July 3, 2014

දිනකට පැයකට වඩා MP3 අසන්න එපා...

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු කල සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 6-9 අතරේ දරුවන් ගෙන් සියයට 12.5 මේ හඬ පතුරුවන ශ්‍රවන උපකරණ පැළදීම හේතු කොට ගෙන ශ්‍රවන ඌනතා වලට ලක්ව තිබේ. මේ පිළිබඳව විමසිලිමත්ව අධ්‍යනය කිරීමේදී MP3 Player /Phone එක හා සම්බන්ධව එන උපාංගයේ Ear bud නමින් හැඳින්වෙන කුඩා ස්පීකරය අභ්‍යන්තර ශ්‍රවන ඉන්ද්‍රිය වලට බෙහෙවින් හානි කරන බැව් හෙළිදරව් වී තිබේ.

කැසට් පට, සීඩී පට හා වෝක්මන් යනුවෙන් හැඳින්වෙන සංගීත උපකරණද තිබෙන නමුත් MP3 සම්බන්ධයෙන් වෙසෙසින්ම පර්යේෂකයන් උනන්දුවක් දක්වන්නේ ඇයි? එයට වැදගත් හේතුවක් තිබේ.
කැසට් පටයක, සීඩී පටයක සිංදු ගබඩා කල හැක්කේ සීමිත සංඛ්‍යාවකි. එහෙත් නව පරම්පරාවේ MP3 තාක්ෂණය සංගීත රසාස්වාදය සඳහා යොදවා ගැනීමේදී සිංදු 200-300ක් නැතිනම් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් වුව තුල පහසුවෙන් ගබඩා කළ හැක. තරුණ පරපුර මේ සිංදු පැය ගණනාවක් තිස්සේ එකින් එක ඇසීම අද විලාසිතාවකි.මේ නිසා MP3 වාදන ශ්‍රවනය කිරීමේදී සඳහා ගත කරන කාලය පිළිබඳව සැලකිලිමත් වීම ශ්‍රවන සෞඛ්‍ය විෂයෙහි ඵලදායී පියවරක් බව විද්වතුන් ප්‍රකාශ කර සිටී.
Ear buds නමින් හැඳින්වෙන ස්පීකර් වල ඇති හානිය නම් එමඟින් ශබ්දය සෘජුවම කර්ණ නාලයට සම්ප්‍රේශණය  කරන අතර බාහිර පරිසරයේ අවශේෂ ශබ්දයන් සපුරා අවහිර කිරීමයි.
බෙස්ටන්හි ළමාරෝග්‍යශාලාවේ වෛද්‍ය බ්‍රයන් ජුලියෝ පවසන අකාරයට ඩෙසිබල් 85 ශ්‍රවන පරාසයකට පැය 80 පමණ කාලයක් මුළුල්ලේ කණ නිරාවරනය කිරීමෙන් නිශ්චිත ශ්‍රවන හානියක් සිදු වීමට ඉඩ තිබේ.
MP3 නිසා ඔබේ ශ්‍රවන දැනටමත් දුර්වල වෙලාද?
පහත අත්දැකීම් වලට ඔබ මුහුණ පාන්නේ නම් දැනටමත් ඔබේ ශ්‍රවනය දුර්වල වී ඇති බවට ඉඟියකි.
·        මිනිසුන් ඔබට කථා කරන විට නැවතත් කියූ දේ කියන ලෙස ඔබ නිතර නිතර ඉල්ලා සිටිනවාද?
·        අන් අය කථා කරන විට ඔබට එම කථාවේ සමහර කොටස් ඇහෙන්නේ නැතිද?
·        ඔබ රූපවාහිනිය ක්‍රියාත්මක කර ඇති විට එහි අධික ශබ්දය අන් අයට බාධාවක්ද ?
මේ අත්දැකීම් ඔබේ ශ්‍රවන තත්වය දුර්වල වී ඇති බවට ඉඟියක් විය හැකිය.
තමන්ගේ ශ්‍රවන ඉන්ද්‍රිය සුරැකෙන, තමන්ට අවදානමක් නැති MP3 සංගීත ශ්‍රවනයේ සීමාව කුමක්ද?
   
විද්වතුන් පවසන ආකාරයට දිනකට  MP3 නාද පැයකට වැඩි කාලයක් ඇසීම සෞඛ්‍ය  සම්පන්න නොවන බවයි.ඔබත් සංගීතයට ආදරය කරන අතරේ ඔබේ ශ්‍රවන ඉන්ද්‍රිය වලටත් ආදරය කරන්නේ නම් මෙම උපදෙස් පිළිපදින්න.
 Source : cbsnews.com

0 comments:

Post a Comment