July 16, 2014

කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරමු




කඩදාසි යනු අපට අත්‍යාවශ්‍ය දෙයකි.නමුත් කඩදාසි නිෂ්පාදනය සදහා කපා හෙලන ශාක ප්‍රමාණය අති මහත්ය.එය වන ගහනය අඩුවිම කෙරෙහි බලපාන බැවින් ගෝලීය උෂ්ණත්වය වැඩිවිම වැනි අහිතකර තත්ව ඇතිවිමට හේතුවේ.කඩදාසි ප්‍රතිචක්‍රීකරණය යනු මෙම අහිතකර තත්වයන්ගෙන් ලෝකය මුදා ගැනීමට ඇති එක් මගකි.



කඩදාසි ටොන් එකක් නිෂ්පාදනය සදහා හොදින් වැඩුන ගස් විස්සක පමණ පල්පය අවශ්‍යවේ.ලෝක වෙළදපොලේ කඩදාසි අවශ්‍යතාවය සපුරාලීම සදහා විශාල ප්‍රමාණයෙන් සිදුවන වන විනාශයේ ප්‍රතිඵල ශාක හා සත්ව විවිධත්වයට බලපානවාසේම වනාන්තර විනාශකිරීමේ අනෙකුත් අනිටු ඵල විපාක සියල්ලටම හේතුවේ.ශාක වායු ගෝලයේ කාබන්ඩයොක්සයිඩ් අඩුකිරීමටත් ආහාර නිෂ්පාදනයටත් දක්වන දායකත්වය අපි සියලුදෙනාම දනිති.අවාසනාවකට වක්‍රව හෝ මෙවන් වටිනා ශාක සම්පත විනාශ කිරීමට අපද හවුල්කරැවන් වී සිටිති.එයින් යම් තරමකින් හෝ බැහැරවීමට නම්  
                                   අපි කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරමු.
එක් කාර්යාලයකින් අවුරැද්දක් තුල කෙතරම් කඩදාසි ප්‍රමාණයක් ඉවත දමනවාද?සාමාන්‍යයෙන් එය කිලෝග්‍රෑම් විස්සක් තිහක් පමණ විය හැකිය. රටේම තිබෙන කාර්යාල ප්‍රමාණය සැලකුවහොත් එය අති විශාල ප්‍රමාණයක් වනු ඇත.කඩදාසි නිෂ්පාදනය කරන විට අධික ශක්තියක් අධික ජලප්‍රමාණයක් හා අධික රසායනික දව්‍ය ප්‍රමාණයක් භාවිතා කරන අතර ඉවතලත අපදව්‍ය ප්‍රමාණයද අධිකවේ.
නමුත් කඩදාසි ප්‍රතිචක්‍රීකරණයේදී ඒ සියල්ලම සාපේක්ෂව අවම වීම විශේෂත්වයකි.එබැවින් කඩදාසි ප්‍රතිචක්‍රීකරණය යනු පරිසර හිතකාමි ව්‍යාපෘතියකි.
කඩදාසි ප්‍රතිචක්‍රීයකරණය තුලින් කසල කළමනාකරණයට ආදායම් උත්පාදනයට ස්වභාවික සම්පත් අවභාවිතය වැළැක්වීමට හා වනාන්තර ඇතුලු ස්වභාවික පරිසරය ආරක්ෂා කිරීමට ඔබටද දායක විය හැක.








0 comments:

Post a Comment