July 22, 2014

රැහැන් රහිත ආරෝපනය හෙවත් වෑර්ලස් චාජින්

නව තාක‍ෂණය දියුණුවීමත් සමග අප රැහැන් රහිත ලොවක් කරා ගමන් කරමින් සිටින්නෙමු. රැහැන් රහිත දුරකථන, රැහැන් රහිත දත්ත හුවමාරුව, රැහැන් රහිත අන්තර්ජාලය රැහැන් රහිත රෑපවාහිනිය මේ රැහැන් රහිත කිරීමේ විප්ලවයේ කොටස්කරුවන්ය. රැහැන් රහිත ලොවේ නවතම විකාශනය වන්නේ රැහැන් රහිත බලශක්තියයි.

මෙම Wireless Charging තාක‍ෂණය QI ලෙස හඳුන්වන අතර මෙය චීන වදනකි. මෙහි අර්ථය නම් ශක්ති කදම්භය” යන්නයි. QI සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ 2009 දීය. විදුලිය හා චුම්භකත්වය එක්කොට විද්‍යුත් චුම්භක කලාප පිහිටුවීම මගින් විදුලි ධාරාවක් රැහැන් රහිතව එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රේශණය කිරීම QI තාක‍්ෂණයේ පදනමයි.  ඒ ස‍දහා කල යුත්තේ දුරකථනය සමග එන Charger Pad එක විදුලියට සම්බන්ධ කරදුරකථනය ඒ මතින් තැබීම පමණි. 
QI තාක‍ෂණය නියමයන්ට අනුව රැහැන් රහිතව සම්ප්‍රේෂණය කළ හැක්කේ අවම බලයක් සහිත 0 w  සිට 5w දක්වා වූ විද්‍යුත් ධාරාවකි. විදුලිය සම්ප්‍රේෂණය කිරීමට එක් Transmitter Coil එකක් ද, සම්ප්‍රේෂණය ලබා ගැනීමට Receiver Coil එකක් ද, අවශ්‍ය වේ. QI යටතේ විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි දුර මිලි මීටර 5 සිට 40 දක්වා ප්‍රමාණයකි. මෙම Transmitter Coil එක ප්‍රධාන විදුලි පරිපථයට සම්බන්ධිත Charging Pad එක තුළද, Receiver Coil එක දුරකථනය තුළද පිහිටා තිබේ.

චාජර් පෑඩ් එක විදුලියට සම්බන්ධ කළ විට එහි ඇති ට්‍රාන්ස්මීටර් කොයිල් එක මගින් ධාරාව විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් බවට පත් කරයි. මෙම ක්ෂේත්‍රයේ විශාලත්වය උපරිම වශයෙන් මිලි මීටර 40 ක් (අඟල් 1.6 ක්) පමණ වේ. මෙම චුම්භක ක්ෂේත්‍රය තුළට, සරළව කියතොත් Transmitter Coil එක සහිත අදාල Charging Pad එක උඩින් Receiver Coil එකක් සමගම නිපදවා ඇති උපාංගය හෝ දුරකථනය තැබූ විට මෙම කොයිල් දෙක එකිනෙක සම්භන්ධ වේ. ඉන්පසු දුරකථනයේ ඇති Receiver Coil එකෙන් ඉල්ලා සිටින ප්‍රමාණයට Charging Pad එකේ ඇති Transmitter Coil එක මගින් විද්‍යුත් චුම්භක ධාරාව විදුලි ධාරාවක් බවට හරවා දුරකථනයේබැටරියට ආරෝපණය කරනු ලබයි.

Nokia සමාගම සිය Nokia 920 දුරකථනයට මෙම තාක්ෂණය එක් කර තිබෙන අතර එය සාමාන්‍ය රැහැන් සහිත චාජරයකට සම්බන්ධ කිිරීමකින් තොරව Charge කල හැකිය. දැනටමත් Nokia, LG, Motorola, HTC, Huawei, Sony සහ Samsung යන සමාගම්‍ මෙම තාක‍ෂණය ඔවුනගේ නව දුරකථන වලට ක්‍රම ක්‍රමයෙන් ඇතුළත් කිරීමෙහි උනන්දුවක් පෙන්නුම් කරති. 

මේ නිසා අනාගතයේ සියලූම රැහැන් රහිතව චාජ් කරවන දුරකථනයක් QI චාජර් පෑඩ් එකක් මගින් ආරොපනය කළ හැකි වනු ඇත. 

තොරතුරු  http://durakatana.wordpress.com/ 

0 comments:

Post a Comment