අපට හා ගුරුවරුන්ට වර්ෂ අවසානය ඉතා වේගයෙන් ළඟා
වෙමින් පවතින අතර එය දරුවන්ට හා දෙමව්පියන්ට විභාග ප්‍රතිඵල ලේඛණ කාලය වේ.මේ කාලයේ
ගුරුවරුන් යුහුසුළුව
ප්‍රතිඵල
වාර්තා සෑදීමේ යෙදී සිටිති.මාර්ගෝපදේශ සහ අධ්‍යයන පටිපාටි මෙන්ම සම්මාන ලබා දීමේ
නම්‍යශීලී වීමට අනුකූලව සෑම ප්‍රගති වාර්තාවක්ම සම්පූර්ණ කරනු ලැබේ.
එහෙත් මෙම ප්‍රතිඵල විමර්ශනය සඳහා දෙමව්පියන්ට කුමන මාර්ගෝපදේශයක් ලබා දී තිබේද?ඔවුන්
දරුවන්ගේ ප්‍රතිඵල කෙරෙහි කෙසේ ක්‍රියාත්මක විය යුතුද?විශේෂයෙන් ඔබේ දරුවා ඔබ
අපේක්ෂා කරන දක්ෂකම් දැක්වීමට අපොහොසත් වූ විට ඔබ කුමක් කළ යුතුද ? ඒ සම්බන්ධව
මෑතකදී මිචිගන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයක් මඟින් බොහෝ ප්‍රයෝජනවත් උපදෙස් පවුල් මනෝවිද්‍යාව සඟරාවේ පල කර තිබේ.
දෙමව්පියන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා නොගත් වයස
අවුරුදු 11-13 සිසුන්ගේ දෙමව්පියන් 500 ක් පර්යේෂණයට බදුන් කොට පර්යේෂකයෝ සිසු ප්‍රතිඵල
පිළිබඳ දෙමව්පිය ප්‍රතිචාර අධ්‍යයනය කර තිබේ.එම ප්‍රතිඵල සාමාන්‍ය ලෙස හා දණ්ඩනීය ලෙස ක්‍රියාත්මක යන වර්ග 02 කට වෙන් කරන ලදි.
අධ්‍යනයේ දණ්ඩනීය කාණ්ඩයේ දෙමව්පියන් දරුවන්ට
බැනීම , දඬුවම් කිරීම හෝ දරුවන්ගේ සමාජයීය ක්‍රියාකාරකම් සීමා කිරීම වැනි ප්‍රතිචාර
දක්වා ඇත.ප්‍රමාණය ඉක්මවා සමාජයීය ක්‍රියාකාරකම් වල යෙදුනු දරුවන්ට කරන ලද
සීමා කිරීම් වලදී හැර මෙලෙස දණ්ඩනීය ලෙස
කටයුතු කල දෙමව්පියන්ගේ දරුවන්ගේ ප්‍රතිඵල පෙරට වඩා දුර්වල වී ඇති බව නිරීක්ෂණය වී
තිබේ. එනම් සාහිත්‍ය හා ගණිත ක්ෂේත්‍රවලදී ලබා ගත් ලකුණු ප්‍රමාණය අඩුවී තිබේ.
අසාර්ථක ප්‍රතිඵල ලබන, දණ්ඩනීයත්වය ක්‍රියාත්මක
කරන දෙමව්පියන්ගේ උපක්‍රම වල ප්‍රධාන දුර්වලතාවය නම් ඔවුන් ගැටළුවේ මූලය/හරය හඳුනා නොගැනීමයි.සමහර විට ඔවුන්, දරුවන්ගේ ප්‍රතිඵල වර්ධනය සඳහා අවශ්‍ය හැකියාව හා දැනුම ඉගැන්වීමේ අවස්ථාවේ ඇති වැදගත්කම අනවධානයෙන් බැහැර කර තිබේ.එපමණක් නොව
එමඟින් දරුවන් පාසැල් වැඩ සම්බන්ධ අරුචිය,ඉච්චාභංගත්වය ඇති කර ගනී. දඩුවම මඟින් ප්‍රතිඵල
වර්ධනය කර ගත නොහැකි නම් ප්‍රතිඵල වර්ධනයට කුමක් කල යුතුද? මිචිගන් විශ්ව විද්‍යාලයීය
අධ්‍යයනයේදී හා වෙනත් අධ්‍යයනවලදී හඳුනාගත් ආකාරය ධනාත්මක වර්ධනයට ඥනාන්විත උත්තේජක
පවුල් පරිසරය වැදගත් වේ.දරුවන්ට පොත්පත් , සංගීත භාණ්ඩ ආදිය ලබා දීම, කෞතුකාගාරයට
විනෝදගමනක් යෑම වැනි ක්‍රියා එවැනි පරිසරයක් නිර්මාණයට දායක වෙන අතර එමගින් දරුවන්
ඉහල පන්ති වලදී ප්‍රතිඵල වර්ධනය කරගෙන ඇති බව නිරීක්ශණය වී තිබේ.
වඩා අඩු දණ්ඩනීය හා වඩා වැඩි පෝෂණ පරිසරයක් සහිත දෙමාපිය
ක්‍රියාකාරීත්වය නිර්මාණය කිරීමේ වටිනාකම පිලිබදව දරුවන්ගේ වෙනත් වර්ධනයන්ද සාක්ෂි
දරයි.මෙහිදීද දරුවන් සඳහා යම් සීමාවන් පැවතීම සිදුවේ.එවැනි පරිසරයක් මඟින්
දරුවන්ගේ අධ්‍යාපන වර්ධනයක් පමණක් නොව ඔවුන්ගේ ජීව,සමාජ,චිත්තාවේග හා හැසිරීම් වල
සංවර්ධනයක්ද ඇතිවේ.
මීට අමතරව ගුරුවරුන් දරුවන්ගේ ප්‍රතිඵල පිළිබඳ
යම් අදහස් දැක්වීමක් සිදු කිරීමද වැදගත් වේ.එවිට දරුවාගේ වර්ධනය පිළිබඳ වඩා
පැහැදිලි අවබෝධයක් දෙමාපියන්ට ලබා ගත හැකි වේ. ගුරුවරු ඉගැන්වීමට අමතරව දරුවන්ගේ
හොඳ මිතුරන් ලෙස ප්‍රතිඵල වර්ධනයට උපකාරී විය යුතුයි.ඒ සඳහා පාසැල,ගුරුවරු හා ළමයා
අතර සහයෝගී සංවර්ධනාත්මක සම්බන්ධතාවයක් ගොඩ නැගීම අවශ්‍ය වේ.
දරුවන්ගේ ශාස්ත්‍රීය අධ්‍යාපන ප්‍රතිඵල සඳහා ඔවුන්ගේ
ජාන,දෙමව්පිය අධ්‍යාපන මට්ටම,දරුවන් බිහි කරන විට දෙමාපියන්ගේ වයස,පාසලේ යටිතල
පහසුකම් සහ ගුරුවරුන්ගේ ඵලදායිතාවය යන කරුණුද ඉතා වැදගත්ය.
උපුටාගැනීම :
If you want your child to bring home better grades stop
yelling and try this by John Pickering & Jinny Hog
http://www.iflscience.com/editors-blog/if-you-want-your-child-bring-home-better-grades-stop-yelling-and-try
0 comments:
Post a Comment