July 23, 2014

ප්‍රතිඔක්සිකාරක.

සජීවී සෛල සමඟ ඔක්සිජන් ක්‍රියාකිරීම ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියකි.  උදාහරණයක් ලෙස, ඇපල් කැබැල්ලක් වාතයට නිරාවරණය වූ විට එය වායුගෝලීය ඔක්සිජන් සමග ක්‍රියාකර දුඹුරු පැහැ වේ. මෙලෙස, අප සිරුර තුළ ඇති සෛල ද ඔක්සිජන් හා එක් වී ඔක්සිකරණ ක්‍රියාවලියට බදුන් වේ. සෛලීය ක්‍රියාකාරීත්වයේ දී සෛල ඔක්සිකරණය වීම ස්වාභාවික සංසිද්ධියකි.
ඔක්සිජන් පරිවෘත්තිය ක්‍රියාවන් කාර්යක්ෂම කරන නමුත්, මෙහිදී සෛලවලින් 1 % - 2% අතර
ප්‍රමාණයක් හානි වීමෙන් මුක්ත ඛණ්ඩක (Free Radicals) ඇති වෙයි. මේවා සාමාන්‍ය සෛල මෙන් නොව අස්ථායී තත්ත්වයක පවතින අතර, නිරන්තරයෙන් ස්ථායී තත්ත්වයට පත් වීමට උත්සාහ ගනී. මෙහි ඇති අවදානම වන්නේ මෙලෙස නිපදවෙන මුක්ත ඛණ්ඩක ස්ථායී වීම සිදු වන්නේ නිරෝගී සෛලවලට පහරදීමෙනි.
මෙමගින් නීරෝගී සෛලවල DNA වලට හානිකරමින් විකෘතිතා ඇති කිරීම වෙනත් රෝග ගණනාවක් ඇති කිරීමට මූලික බීජය සපයයි. මෙහිදී DNA විකෘතිතා මත සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වෙමින් පිලිකා වැනි රෝග තත්ත්වයන් ඇති වෙයි.
සාමාන්‍ය සෛලීය ක්‍රියාවන්හිදී ද Free Radicals යම් ප්‍රමාණයක් නිපදවෙන නමුත්, නිරෝගී සෛලවලට එමගින් විශාල බලපෑමක් එල්ල නොවේ. හේතුව, ප්‍රතිඹක්සිකාරක මගින් එම මුක්ත ඛණ්ඩක වල ක්‍රියාකාරීත්වය පාලනය කිරීමයි.
එහෙත්, සිරුර තුළ Free radicals ඇතිවීම දුම්පානය, වායු දූෂණය නිසා නිකුත් වන විෂ රසායන ද්‍රව්‍ය, මෙන්ම අප ගන්නා ආහාර යේ ස්වභාවය මෙන්ම ජලයේ පවතින රසායන ද්‍රව්‍යය ද උත්ප්‍රේරණය කරයි.

ප්‍රතිඔක්සිකාරක යනු, සෛලීය ක්‍රියාවන්හි දී ඇති වන මුක්ත ඛණ්ඩක මගින් නිරෝගී සෛලවලට වන හානිය නිශේධනය හෝ  ප්‍රමාද කරන ද්‍රව්‍යයන්ය.
ප්‍රතිඔක්සිකාරක ප්‍රධාන කාණ්ඩ 2 ක් යටතේ හඳුනා ගත හැකිය.
01. එන්සයිමීය - උදා- Glutathione peroxidase, Glutathione -s-transferase, Catalase,    Superoxide dismutase
0          02.  එන්සයිමීය නොවන - උදා- විටමින් A,  විටමින් C, විටමින් E,  Glutathione
               Carotenoids   (i) Beta - carotene
                                      (ii) Lycopene
                                     (iii) Lutein
මීට අමතරව, Selenium, Zinc මූලද්‍රව්‍ය ද ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියාකරයි.
ප්‍රතිඔක්සිකාරකවල ක්‍රියාකාරීත්වය අනුව වර්ගීකරණය.
0         1. Radical scavengers
0         2. Hydrogen Donor
0         3. Electron donor
0         4. Peroxide decompose r
0         5. Enzyme Inhibitors
ප්‍රතිඔක්සිකාරක ස්වභාවිකව එළවළු හා පළතුරු වල බහුලව ඇති අතර, ඇතැම් ඒවා මිනිසා විසින් කෘත්‍රිමව නිපද වූ ඒවා වේ.

කෘත්‍රිම ප්‍රතිඔක්සිකාරක -
0    1.  Butylated hydroxytoluene  (BHT)
0    2.  Butylated hydroxyanisole (BHA) 

   මෙම කෘත්‍රිම ප්‍රතිඔක්සිකාරක ආහාර කර්මාන්තයේ දී, සුවඳ විලවුන් නිෂ්පාදනයේ දී මෙන්ම ඖෂධ නිෂ්පාදනයේ දී භාවිතා වේ.
මෙම කෘත්‍රිම ප්‍රතිඔක්සිකාරක භාවිතය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. හේතුව මේවා ඉහළ උෂ්ණත්වයන්හි දී අස්ථායීවීම හා වාෂ්පශීලී බව වැඩි වීමයි. මේනිසා ඇතැම් කෘත්‍රිම ප්‍රතිඔක්සිකාරක මගින් පිලිකාමය තත්ත්වයන් ඇති වන බව සොයා ගෙන ඇත.
ප්‍රතිඔක්සිකාරක මගින් අප සිරුර විවිධ රෝගවලින් ආරක්ෂා කරනවා මෙන්ම විශාල වශයෙන් අධිමාත්‍රාවන්ගෙන් අතිරේකව ගැනීම සිරුරට හිතකර නොවේ. උදා- ලෙස Beta- Carotene අධිකව ගැනීම පෙනහළු පිලිකා ඇති වීමේ අවධානම වැඩි කරන අතර,  විටමින් E අධිමාත්‍රාවන්ගෙන් ගැනීම පුරස්ථ ග්‍රන්ථිවල පිලිකා අවධානම වැඩි කිරීමට ද, ආඝාතය වැනි රෝග තත්ත්වයන්ට ද හේතු වේ.

References - http://www.medterms.com/script/main/art.asp?articlekey=11291
                       http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3249911/
                       www.youtube.com

0 comments:

Post a Comment