February 24, 2014

චැනල් වෙනස් කරන මුද්ද (Fin)

විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ හා ක්‍රියා පාලනය කිරීමේ හැකියාව ඇති ශරීරය පැළදිය හැකි කුඩා උපකරණ (ගැජට්) නිෂ්පාදනය අසීමිතව සිදුවේ. මහපටැඟිල්ලේ පළඳින මුදුවක් වු Fin නිෂ්පාදනය කර ඇත්තේ විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ හා සම්බන්ධ වීමට පමණක් නොවේ. ඒවා සමග ක්‍රියාකරන ක්‍රමවේද වෙනස් කිරිමද අරමුණු කරගෙනය.
මහපටැඟිල්ලේ පළඳින Fin තුල සංවේදකයක් අඩංගු කර තිබේ. එමඟින් අල්ලේ විවිධ චලනයන්හී සම්බන්ධතාවයන් හඳුනාගත හැකිය. තවද එයට ඇඟිලි පුරුක් වල වෙනස් කම් දැනගත හැකි අතර ඇඟිලි සහ අල්ල, ඉලක්කම් පමණක් සහිත යතුරු ලියනයකට පරිවර්තනය කළ හැකිවේ. Fin නිකුත් කරන සංඥා විවිධ උපකරණ ක්‍රියාකරවීමට හැකි නියෝගවල පරිවර්තනය කර බ්ලූටුත්( Bluetooth 4.0) තාක්ෂණය මඟින් සම්ප්‍රේෂණය කරයි.
Finට විවිධ සහ බොහෝ යෙදුම් ක්‍රියාත්මක කිරීමේ විභවයක් ඇත. රුපවාහිනි යන්ත්‍රයේ චැනල් මාරු කිරීමට සහ ශබ්දය පාලනය කිරීමට මුදුව සහිත මාපටැඟිල්ල විවිධ දිශාවලට යොමුකිරීම සහ නැමීම ප්‍රමාණවත් වේ. ජංගම දුරකථන පාලනය කිරීම, විඩියෝ ක්‍රිඩාවේ යෙදීම යනාදිය සඳහාද මෙය භාවිතා කළ හැකිය. 

ඇන්ඩ්‍රොයිඩ්, IOS සහ වින්ඩෝ දුරකථන මෙහෙයවීම සම්බන්ධව මෘදුකාංග නිෂ්පාදනයට එම ආයතන සමඟ කටයුතු කරයි. LED දර්ශකයන් සහිත Fin මුද්ද තුල නැවත ආරෝපනය කළ හැකි ලිතියම් බැටරියක් තිබේ. ජලය හෝ දුවිලි නොරැඳෙන මුද්ද සුදු, තැඹිලි, කළු. නිල් සහ කොළ වර්ණවලින් නිෂ්පාදනය කර ඇත. සැප්තාම්බර් මාසයේ රු. 13,000 කට වික්ණිමට අපේක්ෂිත Fin සම්ප්‍රදායික රන් මුදුව පුනස්ථාපනය කරනු ඇත්ද?

උපුටා ගැනීම :-
 FIN THUMBGETS GESTURE CONTROL IN HAND   By Nick Lavars

0 comments:

Post a Comment