July 2, 2014

දුම්පානයෙන් විපතේ වැටෙන්නේ ජාන තෙද බල අනුවයි.

දුම්පානයෙන් විපතේ වැටෙන්නේ ජාන තෙද බල අනුවයි.

 

දුම් පානය පෙනහළු පිළිකා වලට අත වනනවා. ඒත් ඇතැම් බරපතල ලෙස දුම් පානය කරන්නන් පෙනහළු පිළිකා වලට නතු නොවන අතරේ ඇතැමුන් ඉතා පහසුවෙන් මේ විපතේ වැටෙනවා. 
ඊශ්‍රාලයේ විද්‍යා අධ්‍යයන පිළිබඳව වයිස්මාන් ආයතනයේ පර්යේෂකයින් කණ්ඩායමක් මෙහි රහස අනාවරණය කරගෙන තිබෙනවා.
මේක එක් එක් කෙනාගේ DNA සැකසුම පිළිබඳවප්‍රශ්නයක්.දුම්පානය නිසා සිරුරේ DNA වලට කොහොමත් හානි පැමිනෙනවා.ඇතැමෙක්ගේ මේ හානිය බොහෝම ඉක්මනට අලුත්වැඩියා වෙනවා.ඒත් සියයට 10-16 අතර ප්‍රමානයකගේ මේ හානිය විදිහටම පිළිසකර වන්නේ නෑ. මෙන්න මේ අය තමයි බොහෝම පහසුවෙන් දුම්පානය නිසා පෙනහළු පිළිකා වලට ගොදුරු වන්නේ.
දුම්කොළ සතු හානිකර රසායන හා ගැටුණු විට DNA වල ඇතැම් අංග ප්‍රත්‍යංග මකා දමන OGC නම් එන්සයිමයක් පිළිබඳව මේ විද්යාඥයින් දැන් පරීක්ෂණ කරනවා. ඔවුන්ගේ අරමුණ රුධිර පරීක්ෂාවක් මඟින් OGC එන්සයිමයේ ක්‍රියාකාරිත්වය මැනීමයි. සාමාන්‍ය අළුත්වැඩියා වීමේ හැකියාව තිබෙන පුද්ගලයන්ට සාපේක්ෂව 5-10 ගුණයකින් පමණ මේ අඩුලුහුඩුතාව පවතින පුද්ගලයින්ගේ පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානම ඉහළයි.
Source ; Journal of the national cancer institute.

0 comments:

Post a Comment