July 21, 2014

ප්ලාස්ටික් ඇසුරුම් භාවිතයට හුරු වෙමු

  නුසුදුසු ඇසුරුම් සහ ප්‍රවාහන ක්‍රම භාවිතය නිසා එළවළු සහ පළතුරු අස්වැන්නෙන් 30% පමණ නාස්ති වන බව ඔබ දන්නවාද?

ලංකාවේ දැනට දේශීය එළවළු හා පළතුරු ප්‍රධාන වශයෙන්ම ප්‍රවාහනය සිදු කරනුයේ ඉතා අනාරක්ෂාකාරීවය. මෙම තත්වය නිසා උද්ගතව ඇති ගැටළු රාශියක් වන අතර මෙමගින් සිදුවන පසු අස්වනු හානිය ඉතා ඉහල ය.


මෙම පසු අස්වනු හානිය අවම කර ගැනීමට 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු  පිළිබද අධිකාරිය පනතේ 10(1) ( ආ) (11) වැනි වගන්ති යටතේ එළවළු හා පළතුරු පරිහරණයේදී ප්ලාස්ටික් දැව හෝ ඝන කාඩ්බෝඩ් ඇසුරැම් භාවිතය අනිවාර්ය කරමින් නීති පනවා ඇත.
 ප්ලාස්ටික් ඇසුරුම් භාවිතයේ ඇති වාසි හා අවාසි
1.       ප්‍රවාහනයේදී සිදු වන පසු අස්වනු හානිය අවම කර ගත හැක.
2.      ඵළවළු සහ පළතුරුවල නැවුම් බව සහ තත්වය ආරක්ෂා වේ.
3.      පාරිභෝගිකයාට උසස් තත්වයේ එළවළු සහ පළතුරු ලබා ගත හැකි වන අතර නාස්තිය සදහා පාරිභෝගිකයාට පිරිවැය දැරීමට සිදු නොවීම
4.      ආරක්ෂිතව නිපදවා ඇති පතුල නිසා පහසුවෙන් එළවළු සහ පළතුරු තැම්පත් කල හැක.
5.      එළවළු සහ පළතුරු වර්ග කර ශේණි ගත කිරීම සිදු කළ හැක.
6.       එළවළු සහ පළතුරු නොතැලී පවතින නිසා වැඩ් මිලක් ලබා ගත හැක.
7.       පරිහරණය සහ පිරිසිදු කිරීම පහසුය.
8.      ඇසුරුම වැඩි කාලයක් භාවිතා කළ හැක.
9.      ඇසුරුම් එක මත එක ඇසිරිය හැක.
10.  ගොවියාට හොද මිලකුත් පාරිභෝගිකයාට සාධාරණ මිලකුත් ලැබේ.
11. ප්‍රධාන අවාසියක් වනුයේ මිල අධික වීම පමණි.


වෙළදුන් වශයෙන් ඔබ දැණුවත් විය යුතු නීතිරීති කිහිපයක්
1.       භාණ්ඩය විකිනීමේදී මිල ප්‍රදර්ශණය කිරීම අනිවාර්ය වේ.
2.      ඕනෑම විදුලි හෝ ඉලෙක්ට්‍රොනික් උපකරණ/උපාංග විකිණීමේදී අවම මාස 6 ක වගකීම් කාලයක් ලබා දිය යුත්‍රය.
3.      භාණ්ඩ සටහන් මිලට වඩා වැඩි මිලකට විකිණීම වරදකි.
4.      යම් යම් භාණ්ඩ විකිණිය හැකි උපරිම මිලක් නියම කර ඇත.

5.       පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නම් කරන ලද භාණ්ඩ  විකිණීමට ඉදිරිපත් කිරීමේ ශ්‍රී ලංකා ප්‍රමිති  සහතිකය අනිවාර්ය වේ.
6.      ඇසුරුම් කරන ලද භාණ්ඩයන්හි මිල , කාණ්ඩ අංකය , නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය හා බර හෝ පරිමාව සදහන් කිරීම අනිවාර්ය  වේ.
7.       භාණ්ඩ විකිණීමේ දී මුදල් ගෙවීම හැර වෙනත් කිසිදු කොන්දේසියටක යටත්ව භාණ්ඩ විකිණීම නොකල යුතුය.

8.      මිලදී ගන්නා ලද  භාණ්ඩ සදහා ඇසුරුම් හෝ බහාලුම් සදහා මුදල් අය කල නොහැකිය.
9.       වෙළෙදුන් විසින් භාණ්ඩ වල සදහන් තොරතුරු වෙනස් කිරීම , මකා දැමීම  , විකෘති කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි.
10.  පාරිභෝගිකයන්ට සවිස්තරාත්මක බිල්පතක් ලබාදීම අනිවාර්ය වේ.
11.  වෙළෙදුන් විසින් පාරිභෝගියන් නොමග යවන සුළු හෝ රවටන සුළු ක්‍රියාවන්හි නිරත නොවිය යුතුය
12.  වෙළෙන්දෙකු විසින් තමා  භාරයේ ඇති ඕනෑම භාණ්ඩයයක් විකිණීම ප්‍රත්ක්ෂේප කිරීම ,  භාණ්ඩය තමා සන්තකයේ තබාගෙන නොමැති බව කියා සිටීම , එම භාණ්ඩයේ  පිළිගත හැකි  මිල හැර වෙනත් කොන්දේසි ඉදිරිපත් කිරීම , ඔහුගේ සාමාන්‍ය වෙළෙදාමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අමතර ප්‍රමාණයක් තමා භාරයේ තබා ගැනීම නොකල යුතුය. 

තුෂංග හේරත් , විද්‍යා හා තාක්ෂණ නිලධාරී , හාලිඇල.

0 comments:

Post a Comment