February 7, 2014

අද්භූත සුපිරි ද්‍රව්‍යය - ග්‍රැෆීන්

ග්‍රැෆීන් වල ඇති අසාමාන්‍ය ගති ලක්ෂණ සහ ප්‍රතිලාභ විද්‍යා ප්‍රබන්ධ වල මනංකල්පිතයක් බඳුය. වර්තමාන ලෝකයේ වෙනස් ක හැකි මෙම සුපිරි අද්භූත ද්‍රව්‍යය විශාල ලෙස භාවිතයට පෙර එහි ජිව්‍යතාව සම්බන්ධ බාධක කිහිපයක් මඟ හරිය යුතුය.
ග්‍රැෆීන්  ම් මෙම සුපිරි අද්භූත ද්‍රව්‍ය හඳුනාගෙන වසර  10 ක පමණ කාලයක් ගත වී ඇතත් එය පොදු භාවිතය සඳහා මෙතෙක් විවර වී නොමැත. එහෙත් Apple, IBM, Saab, සහ Lockheed Martin  වැනි සුපිරි සමාගම් මඟින් ග්‍රැෆීන් සම්බන්ධ විවිධ පේන්ට් බලපත්‍ර  සඳහා කර ඇති ඉල්ලීම් අනුව එහි විද්‍යාත්මක උනන්දුව සහ වටිනාකම පැහැදිලි වේ.ද්‍රව්‍යාත්මක ලෝකය පිළිබඳ දැණුම විප්ලවයකට භාජනය කරන ග්‍රැෆීන් ද්‍රව්‍ය ලන්දේසි-බ්‍රිතාන්‍ය ජාතික භෞතිකඥ ඇන්ඩ්‍රි ගේයීම්  සහ සහකරු කොස්ටියා නොවෙස්ලව් විසින් සොයාගෙන තිබේ.ඒ වෙනුවෙන් ඔවුහු 2010 වසරේදී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් සම්මානයෙන් පුද ලැබුවෝය.මෙම අද්භූත සුපිරි ග්‍රැෆින් පිළිබඳ කෙටි පැහැදිලි කිරිමක් පහත දැක්වේ.
1.     සුපිරි තුනීබව
ත්‍රිමාණ ලෝකයේ ප්‍රථම ද්වි මාන ද්‍රව්‍ය ලෙස සැලකීමට තරම් මෙය තුනීය. එහි ඝනකම පරමාණුවක ප්‍රමාණය වේ. පාපන්දු ක්‍රිඩා පිට්ටනික් පිරවිය හැකි ප්‍රමාණයක  ග්‍රැෆීන් වල මුළු බර ග්‍රැම් 1 කි. පරමාණුව කැබලි කළ හැකි නමුත් පරමාණුවට වඩා  කුඩා ද්‍රව්‍යයක්  නිෂ්පාදනය කළ නොහැකිය. ද්විමාන ද්‍රව්‍යයක පැවැත්ම විද්‍යායින් විසින් පිළිනොගනී. එනිසා තුනී බවින්  ග්‍රැෆීන්  සුපිරි හා අද්භූත වේ.
2.     සුපිරි ශක්තිමත් බව
වානේ මෙන් 200 ගුණයක විශ්වාස කළ නොහැකි ශක්තියක් ග්‍රැෆීන් ද්‍රව්‍යයට තිබේ. අලියෙකුගේ බරක් සහිත තුඩකට වුව අඟලෙන් දහසකින් පංගුවකට වඩා අඩු(< 1/1000) ග්‍රැෆීන් ස්ථරයක් සිදුරු කළ නොහැක. ග්‍රැෆීන්, දියමන්ති වලට වඩා ශක්තිමත්ය.එනම් ග්‍රැෆීන් ඉතා ශක්තිමත් එහෙත් ඉතා සැහැල්ලු ද්‍රව්‍යයකි.
3.     Silicon  තාක්ෂණයේ ඉදිර පියවරක්
සුපිරි සැහැල්ලු බවකින් සහ සුපිරි ශක්තිමත් බවකින් යුත් ග්‍රැෆීන් ද්‍රව්‍ය සත්‍ය වශයෙන් සුපිරිය, අද්භූතය ඇන්ඩ්‍රි ගේයිම් පවසයි.ග්‍රැෆීන් පිත්තලවලට වඩා දහස්වාරයක් හොඳ විදුලි සන්නායකයකි. එපමණක් නොව එය ඉතා හොඳ තාප සන්නායකයක්ද වේ. Silicon හොඳ තාප සහ විදුලි සන්නායක වන නමුත් ග්‍රැෆීන් , Silicon මෙන්  බිඳෙන සුළු නොවේ, කොතරම් ශක්තිමත් වුවත් නැමිය හැකිය.(ඉහල නම්‍යශීලිතාවයක් ඇත.) එනිසා මෙය Silicon තාක්ෂණය අභිබවා විදුලි, විද්‍යුත් නිර්මාණ කිරීම සඳහා භාවිතාවනු ඇත.සැහැල්ලු නිසා ප්ලාස්ටික් වෙනුවට භාවිතා විය හැකිය.
  
