July 21, 2014

දියවැඩියා රෝගීන් රැකීමට කොලෙස්ටෙරෝල් අඩු කරන ඖෂධ

කොලෙස්ටෙරෝල් අඩු කරන ඖෂධ මඟින් දියවැඩියා රෝගීන්ගේ (Type 2 diabetes) හෘද රෝග නිසා සිදුවන මරණ අඩු කරයි.හෘද රෝග (Heart disease) හා හදිසි හෘදයාබාධ (Stroke) දියවැඩියා රෝගීන්ගේ මරණයට හා අකර්මණ්‍යභාවයට හේතුවේ. ඇමෙරිකානු හෘද සංගමයට අනුව දියවැඩියාව සහිත මිනිසුන්ගෙන් අවම වශයෙන් 65% ක් පමණ මිය යන්නේ මෙසේ ඇතිවන හෘද රෝග හා හදිසි හෘදයාබාධ මඟිනි.

කෙසේ නමුත් කොලෙස්ටෙරෝල් අඩු කරන ඖෂධ භාවිතය, දියවැඩියාව සහිත හදවත් රෝගීන්ගේ ජීවිත කාලය දික් කිරීමට හේතුවන බව වේක් ෆොරස්ට් බැප්ටිස් වෛද්‍ය මධ්‍යස්ථානයේ පර්යේෂකයින්ගේ නව අධ්‍යයනය මඟින් හෙළි වී ඇත.

Diabetes Care නම් current online edition එක මඟින් මෙම අධ්‍යයනය ප්‍රකාශයට පත් කරනු ලැබේ.
අපගේ අධ්‍යයනය වෛද්‍ය සායනික අත්හදා බැලීමක් නොවේ. නමුත් මෙම ඖෂධ භාවිතය මඟින්, දියවැඩියාව සහිත හදවත් රෝගීන් අවුරුදු කීපයක් සම්පූර්ණයෙන් ජීවිත් කරවිය හැකි බව පෙන්නුම් කළා. යනුවෙන් මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතෘ හා වේක් ෆොරස්ට් බැප්ටිස් වෛද්‍ය මධ්‍යස්ථානයේ ජීව රසායන විද්‍යා මහාචාර්ය ඩොන් බවුඩන්  මහතා පැවසීය.

දියවැඩියා හෘද අධ්‍යයනයට (Diabetes Heart Study) සහභාගී වූ රෝගීන් 371 දෙනෙකුගේ දත්ත මෙම පර්යේෂක කණ්ඩායම විසින් අධ්‍යයනය කරන ලදි. අධ්‍යයනය ආරම්භයේදී සහභාගීවූවන් තම හෘදයෙන් රුධිරය ගෙන යන ප්‍රධාන නාල වල තැන්පත් වී ඇති කැල්සියම් ප්‍රමාණය ( Coronary Artery Calcium (CAC)) නිර්ණය කිරීමට CT Scan එකක් ලබා ගන්නා ලදි. මෙම CAC අගය 1000 ට වඩා වැඩි නම් හෘද රෝග සඳහා වැඩි අවධානමක් පෙන්නුම් කරයි.

දළ වශයෙන් අවුරුදු 8 ක පමණ කාලයක් තුල පසු විපරමකින් පසුව, මැරුණ රෝගීන් 153  දෙනෙකුගේ හා එයින් පසු ජීවත් වූ 218 දෙනෙකුගේ මූලික ලක්ෂණ පර්යේෂක කණ්ඩායම විසින් සංසන්දනය කරන ලදි. අධ්‍යයනයට සහභාගීවූවන් අතර මරණයට ලක්වන ප්‍රමාණය අනුරූප ව ඉහළ විය හැකි බව පර්යේෂකයෝ උපකල්පනය කළහ. කෙසේ නමුත් අවුරුදු 8 කිනුත් පසු 60% ක් ජීවත් වූවන් විය.
මූලික පර්යේෂණ වලදී, කොලෙස්ටෙරෝල් අඩු කරන ඖෂධ භාවිතය, මරණයට ලක්වන ප්‍රමාණයට එරෙහි ව ආරක්ෂකයක් වශයෙන් හඳුනාගත් වෙනස් කළහැකි අවදානම් සාධකයක් ( modifiable risk factor) පමණක් විය.අධ්‍යයනය ආරම්භයේදී සහභාගීවූවන්ගෙන් ඖෂධය නොගත් අයට සාපේක්ෂ ව ඖෂධ ගත් අයගේ ජීවත් වීමේ හැකියාව 50% කින් ඉහළ ගොස් තිබුණි.

 මෙම අධ්‍යයනය මඟින් හෘද රෝග සඳහා වැඩි අවධානමක් ඇති දියවැඩියාව සහිත රෝගීන් අතර කොලෙස්ටෙරෝල් අඩු කරන ඖෂධ නියම කිරීමේ පුළුල් වැදගත්කම මනාව හෙළි කරන බව මහාචාර්‍යවරයා පැවසීය. නමුත් මීට ඉහත කළ අධ්‍යයනයන් මඟින් දියවැඩියා රෝගීන් සඳහා නියම කළ එම ඖෂධ අගයන් (Rates of Drugs) සාපේක්ෂ ව අඩු කරනු ලැබ ඇත.

උපුටා ගැනීම:
ජේ. ඒ. එස්. සාගරිකා කුමාරි,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
කුරුණෑගල.

0 comments:

Post a Comment