July 21, 2014

ජල රෝපිත හෙවත් පස් රහිත වගාව

 පසෙහි වගා කිරීමේදී මතුවන විවිධ සීමාකාරී සාධක මග හැරවීමට සදහා භාවිතා කල හැකි විකල්ප ක්‍රම පිළිබදව කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස ජලරෝපිත හෙවත් පස් රහිත වගාව හදුන්වා දී ඇත.

ජලරෝපිත හෙවත් පස් රහිත වගාවක් යනුවෙන් හදුන්වනුයේ ශාක පෝෂක අඩංගු ජලීය මාධ්‍යයක් මගින් ශාක පෝෂණය සිදු කර ලබා ගන්නා වගාවකි. නිර් පාංශුක බෝග වගාව යනුවෙන් හදුන්වන මෙම වගා ක්‍රමය හයිඩ්‍රොපෝනික්ස් ලෙස ඉංශ්‍රිසි නාමයෙන් හදුන්වයි.
පෝෂක ලබා දීම පස් භාවිතා නොකර වෙනත් කාබනික හෝ අකාබණික මාධ්‍යය තුළින් හෝ කිසිදු ඝණ මාධයයක් රහිතව සිදුකල හැකිය.
 ජලරෝපිත වගාවේ වාසි
1.       විශාල භූමියක් අවශ්‍ය නොවීම
2.      පස් භාවිතා නොකරන නිසා වාවිතා නොකරන නිසා වගාකරුව පිරිසිදු වගා පරිසරයක නියැලේ.
3.       පාත්ති සැකසීම , වල් නෙලීම් , ජල සම්පාදනය වැනි කම්කරු ශ්‍රමය අධික දුෂ්කර කාර්යයන් නොමැත.
4.      අඛණ්ඩ වගාවක් පවත්වාගෙන යාමට හැකි වේ.
5.       පාංශු ජනක රෝග  හා වටපණු හානි අවම වේ.
6.      අවාරයේ  නිෂ්පාදනයක් කළ හැක.
7.      ජල රෝපිත ක්‍රමයේදී බෙහෝ බෝග ඉක්මනින් අස්වනු ලබා දේ.
8.      නිවැරදි පාලන ක්‍රම යටතේ වඩා වැඩි අස්වැන්නක් ලබා ගත හැක.
9.       වගා ක්‍රමය  වඩාත් ආකර්ශනීය නිසා කම්කරුවන් යෙදවීමට පහසුවේ.
10. පුළුල් පරාසයක එළවළු හා මල් ප්‍රෙභ්ද වගා කළ හැක.
11. ජල හානිය අවම කල හැක.
12. තරගකාරී වෙළද පොල සදහා පස් රහිත පැළ හා මුල් ඇද්දවු  අතු පැළ ලබා ගත හැක.
ජලරෝපිත ලෙස වගා කළ හැකි බෝග
ü  කොල එලවළු - සලාද , ගෙඩි සලාද , කන්කුන් , ගොටුකොල
ü  එලවළු - තක්කාලි , බටු , බෝංචි , බීට් , දඹල , මාළුමිරිස් , බෙල් පෙපර් , ගෝවා , මල් ගෝවා , පිපිඤ්ඤා , රාබු , සලාද-පිපිඤ්ඤා
ü   මල් / විස්තුරු පැළ - ඇන්තූරියම් , මෙරිගෝල්ඩ් , කෝලියාස් , රෝස , කානේෂන් , ඕකිඩ් , ජර්බෙරා , කපුරු
ü   පළතුරු -  ස්ටෝබෙරි , මෙලන්
ü   කුළු බඩු -  පාස්ලි , මින්චි , ඔරිගනො, ස්විට් බෙසිල්
ü  තෘණ හා ධාන්‍ය -  සෝගම් , බාර්ලි , බර්මුඩා , තෘණ, වී , බඩඉරිගු
ü  ඹෘෂධ - කෝමාරිකා

ජල රෝපිත වගාවේ පෝෂණ ද්‍රාවණ සකසා ගැනීම

 පැලෑටි වර්ධනය සදහා මුලද්‍රව්‍ය 17 අවශ්‍ය වේ. විශාල වශයෙන්  ශාක වලට අවශ්‍ය මුලද්‍රව්‍ය මහා මුලද්‍රව්‍ය ලෙසද , එයට වඩා තරමක් අඩුවෙන් අවශ්‍ය  වන මුලද්‍රව්‍ය ද්විතීක මුලද්‍රව්‍ය ලෙස ද හැදින්වේ. සුළු වශයෙන් ශාක වලට අවශ්‍ය මුලද්‍රව්‍ය ක්ෂුද්‍ර මුලද්‍රව්‍ය ලෙස හැදින්වේ.
මහා මුලද්‍රව්‍ය අතුරින් කාබන් (C) , හයිඩ්‍රජන් (H) , ඔක්සිජන් (O) ස්වභාවිකව ජලය හා වාතයෙන් ලැබෙන අතර පොහොර ලෙස භාවිතා නොකරයි.  එහෙත් නයිට්‍රජන් (N) , පොස්පරස් (P) ,  හා පොටෑසියම් (K)පොහොර ලෙස ලබා දිය යුතුය.  කැල්සියම් (Ca), මැග්නීනීසියම්(Mg)  සහ සල්ෆර්(S) ද්විතීක මුලද්‍රව්‍ය යටතට ගැනේ.  ක්ෂුද්‍ර මුලද්‍රව්‍ය වන සින්ක් (Zn), කොපර් (Cu), මැන්ගනීස්(Mn) , බෝරෝන්(B) , මොලිබ්ඩිනම්(Mo) , ක්ලෝරීන්(Cl) , සහ නිකල්(Ni) ශාක වලට සුළු වශයෙන් වුවත් අත්‍යාශ්‍ය වේ.
ජලරෝපිත වගාවන් වලදී සියලුම පොහොර ජලයේ දියකර පෝෂක ද්‍රවණයක් ලෙස ලබා දේ. ජල රෝපිත වගාවන් වලදී යොදන පොහොර අයනීකරණය තත්ත්වයෙන් තිබීම අවශ්‍යය වේ.
වගාකරුවන්ට අවශ්‍ය නම් ඔවුන්ටම පෝෂක මිශ්‍රණය සකසා ගත හැකි අතර ඒ සදහා සම්පුර්ණයෙන්ම ජලයේ ද්‍රාව්‍ය  රසායනික සංයෝග භාවිතා කල යුතුය.  වෙලද පොලේ ඇල්බට් මිශ්‍රණය ලෙස සැකසු දියර පොහොර වර්ගයක් දක්නට ඇත.



ජල රෝපිත වගාව සදහා අවශ්‍ය උපකරණ
ජල පොම්පය , විද්යුත් පද්ධතිය ( ස්වංක්‍රීය උෂ්ණත්ව හා කාල ගණක මාපක), නියුට්‍රි මීටරය ,  P V C හා පොලිඑතිලීන් නල , පරාගණය සදහා භාවිතා කල හැකි උපකරණ

 තුෂංග හේරත්, විද්‍යා හා තාක්ෂණ නිළධාරී , හාලිඇල. 

2 comments:

ඔබ තුමාගේ දුරකතන අංකය එවන්න පුලුවන්ද ?

This comment has been removed by the author.

Post a Comment