටා ගැනීම - TODAY'S HEALTH ඇසුරිනි

0 comments:

Post a Comment