November 4, 2015

ඔබ ඇඳි චිත්‍රයට ජීවය ලබා දිය හැකිද?

වෝල්ට් ඩිස්නි සමාගමට අනුබද්ධිත පර්යේෂණාගාර ජාලයක් වූ ඩිස්නි රිසර්ච් ආයතනයේ තාක්ෂණ ශිල්පීන් විසින් නව චිත්‍ර පොතක් එළි දක්වා තිබේ.මෙම චිත්‍ර පොතේ අඳිනු ලබන කුරුටු රූපයක් වුව සජිවි වීම එනම් ත්‍රිමාන කාටුන් චරිතයක් ලෙස චලනය වීම සිදුවේ.මේ සඳහා සුවිශේෂී යෙදුමක් (Application) ඔවුන් විසින් නිර්මාණය කර තිබේ.

නව යෙදුමට (Application) අනුකූලතා දක්වන සාමාන්‍ය චිත්‍ර පොතක චරිත රූපයක් පළමුවෙන් වර්ණ ගැන්විය යුතුය.ඉන්පසු ඔබගේ ටැබ්ලට් හෝ ස්මාර්ට් දුරකථනයේ ඩිස්නි වර්ණක යෙදුම (Disney Coloring App) ඇතුල් කල යුතු වේ.මෙම යෙදුම,ඔබගේ උපකරණයේ කැමරාව මඟින් වර්ණ ගැන්වුයේ කුමන වර්ණයදැයි හඳුනා ගනු ඇත.දැන් මේ යෙදුමේ ඇති ‍විශේෂ මෘදුකාංග මඟින් වර්ණ ගැන්වූ ද්විමාන රූපය,ත්‍රිමාණ කාටූන් චරිතයක් ලෙස ජංගම දුරකථනයේ හෝ ටැබ්ලට් තිරයේ ක්‍රියාත්මක වන අයුරු දිස්වේ.චිත්‍ර පොතේ රූපයට භාවිතා කල ක්‍රෙයෝන් වර්ණක ඒ ආකාරයෙන් ත්‍රිමාණ චරිතයේ දැකිය හැකිය.මෙය හුදෙක් ක්‍රෙයෝන් වර්ණක භාවිතා කිරීමට පුරුදු කිරීමක් නොව,අදාල යෙදුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය Magical Digital Overlay (අපූර්ව සංඛ්‍යා ආලේපනයක්) ඇතුළු කිරීම සඳහා වූ බැඳීම ප්‍රවර්ධනය කිරීමක් බව ඩිස්නි ආයතනය ප්‍රකාශ කරයි.

මෙය භාවිතා කරන්නන්ට තම මනකල්පිතයන් සමඟ කටයුතු කරමින් ඔවුන්ගේ නිර්මාණ කුසලතාව වර්ධනය කර ගැනීම සඳහා තාර්කිකව සජීවී වූ වැඩසටහනකි.සජීවි ලෝකයේ ක්‍රියාකාරකම් සහ සංඛ්‍යාත (ඩිජිටල්) අත්දැකීම් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගීමට අනන්‍ය හා සුවිශේෂී විභවයක් මෙමගින් ඇති වේ යැයි ඩිස්නි ආයතනයේ ප්‍රධාන පර්යේෂක විද්‍යාඥ රොබට් සමර් පවසයි.
චිත්‍ර පොතක ඇති චිත්‍රයක් පවතිනුයේ පොතෙහි සමතලව බැවින් එමඟින් විශේෂයෙන් එම තලයට එරෙහිව ත්‍රිමාණ සජීවී රූපයක් නිර්මාණය කිරීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවේ.ඩිස්නි පර්යේෂකයන්ට විශාල ගැටළුවක් වූයේ ත්‍රිමාණ චරිතය පිහිටි  හිස් අවකාශය පොතෙහි නොමැති නිසා එය කෙසේ පිරවිය යුතුද යන්නයි.අවසානයේ මෙම ගැටළුව විසඳීමට සෑම චරිතයක් සඳහාම(Look up map) නම් යෙදුමක් නිර්මාණය කර තිබේ.

ඩිස්නි පර්යේෂකයෝ සහ ඔවුන්ට උපකාරී වූ අය එක්ව  තාර්කික සජීවී වර්ණක යෙදුම ප්‍රථම වතාවට මෑතකදී ජපානයේ ෆුකුඔකා හි පැවති IEE අන්තර්ජාල සම්මන්ත්‍රනයේදී ඉදිරිපත් කරන ලද අතර Disney Publishing Worldwide මඟින් මෙම යෙදුම මහජනතාව වෙත මෙම වසරේ මුල භාගයේදී නිකුත් කර ඇත.Google Play and iTunes හි මෙම යෙදුම ‘Disney Colour Play’ ලෙස නම් කර ඉදිරිපත් කර තිබේ.

 උපුටා ගැනීම :
 Have you ever wished that the characters in your coloring book could come alive-leap from the page and dance around, perhaps? Well , Good news: There’s an App for that
http://www.livescience.com/52462-augmented-reality-coloring-book.html

https://www.youtube.com/watch?v=iNd9hhvSslw

0 comments:

Post a Comment