November 18, 2015

පිළිකාවෙන් බේරෙන්න සරක්කු?

පිළිකා මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි එරිසිෆෝලීන් (Ericifolin) රසායනික සංයෝගය  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ පත්‍රවල අඩංගු බව කාර්මික තාක්ෂණික ආයතනයේ ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ආර්.එම්. ධර්මදාස මහතා පවසයි. සරක්කු යනුවෙන් සිංහල නමින්ද හඳුන්වයි.
උතුරු ඇමෙරිකාව නිජබිම කර ගත්  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ විද්‍යාත්මක නාමය වනුයේ පිමෙන්ටා ඩිඔයිකා (Pimenta dioica) මෙය ශ්‍රී ලංකාව තුළ ඉතා සාර්ථකව වගා කිරීමේ හැකියාව ඇති අතර මෙහි ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ ශාකයේ පත්‍රවල ඇති එරිසිෆෝලීන් (ericifolin) නම් රසායනික සංයෝගය ප්‍රබල පිළිකා නාශකයක් නිසා එය පිළිකා මර්දනයට යොදා ගත හැකිවීමය. කුරුඳු, සාදික්කා හා කරාබුනැටිවල අඩංගු රසය, සුවඳ සහ ඖෂධීය ගුණයත් මෙහි අඩංගුවීම තවත් සුවිශේෂී ලක්ෂණයකි.
මීට පෙර මෙම ශාකය පිළිබඳව පර්යේෂණ සිදුකර තිබුණද, මේවන විට සිදු කළ පර්යේෂණ වලට අනුව  ඕල්ස්පයිස් (Allspice) ශාකයේ පත්‍රවල සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යවශ්‍ය වන ෆීනෝල් (Phenol), ෆ්ලෙවනොයිඩ් (Flavonoid) සහ ප්‍රති ඔක්සිකාරක (Antioxidant) ගුණයන්ගෙන් සමන්විත අතර ආහාර රසකාරක ගුණාංග වන ඉයුජිනෝල් (eugenol), බීටා කැරියොතිලීන් (beta-caryophylene)  යන සංයෝග ඉතා ඉහළ මට්ටමක පවතින බව සොයාගැනීමට හැකිවිණි. උතුරු ඇමරිකාවේ ග්‍රේටර් ඇන්ටිල්ස් දුපත්, දකුණූ මෙක්සිකෝව, දකුණු ඇමරිකාව නිජබිම වු මෙම ශාකය සමකය ආසන්න කලාපයේ වැඩේ. ශාක පත්‍රයේ ඉයුජිනෝල් (eugenol) 65 %ක් අන්තර්ගත වන අතර ඉවත දමන දඩුවට වුවද නැවත පණක් ලැබෙන සිරිලක් පොළවේ දී එය 85 % ක් පමණ අන්තර්ගත වෙනවා.
මෙම ශාකය පිළිකාවලටත් කොලෙස්ටරෝල්වලටත් එරෙහිව සටන් කිරීමේ හැකියාව තියෙනවා. ඖෂධීය ගුණයෙන් හා සුවිශේෂි ආහාර රස කාරකයක් වශයෙන් යොදා ගත හැකි මෙම ශාකය නුදුරු අනාගතයේදී ඉහළ ආර්ථික වටිනාකමක් ඇති වගාවක් ලෙසද ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට හැකිවන බව මගේ විශ්වාසයයි.

දැනට ශ්‍රී ලංකාවේ ඖෂධීය පැළ විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කර ඇති අතර සියලූම අධ්‍යයන කටයුතු වලට ඖෂධ පැළෑටි යොදාගෙන තිබෙනවා. Allspice ශාකය පිළිබඳ කරන ලද පර්යේෂණයේ වාර්තාව ඇමරිකාවේ Universal Journal of Agriculture Research සඟරාවේ පළකර තිබේ.
Allspice ශාකය

පුවත්පත් ඇසුරිනි
සකස් කලේ,
කේ ජේ ඒ වී පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
මීගමුව.


2 comments:

සරක්කු පැළෑටිය පිළිබඳ විස්තරාත්මකව කරුණු දක්වන්න

Post a Comment