July 11, 2014

මී පැණිවල වටිනාකම

 
ඈත අතීතයේ පටන් ම මී පැණි ඉතා ගුණදායක ඖෂධයක් ලෙස භාවිතයට ගන්නා ලදී. මී පැණි වල පවත්නා ඖෂධීය වටිනාකම දැන ගැනීම තුලින් ඔබටත් යහපතක් සැලසේදැයි බලන්න.

1.මී පැණිවල ඉහල බැක්ටීරියානාශක ගුණයක් පවතින බැවින් උගුරේ ආසාදන හා කැස්සට ඉතා ගුණදායක ය.
            අවුරුද්දට වැඩි දරුවන්ට හා වැඩිහිටියන්ට මී පැණි තේ හැන්දක් සමග මිශ්‍ර කර ගත් දෙහි යුෂ සමාන කාල පරාසයක දී ලබා දීමෙන් කැස්ස නිසා ඇති වන අපහසුතාව මග හරවා ගත හැක. (විශේෂයෙන් රාත්‍රි කාලයේ දී ඇති වන කැස්ස)

2.  නිරෝගී සමක් සදහා මී පැණි ඉතාමත් අගනේ ය. ඉන් සමේ තෙතමනය ආරක්ෂා කරන අතර වියලි සමක් ඇති අයට මී පැණි ආලේප කර වි.20කින් පසු උණුසුම් ජලයෙන් සෝදා හැරිය විට සම නීරෝගී වේ.
3. මී පැණිවල ඇති  ෆ්ලෙවොනයිඩ් හා ඇන්ටිඔක්සිඩන්ට් නිසා සමහර පිළිකා හා හදවත් රෝග වැළදීම අඩු කරන බව පැවසේ.

4.  එසේ ම නවත ම සොයා ගැනීම්වලට අනුව මී පැණි ආහාර මාර්ගයේ තුවාල හා ලෙඩ රෝගවලට වඩාත් ගුණදායක මෙන් ම ඒ ආශ්‍රිත ලෙඩ අඩු කිරිමට බලපාන බව තහවුරු වී ඇත.

5. මී පැණි ප්‍රතිබැක්ටීරියාකාරකයක් ලෙස ක්‍රියා කරන අතර එසේ වීමට හේතුව එහි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අඩංගු නිසා බව පැවසේ.

6. මී පැණි මලල ක්‍රීඩාවේ දී ක්‍රිඩකයන්ගේ  ග්ලයිකොජන් මට්ටම ඉහල නංවා ක්‍රිඩා හැකියාව  වැඩි වීමට බලපාන බව සොයා ගැනේ.

7.එසේ ම  මී පැණි මුත්‍රා පද්ධතියේ ලෙඩ රෝගවලට, බර අඩු කර ගැනීමට, පෙනහළුවල පවතින ඇදුමට හා බඩ බුරුල් කර යෑමේදී ගන්නා ඖෂධ බොහෝමයක  අඩංගු කර ඇත.

8. මී පැණිවල බොහෝ සෙයින් ශරීරයට  හිතකර බැක්ටීරියා ඇති බැවින් ප්‍රෝබයොටික් ගුණයක් ලබා දේ.

1 comments:

Post a Comment