July 8, 2014

සුදුලූනු පිළිබද මේ රසවත් තොරතුරු ඔබ දන්නවාද?


සාමාන්‍ය එදිනෙදා ඉවුම් පිහුම් කටයුතු වලට යොදා ගන්නවාට අමතරව ප්‍රයෝජනවත් වෙනත් බොහෝ කාර්යයන් වලට සුදුලූනු භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද?

1. ගෙවත්තේ සිටින කෘමීන් පලවා හරින කෘමිනාශකයක් ලෙස යොදා ගැනීමට හැකි විම.
රසායනික කෘමිනාශක යෙදීමෙන් වැළකී ඒ වෙනුවට ස්වභාවික කෘමිනාශකයක් ලෙස සුදුලූනු භාවිතා      කල හැකිය මෙය වේගවත්ව සහ පහසුවෙන් සකස් කරගත හැකිවාක් මෙන්ම   ආර්ථිකමය වශයෙන් ලාභදායි හා පරිසරයටත්  ඔබගේ  සෞඛ්‍යයටත් හිතකර කෘමිනාශකයකි.
සුදුලූනු බික් එකක් හෝ දෙකක් තලා භාජනයක පතුළට දමා එය වැසෙන සේ උණු වතුර වත්කරන්න. දැන් එම භාජනයේ මූඩිය වසා  ද්‍රාවනය දිනක් නොසොල්වා තබන්න. ඉන් පසු එම ද්‍රාවනය පෙරා එය සබන් වතුර සමග මිශ්‍ර කර දියර ඉසිනයකට දමා කෘමිහානි ඇති ශාක වලට ඉසින්න. මෙම ක්‍රමය අත්හදා බැලීමෙන් මෙහි සත්‍ය අසත්‍ය  බව ඔබටම අත්විදිය හැකිය.
2. මදුරුවන් සහ අනෙකුත් කෘමීන් පළවා හරින විකර්ෂකයක් ලෙස භාවිතා කල හැකි වීම.
ලේ උරා බොන වැම්පයරයන් බියගැන්වීම සදහා සුදුලූනු උපයෝගී කරගන්නා බව අප අසා ඇති කරුණකි.නමුත්  මෙසේ වන්නට හේතුව කුමක්ද යන්න පිළිබදව ඔබට යම් අදහසක් තිබේ ද? මේ සම්බන්ධව වන එක් මතයක් නම්  ලේ උරා බොන වැම්පයරයන් වැනිම වූ මදුරුවන් සුදුලූනු වල ගන්ධයට බිය විම. සුදුලූනු ඇගේ තවරා ගැනීමෙන් මදුරුවන් ගෙන් ආරක්ෂා වීමට හැකි බව මෙන්ම මදුරුවන් ගැවසෙන ස්ථාන වල සුදුලූනු බික් අතුරා තැබීමෙන් උන් පළවා හැරිය හැකි බව ඔබ දන්නවාද?
3.  ඔබගේ සුරතල් සතුන් ගේ ආහාරය සදහා සුදුලූනු දීමෙන් වළකින්න.
බල්ලන් හා බළලුන් මැක්කන් ගෙන් මැස්සන්ගෙන් සහ වෙනත් හානිකර කෘමීන්ගෙන් ආරක්ෂා කරගැනීමට සුදුලූනු උපකාරි වන බව බොහෝ දෙනෙක් ගේ මතයයි. කෙසේ නමුත් මෙම අදහස සත්‍ය වුවත් සිව්පා සතුන්ට සුදුලූනු ආහාරයට දීම අන්තරායකාරී විය හැකිය. සුලු ප්‍රමාණ වලින් ආහාරයේ සුදුලූනු අඩංගු වීම විෂ සහිත නොවුනත් එය අවදානමක් බැවින් වැඩිපුර සුදුලූනු අඩංගු ආහාර ඔබගේ  සුරතලුන් ට දිමෙන් වළකින්න.
