July 4, 2014

එළවළු නැවුම් සහ ආකර්ශනීය ලෙස වෙළදපලට

එළවළු නැවුම්‍ ‍ලෙස සකසා වෙළදපලට,
පාරිභෝගික ආකර්ශනය දිනූ නිෂ්පාදනයක්,  


එළවළු නැවුම් ලෙස සැකසිම හා වෙළදපලට ඉදිරිපත් කිරිම යනු ඇත්තෙන්ම ඉතාම සරල පහසු කර්මාන්තයකි. මෙහිදි සිදුවන්නේ නියමිත මේරු අවස්ථාවේදි නෙලාගත් එළවළු තේරිම, පිරිසිදු කිරිම හා ක්‍රමවත් ලෙස කැබලි කර සුදුසු ඇසුරුම්ද්‍රව්‍ය භාවිතයෙන් ඇසුරුම්කර වෙළද පොලට ඉදිරිපත් කිරිමයි.
මෙය ආහාර සංරක්ෂණ ක්‍රමයක් නොවේ. මන්දයත් මෙම සැකසී‍‍මේදී රසායනික කල්තබා ගැනිමෙ ද්‍රව්‍ය , වර්ණක හෝ රසාකාරක යන කිසිවක් භාවිතා නොකිරිමයි.


එළවළු යනු ජීවී කොටස් වේ. එම නිසා තුල නොකඩවා කායික වෙනස් වීම්සිදුවේ.එනම්ශ්වසනය හා ශක්තිය වැයවීම, සංචිත ආහාර වැයවීම,එතිලින් නිෂ්පාදනය යනාදිය සිදුවේ.එසේම අඩංගු ජල ප්‍රමාණය වැඩිය. එම නිසා සැකසු ආහාර වලට වඩා කෘමි හා ලෙඩ රෝග වලට පාත්‍රවිමේ ප්‍රවණතාවය හා වේගය වැඩිය. අනුව ඉක්මණින් පරිහාණියට පත්වේ.(Decaying)

එවැනි ජිවි කොටස්වලට යාන්ත්‍රි හානි (කැපිම්,තැලිම්,සීරිම්වැනි) සිදුවුවහොත් ඉතා පහසුවෙන් රෝග ආසාදනය වි කායිකවෙනස්කම්සිදුවි ඉතා ඉක්මණින් පරිහානියට පත්වේ. ජිවි කාලය අඩුවේ. එවැනි එළවළු පරිභෝජනයට නුසුදුසු වේ.

අනුව කිසිම කල්තබා ගැනීමේ ද්‍රව්‍යක් භාවිතා නොකර අප විසින් කැපීම්සිදු කළ ජීවි එළවළු නැවුම්ලෙස සැකසීමේ දි දින කිහිපයකට වඩා තබාගතනොහැක.හිරු එළිය සෘජුවම නොවැටෙන සිසිල් පරිසරයක එක් දිනක්ද ශීතකරණයක නම්දින 07 ක් පමණ හොද තත්ත්වයේ පවත්වාගත හැක.

එසේම මෙම ක්‍රමයේදි සෞඛ්‍යාරක්ෂිත ලෙස නිෂ්පාදනය ඉතාමත් වැදගත්ය.


තවද මෙම තර්මාන්තය සිදු කිරිමට පාරිභෝගික ඉල්ලුම ඇති දේශීය එළවළු වර්ග, දුලබ එළවළු වර්ග හදුනාගත යුතුයි. සැකසිමේදි ඒකාකාරි කැබලි හැඩය ඉතා වැදගත්ය.එසේම පාරිභෝගිකයාට පිසිමට පෙර නැවත සකස් කිරිමක් සිදු කිරිමට අවස්ථාව නොතැබිය යුතුය.එම නිසා පාරිභෝගිකයාට සදහා යන සැකසිම්කාලය අඩුවේ.එසේම නිෂ්පාදනයේ 100% ක්ම ප්‍රයෝජනයට ගැනිම සිදු විය යුතුයි.


අනුව බලන කල ඇත්තෙන්ම නැවුම්ලෙස එළවළු සැකසීම යනු පාරිභෝගිකයාට ආකර්ශනිය ලෙස වෙළදපොලට ඉදිරිපත් කරන ආකාරයකි. වර්තමානයේ ඉතාමත් වේගයෙන් වර්ධනය වන කර්මාන්තයකි.


0 comments:

Post a Comment