July 11, 2014

බිත්තර කටු මඟින් සෙරමික් භාණ්ඩ නිෂ්පාදනය .

 
ඇමෙරිකානු කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවට අනුව ඇමරිකාව  පමණක් වසරකට ආසන්න වශයෙන් බිත්තර කටු ටොන් 455,000 පමණ ප්‍රවාහනය කර ඉවත දැමීම සිදු කරයි. මේ වන විට පෘතුගාලයේ ඇවිරෝ විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින්  බිත්තර කටු මඟින් සෙරමික් භාණ්ඩ නිපදවීමට ක්‍රමයක් දියුණු කර ඇත.
කෙසේ වෙතත් මෙම ක්‍රමය තවමත් මිනිසුන් අතරට පැමිණ නැති අතර, මෙම ක්‍රමයේදී පොඩි කරන ලද බිත්තර කටු මඟින් විශේෂ පටිපාටියක් යටතේ සෙරමික් කොලපු නිපදවීම සිදුකරයි. මෙයට විශේෂ පිසීමේ චක්‍ර 3 ක් ද අයත් වේ. සවිවර පාදිකාවේ නියැදි නිපදවා ඇති අතර එයට සවිවරතාව ,ජල අවශෝෂකතාව  වැනි වැදගත් ලක්ෂණ පවතී. එමෙන්ම සම්පූර්ණ ලක්ෂණ සැලකීමේදී එයට වාණිජ්‍යමය තත්වයන්ට මුහුණදිය හැකි තත්ත්වයන්ද පවතී.
බිත්තර කටු භූමිය මත දැමීම වැලකීමට අමතරව සෙරමික් භාණ්ඩ නිපදවීම ලාභදායී ක්‍රමයක්ද වේ. ආරම්භයේදී සෙරමික් භාණඩ නිපදවීමේ ලාභ දායී ක්‍රමය වූයේ කැල්සියම් කවච හා පතල් මඟිනි. නමුත් මෙම ක්‍රමය මඟින් පාරිසරික හානි ගෙන දුනි.
ඊට අමතරව ආහාර නිෂ්පාදන කර්මාන්තයේ දී බිත්තර කටු ඉවත්කිරීමට හා විනාශ කිරීමට වැය වූ මුදල ඉතිරි වන අතර සෙරමික් කර්මාන්තයට බිත්තර කටු අලෙවි කිරීම මඟින් අමතර මුදලත් උපයා ගත හැකි වේ.
මෙම ක්‍රමය තවමත් විශ්ව විද්‍යාලීය විද්‍යාගාර තුළ පරීක්ෂා කරන අතර විශ්ව විද්‍යාලීය තාක්ෂණ හුවමාරු කාර්යාලය මඟින් විශාල ප්‍රමාණයේ මූලික ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට වාණිජ කර්මාන්ත සහකරුවෙකු සොයමින් පවතී. සෙරමික් කර්මාන්තය සඳහා ලොව පුරා පවතින බිත්තර කටු අවශ්‍ය නොවන අතර, ඉන්දීය විද්‍යාඥයින්  විසින් මේවා භාවිතයෙන් කාබන් තිර කිරීමේ ක්‍රමයක් ද සැකසීමට උත්සාහ කරමින් පවතී.
Source: University of Aveiro උපුටා ගැනීම - http:// www.gizmag.com/eggshell-waste-ceramics                           

0 comments:

Post a Comment