February 21, 2014

දියවැඩියා හා පිළිකා රෝග මර්දනයට බිම්මල්

වසර ගණනාවකට ‍පෙර සිටම සාම්ප්‍රදායික චීන ‍වෛද්‍ය ක්‍රම‍යේදී විවිධ ‍රෝග සුව කිරීමට ඖෂධයක් ‍ලෙස භාවිතයට ගැණුන ‍මෙම බිම්මල් වි‍ශේෂය Ganoderma lucidum යන විද්‍යාත්මක නාම‍යෙන් හඳුන්වනු ලබයි. එහි ඇති සුවි‍ශේෂී ඖෂධීය ගුණය ‍හේතුවෙන් චීන ජාතිකයින් ‍මෙය අමෘත‍යේ බිම්මල් ‍ලෙස ද ව්‍යවහාර ‍කෙරේ.
මෙම බිම්මල් වි‍ශේෂය බාහිර රූපාකාර‍යෙන් රතු පැහැති වෘත්තාකා ජත්‍රයකින් යුක්ත වන අතර, මතුපිට ඉතා දැඩි ස්වභාවයක් ගනී. ‍මේනිසා ආහාරයට ගන්නා ‍වෙනත් බිම්මල් වි‍ශේෂ මෙන් ‍පිසී‍මෙන් පසු ආහාරයට ගත ‍නොහැක. භාවිතයට ගැනීමට නම් මෙය වැඩි දියුණු කරන ලද ‍පෝෂණිය නිස්සාරකයක් ‍ලෙස ගත යුතුය.

 මෙම බිම්මල් වි‍ශේෂ‍යේ ඇති  ඖෂධීය ගුණය අනුව, දැනට ‍ලොව පුරා බහුලව ව්‍යාප්ත වන ‍බෝ ‍නොවන ‍රෝග වන පිලිකා හා දියවැඩියාව මර්දනයට  අවශ්‍ය ප්‍රතිකාර සඳහා භාවිතා කළ හැකි වීම වි‍ශේෂත්වයකි.
Bellarmine විශ්වවිද්‍යාල‍යේ පර්‍යේෂකයින් ‍දෙපලක් වන ‍වෛද්‍ය Sanda Zolj සහ Joann Lau ගේ පර්‍යේෂණයන්ට අනුව, සුවි‍ශේෂී ක්‍රියාකාරීත්වයකින් යුත් ‍පොලිසැකරයිඩ් (beta- glucan)  හා සැ‍පොනින් වර්ග මගින් පිලිකා ‍සෛල ඇතිවීම මර්දනය ‍වෙයි.
‍‍‍‍මේ අනුව, පර්‍යේෂකයන්ගේ නිගමනය වනු‍යේ, ‍මෙම ‍ජෛව රසායනික සං‍යෝග මගින් පිලිකා ‍සෛල ඇතිවීම  පාලනය කරන බවයි.
‍මෙම පර්‍යේෂණ‍යේ ප්‍රතිඵල තවදුරටත් සනාථ කරමින්, MARA නම් තාක්ෂණික ආයතන‍යේ ‍වෛද්‍ය Teow Sun Soo ද අදහස් දක්වා ඇත. ඒ අනුව, ‍මෙම බිම්මල් නිස්සාරක මගින්, ශරීර‍යේ ප්‍රතිශක්ති පද්ධති‍යේ ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අතර, එමගින් පිලිකා ‍සෛල වලට එ‍රෙහිව ක්‍රියාත්මකවීමක් සිදු ‍වේ. තවද, ‍මෙමගින් පිලිකා මර්දන‍යේදී භාවිත වන රසායනික හා විකිරණ ප්‍රතිකාර වලින් ඇති වන අතුරු ආබාධ ද අවම වන බව ඔහු විසින් ‍සොයා ‍ගෙන ඇත.
දියවැඩියා ‍රෝග පාලන‍යේදී Ganoderma lucidum  සතු සුවි‍ශේෂී හැකියාව ‍කොතෙක් ද යන්න පිළිබ චීන‍යේ ‍හොං‍‍කොං සරසවි‍යේ පර්‍යේෂක කණ්ඩායමක් ‍පෙන්වා ‍දෙනු‍යේ, ‍මෙමගින් රුධිර‍යේ පවතින සීනි සාන්ද්‍රණය පහත ‍හෙලන බවයි. ඔවුන් විශ්වාස කරනු‍යේ,  රුධිර‍ ග්ලූ‍කෝස් නිෂ්පාදනයට අවශ්‍ය වන එන්සයිම ක්‍රියාකාරීත්වය ‍මෙමගින් නි‍ශේධනය කරන බවයි.




3D structure of cellulose, a beta-glucan polysaccharide.

මීට අමතරව, ‍මෙම බිම්මල් වි‍ශේෂයේ අඩංගු ඖෂධීය සං‍යෝග හෘදය, ‍‍පෙනහළු, අක්මාව, අග්න්‍යාසය, හා වෘක්ක වැනි ඉන්ද්‍රියන් මත  ක්‍රියාකාරී වී ශ්වසන, පරිවහන, ස්නායු, ජීර්ණ හා අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධති‍යේ ඇති වන ‍රෝගාබාධ සුව කිරී‍මේ හැකියාව ද ඇති බව සොයා ‍ගෙන ඇත.




උපුටා ගැනීම්.
http://foodmatters.tv/articles-1/a-magic-mushroom-that-fights-cancer-diabetes
https://www.super ganoderma.com/about_Ganoderma/Ganoderma_Lucidium_Key_Effects/

0 comments:

Post a Comment