July 14, 2014

ආහාරයේ ඇති කොලෙස්ටරෝල් උරා ගැනීම අඩු කර ගැනීම

අප ශරීර අවශ්‍යතාවයට වඩා ආහාර ගත් විට, වැඩිමනක් ෂෝෂණ කොටස් ශරීරයට උරා ගෙන ශරීරයේ මතු ප්‍රයෝජනය සදහා තැම්පත් කර ගනී. එය ස්ථුලතාවය සහ අධික රුධිර පීඩනය, රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාම වැනි රෝගාබාධ රාශියකට මූලික හේතුව වේ.
එහෙත් අප ආහාරයේ ඇති ඇතැම් ආහාර කොටස්(තන්තු) මේදය සමග සම්බන්ධ වී මේදය ශරීරයට අවශෝෂණය වීම අඩු කරනු ලබයි.
තන්තු වනාහී මිනිසාට දිරවන්නට නොහැකි ආහාර කොටසකි. ඒ නිසා එය ශරීරයට උරා ගත නොහැක. ආහාරයේ ඇති තන්තු කෙටස් අසූචි සමග ශරීරයෙන් පිට වී යයි.
අප ආහාරයට ගනු ගබන තන්තු කෙටස් දෙකකට බෙදිය හැකිය.
1.     කඨෝර තන්තු
2.     සූක්ෂ්ම තන්තු
කඨෝර තන්තු යනු ඇසට පෙනෙන සිවුම් කෙදිය. කඨෝර තන්තු බහුල ව ඇති ආහාර වනුයේ,
මුල්/අල වර්ග          - කැරට්,අල්තාපල්,කොහිල
ධාන්‍ය වර්ග  - රතු හාලේ බත, කුරක්කන් අඩංගු ආහාර
එලවළු වර්ග - ගෝවා , මුරුංගා
පලතුරු වර්ග - කොහු අඹ, අඹරැල්ලා
කඨෝර තන්තු මලබද්ධය අඩු කරන අතර පිළිකා කාරක වැනි ශරීරයට අහිතකර ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමට උපකාරී වේ.
එහෙත් හෘද රෝග සම්බන්දයෙන් වැදගත් වනුයේ සූක්ෂ්ම තන්තු මිස කඨෝර තන්තු නොවේ.
සූක්ෂ්ම තන්තු පියවි ඇසට නොපෙනෙන තන්තු විශේෂයකි. සූක්ෂ්ම තන්තු බහුලව අති ආහාර වනුයේ,
පියලි ඇට වර්ග       - බෝංචි, කවිපි,සෝයා
එලවළු වර්ග - ගෝවා, මැල්ලුම් කොළ වර්ග
පලතුරු වර්ග - පැපොල්, පේර, කෙසෙල්
ආහාර මාර්ගයේ ඇති ආහාර මිශ්‍රනයේ දිය වී ඇති සූක්ෂ්ම තන්තු වලට එම ආහාර මිශ්‍රණයේ ඇතැම් සංඝටක සමග සම්බන්ධ වීමට හැකියාව ඇත. විශේෂයෙන් ආහාර මාර්ගයේ ඇති මිශ්‍රණයේ මේද කොටස් සහ සීනි කොටස් සමග සම්බන්ධ වීමට සූක්ෂ්ම තන්තුවලට හැකියාව ඇත. එවිට අප ආහාරයට ගන්නා ආහාරයේ ඇති අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ඇති මේද කොටස් සහ සීනි ශරීරයට අවශෝෂණය වීම අඩු වේ.       
තවද සූක්ෂ්ම තන්තු මගින් ආහාර මාර්ගයේ ඇති පිත ආපසු උරා ගැනීමද පහල බස්වනු ලැබේ. එසේ සිදු වන්නේ පිතත් සූක්ෂ්ම තන්තු සමග සම්බන්ධ වී ශරීරයෙන් ඉවත් වන බැවිනි. එවිට දින පතාම අසූචි සමග පිත ඉවත් වන බැවින් ශරීරයට අවශ්‍ය පිත සාදා ගැනීම පිනිස අක්මාව කොලෙස්ටරෝල් පරිභෝජනය කරනු ලබයි.  ( ශරීරය පිත සාදනුයේ කොලෙස්ටරෝල් භාවිතයෙනි. ) එවිට ශරීරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණයද පහල බසී.
ආහාර වර්ග කිහිපයක ඇති තන්තු ප්‍රමාණය පහත දැක්වේ.
ආහාරය
ප්‍රමාණය
තන්තු (ග්‍රෑම්)
පාන්
පෙති 01
0.76
තිරිගු පිටි
කෝප්ප ½
1.97
රතු හාල් පිටි
කෝප්ප ½
5.73
දොඩම්
ගෙඩි 01
2.05
කෙසෙල් (ඇඹුල්)
ගෙඩි 01
1.75
ඇපල්
ගෙඩි 01
1.63
අඹ
ගෙඩි 01
2.62
මිදි
කෝප්ප ½
1.58
රටකජු
කෝප්ප ½
6.73
ගෝවා ( තැම්බූ)
කෝප්ප ½
2.05
කැරට්
කෝප්ප ½
2085
බඩ ඉරිගු
කෝප්ප ½
4.66
බෝංචි
කෝප්ප ½
2.18
මෑ (තැම්බූ)
කෝප්ප ½
6.65
අල
කෝප්ප ½
1.93
ලූනු
කෝප්ප ½
1.78
වම්බටු
කෝප්ප ½
1.89


0 comments:

Post a Comment