July 31, 2014

පාකින්සන් රෝගයට එරෙහිව කුරුදු

පාකින්සන් රෝගය (Parkinson’s disease ) යනු ශරීරයේ සාමාන්‍ය චලනයන්ට බලපාන මධ්‍යම ස්නායු පද්ධතියේ(Central nervous system ) ක්‍රමයෙන් වර්ධනය වන ආබාධයකි(Progressive disorder).මෙය බහුලවම වයස්ගත පුද්ගලයන් අතර  විශේෂයෙන්ම වයස අවුරුදු 60 ඉක්මවූ අයගේ දැකිය හැකිය. එයිත් ගැහැණු අයට වඩා පිරිමි රෝගීන්ගේ ප්‍රතිශතය වැඩිය. ආරම්භයේදීම හදුනාගත නොහැකි මෙම රෝගය ක්‍රමයෙන් ඇගිල්ලක, අතක හො පාදයක    වෙව්ලීමකින් (tremor)පටන්ගෙන මාංශ පේෂීන් දරදඩුවීම, සාමාන්‍ය ශරීර චලනයන් අඩපන කිරීම ඇතුළු  විවිධ ආකූලතාවයන්ට පත්වේ.


මොලයේ(Brain)/මධ්‍යම ස්නායු පද්ධතියේ සමහර සෛල/න්‍යුරෝන (Neuron) විනාශවීම හෝ මිය යාම මෙම රෝගී තත්වයට හේතුවන බව සොයාගෙන තිබේ. මෙම නියුරෝන විනාශවීම මගින්  එවායින් නිපදවන   පනිවිඩ ගෙනයාමට උපකාරි වන රසායන ද්‍රව්‍ය වන dopamine සාන්ද්‍රනය   අඩු වීම නිසා මොලයේ  ක්‍රියාකාරිත්වය අසාමාන්‍ය වේ. මෙම රෝගය සෑදීමට පැහැදිලි හේතු හදුනාගෙන නොතිබුනද  ඡාන මගින්, විෂ සහ සමහර පරිසර තත්වයන්ට නිරාවරණය වීම(Expose to toxins and Certain environmental conditions) සහ මොලයේ පවතින සෛල සහ  සමහර ප්‍රෝටීන(Lewy bodies and alpha – synuciein) හේතු වන බව සොයාගෙන ඇත. 

පාකින්සන්  රෝගය (Parkinson’sdisease )

 නැවැත්වීමට  ආරක්ෂිත  ප්‍රවේශයක් සඳහා කුරැදු  භාවිතා කිරීම සබන්ධව පර්යේෂණයක් සිදු කර ඇත. ඇමෙරිකාවේ රුෂ් විශ්ව  විද්‍යාලයේ වෛද්‍ය ආයතනයේ (Rush University Medical Center in the US ) පර්යේෂකයින් පිරිසක් විසින්  මෙම පර්යේෂණය සිදුකර ඇත. එහිදී මීයන්  සහ කුරුදු (Cinnamon ) යොදාගෙන පාකින්සන් රෝගය පාලනය කල හැකිදැයි කරණ ලද පර්යේ‍ෂණයේදී  සාර්ථක ප්‍රථිපල අත්කරගෙන ඇත. පාකින්සන් රෝගය වැලදුන මීයන්හට කුරුදු ආහාරයට දීම මගින් කරණ ලද පර්යේෂණයේදී කුරුදු වල ඇති සමහර සංයෝග මගින් පාකින්සන්  රෝගය නිසා  මීයන්ගේ මොලයේ සිදුවී තිබූ සමහර වෙනස්කම් යථා තත්වයට පත් කල හැකි බව සොයාගෙන ඇත. 

 දකුණ් ඇමෙරිකාව, කැරීබියන් දූපත්  සහ අග්නි දිග ආසියාන රටවල වැවෙන ආහාර රසගන්වන රසකාරකයක්/කුළුබඩුවක් (Herbal Spice)  වන  Cinnamon verum  යන විද්‍යාත්මක නමින් හදුන්වන කුරුදු දැනට  දියවැඩ්යාව(Diabetics ) සහ මූත්‍රා   රෝග(Urine cycle diseases ) සඳහා ප්‍රතිකාරකයක් ලෙස යොදා ගනු ලැබේ. එහිදි අක්මාවේදි කුරුදු සෝඩියම් බෙන්සොයිඩ්(Sodium Benzoate ) බවට පරිවර්තනය කරනු ලබන අතර ඒවා ශරිරයේ ඇති අමතර ඇමෝනියා(Ammonia ) ශරීරයෙන් බැහැර කිරීමට උපකාරි වේ.
මෙම අධ්‍යනයේදී කුරුදු අක්මාවේදි සෝඩියම් බෙන්සොයිඩ් බවට පරිවර්තනය කිරිමෙන් පසුව ඒවා රුධිරය හරහා මොලයට ඇතුවිමෙන් පාර්කින්සන් රෝගය වැලදි ඇති රෝගින්ගේ මොලයේ අඩු වි ඇති පාරිකින්(Parkin) සහ ඩොප්මයින්(Dopamine) යන ප්‍රෝටින 2 විනාශවීම නවත්වනු ලැබේ.  එම නිසා මෙම සෝඩියම් බෙන්සොයිඩි මගින් මීයන්ගේ මොලයේ සිට ශරීරයේ අනිකුත් අවයව කරා නියුරෝන(Neuron) මගින් තොරතුරැ රැගෙන යන රසායනික ද්‍රව්‍ය ( dopamine)  මටිටම සමාන්‍ය අතට පත්කර මීයන්ගේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරනු ලබයි.

ඒ පර්යේෂණයට අනුව දැන් මෙම විද්‍යායන් විසින් පාරිකින්සන් රෝගයෙන් පෙලෙන රෝගින් හට  කුරුදු ලබා දී සාර්ථක ප්‍රතිපල  අත්කර ගැනිමට බලාපොරෝත්තු වේ. එමගින් පාර්කින්සන් රෝගින්හට සාර්ථක ප්‍රතිපල ලබාදුනහොත් වුන්ගේ ස්නායු සෛල විනාශ කර ජීව ක්‍රියාකාරිත්වය අඩපන කරන අවාසනාවන්ත රෝගයකින් අත්මිදීමට හැකිවනු ඇත.

Source. 
http://www.Sciencealerts  
http://www.medlab   
Http://www.myoclinic  
Nayana Wijeratne- STO, Yatinuwara

0 comments:

Post a Comment