July 15, 2014

දියවැඩියාවෙන් සහ ස්ථූලතාවයෙන් පෙළෙනවාද?



යෝගට් යනු කිරි පැසවීමකට බදුන් කර සාදාගනු ලබන කිරි ආශ්‍රිත ප්‍රණීත ආහාරයකි.
පැස්චරීකරණය කරන ලද කිරි වලට අදාල බැක්ටීරියාවන් එකතුකර ඔවුන්ගේ වර්ධනය සදහා අවශ්‍ය වන නියමිත උෂ්ණත්වය ලබාදෙමින් පැය 3-4 ක් රැක්කවිම මගින් යෝගට් නිපදවා ගනු ලැබේ. යෝගට් නිපදවිමේ දී කිරි වලට හදුන්වාදෙනු ලබන බැක්ටීරියාවන් මගින් කිරි වල අඩංගු සීනි (ලැක්ටෝස්) ලැක්ටික් අම්ලය බවට බිදහෙලනු ලැබේ. මෙම ආම්ලික මාධ්‍යය තුලදී කිරි වල ඇති ප්‍රෝටින ඝන ස්වභාවයට පත්වන අතර යෝගට් වලට ආවේණික රසය ලබා දිම සිදුවේ.පැය 3-4 ක රැක්කවීමේ කාලයකින් පසුව යෝගට් ශිතකරණය බහා තබනු ලැබේ. යෝගට් නිපදවා ගැනීම ඉතා සරල මෙන්ම පහසු ක්‍රමයක් වන අතර බොහෝ දෙනෙක් යෝගට් ගෙදරදිම නිෂ්පාදනය කරගැනිමට පෙළඹී තිබේ.
යෝගට් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ රැසක් තිබේ.නමුත් අද දවසේ ඔබගේ අවධානය පහත සදහන් වඩාත් සුවිශේෂී ප්‍රතිලාභ දෙක කෙරෙහි යොමු කිරීමට කැමැත්තෙමි.
1. දියවැඩියා රෝගය වළක්වන්නක් ලෙස
CDC ආයතනය ලග දී නිකුත් කරන ලද වාර්තා වලට අනුව දළ වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජනගහනයෙන් මිලියන 29 ක් දියවැඩියා තත්වයෙන් පෙලෙන අතර තවත් මිලියන 86 ක් පූර්ව දියවැඩියා තත්වයෙන් පෙලේ.
අපගේ  ජිවන ක්‍රමයේ වෙනස්කම් මගින් උදාහරණ ලෙස ශරීර බර අඩුකර ගැනිම වැනි ක්‍රියාකරකම් වලින් දියැඩියාවෙන් වැළකී සිටිය හැකි අතර වඩාත් සුවිශේෂී කරුණ වන්නේ යෝගට් ආහාරයට ගැනිම මේ කරුණෙහි දි වඩාත් ප්‍රමුඛ දායකත්වයක් දක්වන බවයි.යෝගට් වල තිබෙන කුමන සුවිශේෂී ගුණයක් මේ සදහා බලපානවාද යන්න පිළිබදව සෙවීමේ දී යෝගට් වල ඇති කැල්සියම්, මැග්නිසියම්,විටමින් D සහ මේද අම්ල වැනි පෝෂ්‍ය පදාර්ථයන්ට අමතරව මෙහි සිටින හිතකර බැක්ටිරියා (probiotic) මේ සම්බන්ධව සුවිශේෂී දායකත්වයක් දක්වන බව අනාවරණය වී තිබේ.
2. ස්ථුලතාව වැලැක්විම සදහා
බර වැඩිවීම වලකාලන විශ්මිත බලයක් යෝගට් සතුවේද? ඇත්ත වශයෙන්ම යෝගට් ආහාරයට ගැනීම බර වැඩිවිම වළකා ගැනිමට උපකාර වේ. Nutrition Metabolism and Cardiovascular Diseases සම්බන්ධව පලකරන ලද ජර්නලයක අඩංගු වන කරුණු වලට අනුව වැඩිපුර ප්‍රමාණයක් යෝගට් ආහාරයට ගැනිම (සතියකට යෝගට් 07 ක්) බරවැඩිවීමේ අවදානම අඩුකරන සාධකයක් බව පෙන්වා දී තිබේ.
ස්පාඤ්ඤයේ නවාරා විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයන් පිරිසක් විසින් පුද්ගලයන් 8510 ක් යොදා ගෙන වසර 07 ක් පුරා පුද්ගලයන්ගේ බර වැඩිවිම පිළිබදව පරීක්ෂණ සිදුකරන ලදි. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ දී කිසිවෙකුත් වැඩි බර තත්වයේ නොසිටි නමුත් ව්‍යාපෘතියේ අවසාන භාගය එළඹීමේ දි පුද්ගයන් 1860 ක් බර වැඩිවීමේ අවදානමක සිටින බව හදුනාගන්නා ලදි. පලතුරු ද සමග සතියකට යෝගට් 07 ක් ආහාරයට ගන්නා පුද්ගලයන් මීට වඩා අඩුවෙන් යෝගට් ආහාරයට ගන්නා පුද්ගලයන්ට වඩා අඩුවෙන් බර වැඩිවන බව සොයාගන්නා ලදි. මෙම පරික්ෂණයේ ප්‍රතිඵල මත මේදය දහනය කිරීමට උපකාරි වනුයේ යෝගට් වල අඩංගු කැල්සියම් බවට විද්‍යාඥයන් විසින් උපකල්පනය කරන ලදි.  
උපුටා ගැනීම : https://www.sciencenews.org/

0 comments:

Post a Comment