         4.මිල අධිකය
පැන්සල් සඳහා භාවිතා කරන ග්‍රැෆයිට් (graphite) මඟින් ග්‍රැෆීන් නිශ්පාදනය කළ හැකි වුවද එය මිල අධිකය.පරීක්ෂණ වලදී හැකි තරම්  තුනී ග්‍රැෆයිට් ස්ථර සැදීමේ උත්සයේදී ග්‍රැෆීන් හඳුනාගෙන තිබේ. ග්‍රැෆීන් ස්ථරයක් සහිතව ත Foil වර්ග අඟලක් රු. 6000 කට වැඩිය. ට්‍රාන්සිස්ටර් වැනි දේ සඳහා ග්‍රැෆීන් භාවිතයට වර්ග ඟලකට රු.200 කට වඩා ද ස්පර්ශක තිර සඳහා භාවිතයට වර්ග ඟලකට රු. 20 කට වඩාද අඩු විය යුතු බව  නිෂ්පාදක සමාගම් පවසයි.
5.බහු විධි බව
ඉහල බහු විධි ස්භාවයක් සහිතය. වීදුරු,යකඩ සහ කාබන් මුලාශ්‍ර සමඟ මිශ්‍ර විමෙන්පසුවද ග්‍රැෆීන්  වල සුපිරි ලක්ෂණ රවා ගැනිමේ හැකියාව තිබේ. ඒ නිසා සුළු හා විශාල පර්යෂණ සමාගම් ග්‍රැෆීන් වලින් විවිධ නිෂ්පාදන සඳහා පේටන් බලපත්‍ර ලබා ගැනිමේ තරඟයක යෙදේ. දැනටමත් තින්ත, ට්‍රාන්සිස්ටර්, අහස්යනා තටු, පරිගණකටීවි, බැටරි, නම්‍යශිලි සපර්ශක තිර, මල නොබදෙන ආලේප, ටයර්, ලුනු වතුර පෙරණ, සූර්ය කෝෂ,ටෙනිස් පිති, ඇන්ටෙනා ,ජනේල පමණක් නොව ජීව පටක වගාව සඳහා ග්‍රැෆීන් යොදා ගැනේ . කෙසේ වෙතත් මිනිසුන්ට මෙහි විෂ සහිත බවක් ඇත්දැයි පරික්ෂා කිරීමද පර්යෙෂකයින්ගේ වගකීම වේ.

උපුටාගැනීම:
 Graphene: 'Miracle material' will be in your home sooner than you think
By Stefanie Blendis, CNN
updated 11:41 AM EDT, Sun October 6, 2013 | Filed under: Innovations

0 comments:

Post a Comment