July 3, 2014

දකුණු කොරියාවේ අන්තර්ජාල විප්ලවය.....

ලෝකයේ දියුණු රටවල් රාශියක් 4G අන්තර්ජාල සේවය ව්‍යාප්ත කිරීමට සැරසෙද්දී දකුණු කොරියාව විසින් 5G සඳහා මුදල් ආයෝජනය කර ඇතැයි විදෙස් වාර්තා වල සඳහන් වේ.
දැනට දකුණු කොරියාවේ තිබෙන 4G  හරහා තත්පරයකට බාගත කර ගත හැක්කේ මෙගා බයිට් 75 කි. අනුව මෙගා බයිට් 800 චිත්‍රපටියක් බාගත කිරීමට තත්පර 40 ක් ගතවේ.කෙසේ වුවද  5G වලින් සඳහා ගත වන කාලය තත්පරයකි.
ලෝකයේ වේගවත්ම අන්තර්ජාල සබදතා තිබෙන රටවල් 10 අතර දකුණු කොරියාව සිටී. ඇමෙරිකාවේ අන්තර්ජාල වේගයන්ගේ සාමාන්‍ය අගයට වඩා දකුණු කොරියාවේ වේගය 65% කින් වැඩි බවද පැවසේ.මෙම ව්‍යාපෘතිය සඳහා ඔවුන් විසින් ඩොලර් බිලියන 1.5 ක් ආයෝජනය කර තිබෙන බවයි එරට විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.
මෙම ව්‍යාපෘතියේ අත්හදා බැලීමේ කටයුතු තවත් වසර 3 කින් හෙවත් 2017 දී ආරම්භ කරන අතර 2020 දී එරට ජනතාවට 5Gජාලය භාවිතා කළ හැකි බව පැවසේ අල්ට්‍රා HD වීඩියෝ හා හොලෝග්‍රම් වීඩියෝ සම්ප්‍රේෂණය සඳහා මෙය බොහෝ ප්‍රයෝජනවත් වේ යයි අපේක්ෂා කෙරේ.
ලෝකයේ ජංගම දුරකථන නිෂ්පාදනයෙන් 30% බලය අල්ලා ගෙන සිටින්නේ කොරියාව විසිනි. එම නිසා  LG හා Samsung සමාගම් හා එක්ව 5G සඳහා අවශ්‍ය ජංගම දුරකථන ඉදිරියේදී නිපදවිමටද දකුණු කොරියාව බලාපොරොත්තුවෙන් සිටින බව පැවසේ.පසු ගිය මැයි මාසයේ Samsung සමාගම විසින් නිවේදනය කලේ තම සමාගම 5G ජාලය අත්හදා බැලූ බවයි. අනුව ගිගා බයිට් 1 ක් තතපරයක් තුලදී 2km දුරක් යවා පරීක්ෂා කර තිබේ. සඳහා ඇන්ටෙනා 64 ක් භාවිතා කර තිබුණි.
උපුටා ගැනීම :- facebook

0 comments:

Post a Comment