July 15, 2014

ඔබ දුම්පානයට ඇබ්බැහි වූවෙක් ද?

දුම්බීම ‍කොතෙක්  ශරීරයට අහිතකර බලපෑම් ඇති කළ ද අප සමාජය තුළ දුම්පානයට ‍යොමු වූ පිරිසක් තවමත් සිටිති.

දුම්කොළ නිෂ්පාදන (Tobacco Products) යනු මිනිස් ශරීරයට ඉතා අහිකර විෂ රසායන ද්‍රව්‍යයන්ගේ එකතුවකි. සාමාන්‍ය‍යෙන් එක් දුම්වැටියක් දහන‍යෙන් ‍මෙවැනි විෂ රසායන ද්‍රව්‍ය 4000 කට අධික ප්‍රමාණයක් නිකුත් වන බව සොයා ‍ගෙන ඇති අතර, ඉන් රසායන ද්‍රව්‍ය 70 ක් උග්‍ර පිලිකාකාරක ‍වේ.
ඔබ දන්නා නි‍කොටීන් (C10H14N2) යනු මෙවැනි එක් විෂ රසායනික ද්‍රව්‍යයන්ගෙන් එකක් පමණි. 
මීට අමතරව දුම්වැටියකින් නිකුත්වන සෑම දුම් වළාවකම කාබන්මො‍නොක්සයිඩ් (CO), ඇසිටැල්ඩිහයිඩ්  (CHCHO), නයි‍ට්‍රොස්ඇමීන්ස් ( R1N(-R2)-N=O), හයිඩ්‍රජන් සයනයිඩ් (HCN), හා  විෂ සහිත බැරලෝහමය මූලද්‍රව්‍ය ‍ඇතුළු බොහොමයක් විෂ රසායනික ද්‍රව්‍ය ඇත.

 

මෙම විෂ රසායන ද්‍රව්‍ය මිනිස් සිරුරට ඇතුල් වීමෙන් පසු බලපාන අන්දම විමසා බලමු.
01.           නි‍කොටීන් (Nicotine) - පුද්ගල‍යෙකු දුම්පානයට ඇබ්බැහි වීමට යොමු කරන ප්‍රධාන සංගඨකය නිකොටීන් ‍වේ. ‍මෙය කෘමිනාශක වල අඩංගු විෂ රසායනිකයක් ‍වේ. සාමාන්‍ය‍යෙන් දුම්පාන‍යෙන් තත්පර 7 -10 ක් වැනි ‍කෙටි කාල පරාසයක් තුළ නි‍කොටීන් මොළය දක්වා ගමන් කරන අතර, එක් දුම්වැටියක නි‍කොටීන් 10mg ක් පමණ අඩංගු ‍වේ.

02.           පිලිකාකාරක රසායන ද්‍රව්‍යය. (Carcinogen) - මේ යටතට ‍
·              බෙන්සීන් (C6H6)  - කෘමිනාශකවල අඩංගු විෂ රසායනිකයකි .
·               ‍‍‍‍‍ෆෝමැල්ඩිහයිඩ් (CH2O) - මළ සිරුරු කල් තබා ගැනීමට භාවිතා වේ.  
·              TSNAs (Tobacco - Specific N - Nitrosamines) ,
      හා
·      Vinyl Chloride - මිනිසා විසින් නිෂ්පාදිත කෘත්‍රිම රසායනිකයක් වන අතර ප්ලාස්ටික් කර්මාන්ත‍යේ දී භාවිතයට ගැනේ. ‍මෙය දුම්වැටියක ‍පෙරණයෙහි ඇත.
·              විෂ සහිත බැර ‍ලෝහ (Toxic Heavy Metals) -‍මේ අතර

I.           ආසනික් (As)  - කෘමිනාශකවල අඩංගු විෂ රසායනිකයකි.
II.             කැඩ්මියම් (Cd)  - බැටරි නිෂ්පාදනයේ දී මෙම ‍ලෝහය භාවිතා වේ. සාමාන්‍යයෙන් දුම් පානය නොකරන පුද්ගලයෙකු හා සැසදී‍මේ දී කැඩ්මියම් දෙගුණයක පමණ ප්‍රමාණයක් ‍දුම්පානයට ඇබ්බැහි වූ‍වෙකු ‍ගේ  ශරීරය තුළ අන්තර්ගතය.
III.               විකිරණශීලී මූලද්‍රව්‍ය (Radioactive Heavy Metals)
‍ලෙඩ් (Pb - 210) හා ‍පො‍‍ලෝනියම් 210 (Po - 210) ‍මේවා විකිරණශීලී බැර‍ලෝහ ‍වේ.

03.              විෂ වායුන් (Poisonous Gases)
I.     කාබන් ‍මො‍නොක්සයිඩ් (CO) - රුධිර‍යේ රතු ‍සෛල වල ඇති හි‍මොග්ලොබින් හා එකතු වී ඔක්සිජන් පරිවහනයට බාධා ඇති කරයි. එ‍මෙන්ම හෘද ‍රෝගවලට ද ‍හේතුවකි.
II.     Ammonia - සාමාන්‍ය‍යෙන් පිරිසිදුකාරක හා පො‍හොර තුල අඩංගුය. නිකොටින්වල ක්‍රියාකාරිත්වය ‍වේගවත් කිරීමට දායක ‍වේ.
III.   හයිඩ්‍රජන් සයනයිඩ් (Hydrogen Cyanide) - ඉතා විෂ වායුවකි.  මාරාන්තිකය.

දුම් පානය බොහෝ රෝග වැලදීමට ‍මූලික ‍හේතුවකි. ඒ අතර ,
·     හෘද‍රෝග (Heart Diseases) - 2-4 ගුණයකින්
·     ආගාතය (Stroke) - 2-4 ගුණයකින්                                  
·     පෙනහළු පිලිකා (Lung Cancer) -
පිරිමියකු‍ගේ 23 ගුණයකින්
               කාන්තාවන්ගේ 13 ගුණයකින්ද                                (සාමාන්‍ය පුද්ගලයකුට වඩා වැඩි‍වේ)
·        COPD (Chronic Obstructive Pulmonary Death) -
Related Death
නිදන්ගතව පවතින ‍පෙනහළු ආශ්‍රිත රෝග වලින් මිය යන සංඛ්‍යාව 12 - 13 ගුණයකින්ද මීට අමතරව, අධි රුධිර පීඩනය, සිරු‍රේ කො‍ලෙස්ට්‍ර‍රෝල් මට්ටම ඉහළයාම, ඇ‍සේ සුද ඇතිවීම, හිස‍කෙස් ගැලවීම වැනි ‍බොහොමයක් ‍රෝගවලට දුම්පානය සෘජුවම බලපායි.


 
මො‍හොතක් සිතන්න......
         ඔබ තවමත් දුම් පානය කරන්නෙකු ද? 
 

http://www.vidusara.com/2010/05/26/siga1.jpg
                        www.youtube.com

1 comments:

දුම්පානයෙන් ඇති වන කටෙහි දුර්ගන්ධය දින කියක් මුඛය තුල පවතීද...මේ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ.....

Post a Comment