4.  බිදුනු වීදුරු අලුත් වැඩියාව සදහා සුදුලූනු .
ඔබගේ සුලු වශයෙන් හානි වූ වීදුරු බුන් සදහා මෙම ක්ෂණික පිළියම පිළිබද සිතා බලන්න.
අඹරාගත් සුදුලූනු වල ඇලෙන සුලු යුෂය වීදුරුවේ සීරී ඇති තැන ප්‍රවේසමෙන් තවරන්න. වැඩිපුර ඇති යුෂ පිස දා ඉවත් කරන්න. සුදුලූනු  ස්වභාවික මැලියම් විශේෂයක් බැවින් එය පලුදු වූ වීදුරු කොටස් එකිනෙක සම්බන්ධ කර වැඩිදුරටත් සිදුවිය හැකි හානි වලින් වළකා ලයි.
5. මැලියම් විශේෂයක් ලෙස යොදා ගැනීම
ඉහත සදහන් කල පරිදි සුදුලූනු වල ඇති ඇලවිමේ හැකියාව හේතුවෙන් එය නොයෙකුත් දේ ඇලවීමට යොදාගත හැකිය. උදාහරණයක් ලෙස කඩදාසි ඇලවීමට මෙය මැලියම් ලෙස භාවිතා කල හැකිය.
6. මතුපිට පිරිසුදු කාරකයක් ලෙස
සුදුලූනු බික් තුන හතරක් තලා ගෙන සුදු විනාකිරි පුරවාගත් දියර ඉසින යකට දමා ගන්න. මෙයට ලෙමන් යුෂ බිංදු කිහිපයක් එකතු කරගන්න.ඉතා කදිම විෂබීජ නාශක දියරයක් දැන් ඔබට ලැබී ඇත.
7. සිසිල් කාරකයක් ලෙස යොදා ගැනිම
සුදුලූනු ආහාර ද්‍රව්‍ය වල උෂ්ණය ඉහල නංවන ඖෂධයක් වුවද ප්‍රභල සුර්ය රශ්මියෙන් එය ඔබ ආරක්ෂා කරන බව ඔබ දන්නවාද? කාන්තාරමය ප්‍රදේශ වල වැඩෙහි යෙදෙන ගොවියන් සුදුලූනු පෙති සහ මිරිස් එකට ඔතා ගෙන ගොවි බිම් වෙත ගෙන යනු ලබන්නේ ඉහත කී පරිදි ඌෂ්ණය මගහරවා ගැනීමටය.
8. හිසකෙස් හැලීම වළකන උදව්කරුවෙක් ලෙස
සුදුලූනු තෙල් හිස ගල්වා සම්බාහනය කිරීමෙන් හිසකෙස් වර්ධනය වීම උත්තේජනය කරනු ලබන බව විද්වතුන්ගේ මතයයි.
9. ආමාශගත දැවිල්ල වළක්වා ගැනීමට
ගෙන්දගම් බහුල ආහාරයක් වන සුදුළුනු භාවිතය සමහරුන්ට ආමාශගත අසහනය ඇති කරන අතර තවත්
සමහරකට ඇත්ත වශයෙන්ම එය එසේ නොවේ. මෙයට හේතුව ආමාශයේ සුවතාවය ආරක්ෂා කර ගැනීමට   නම් සුදුලූනු භාවිතා කල යුත්තේ ක්‍රමානුකූලව බවයි. ආහාර ජීරණ පද්ධතියේ සිටින අහිතකර බැක්ටීරියා විනාශ කිරීමට සුදුලූනු මහෝපකාරි වන අතර හිතකර බැක්ටීරියා වර්ධනය වැඩි දියුණු කිරීම සදහා ද බෙහෙවින් උපකාරී වේ.
 
    උපුටා ගැනීම - http://www.fitnea.com/10-interesting-uses-of-garlic

0 comments:

Post a Comment