July 22, 2014

තක්කාලියේ ඉතිහාසය

අප කවුරුත් “තක්කාලි සලකන්නේ ආහාරය සදහා සකස්කරගන්නා එළවලු විශේෂයක් ලෙසිනි.එහෙත් තක්කාලි ඇත්තෙන්ම එළවලුවක්ද?නොඑසේනමි පලතුරක්ද?
මෙය සාමාන්‍යයන් අපට එතරමි බරපතළ ප්‍රශ්නයක් නොවුනද තක්කාලි වලින් නොයෙකුත් ආහාරපාන වර්ග සකස් කරන විශාල සමාගමි වලට මෙන්ම විශේෂයෙන්ම පරිභෝජනය සදහා තක්කාලි ආනයනය කරන වෙළද ආයතන වලට නමි මෙය සැලකියයුතු ප්‍රශ්නයකි.කොටින්ම කිවහොත් මේ ගැටළුව විසැදීම සදහා ඇමරිකා එක්සත් ජනපදයේ අධිකරණයට පවා මැදිහත් වන්නට සිදු වුයේ එමනිසාය.

අඹුල්,ලුණු රස,පැණි රස ආදී රස කීපයකින් යුත් රස සංකීර්ණයක් බදු තක්කාලි පිසු හෝ නොපිසු ව්‍යංජනයක් ලෙස මෙන්ම ඉස්ටු,සෝස් හා සුප් වර්ග වශයෙන් පමණක් නොව පානයක් වශයෙන්ද මිනිසාගේ රස නහර පිනවීම සදහා යෙදැවෙන ස්වභාවධර්මයේ අපුර්ව නිර්මාණයකි.
ලෝකයේ හැම රටක්ම පාහේ ජනතාව තක්කාලි ඔවුනට ආවේනික වු විශේෂ ක්‍රම අනුව ආහාර සදහා සකසා ගැන්මට හුරුවී සිටින අතර විශේෂයෙන් ඉතාලියේ හා ප්‍රංශයේ තක්කාලි ව්‍යංජන සකසන ආකාර දහයකට වැඩි ගණනක් ඇති බව ප්‍රකට කරුණකි.ඇමරිකාවේ ජෝසප් කැමිබල් වැනි කෝටිපති ව්‍යාපාරිකයන් බවට පත්වුයේද තක්කාලි ටින්වල ඇසිරීමේ ව්‍යාපාරයෙනි.

තක්කාලිවල නිජබිම ලෙස සැලකෙන්නේ දකුණු ඇමරිකාවේ ඇන්ඩීස් කදුකරබද ප්‍රදේශයයි.සංක්‍රමණික රතු ඉන්දියානුවන් විසින් පසුව මෙය මධ්‍යම ඇමරිකාවට ගෙන එන ලදී.මැක්සිකෝවේ “ඇස්ටෙක් සහ “මයා ශිෂ්ඨාචාරය පැවැති යුගවලදී ක්සිටෝමැටිල් (Xitomatle) නමින් හැදින්වුණ තක්කාලි පසුව ටෝමට්ල් (Tomatl) හෝ ටෝමාටි (Tomati) බවට පත් වී අද ව්‍යවහාර වන ඉංග්‍රිසි TOMATO යන වචනය නිර්මිත වී ඇති බව සැලකිය හැක.

මෙසේ දකුණු ඇමරිකාවේ ප්‍රචලිතව තිබු තක්කාලි වගාව යුරෝපයට මුලින්ම හදුන්වාදෙන ලද්දේ ස්පාඤ්ඤ ආක්‍රමණකාරීන් විසිනි.පසුව 16 වැනි සියවස පමණ වන විට එංගලන්තයේ බෙහෙවින් ජනප්‍රියව තිබු තක්කාලි,උතුරු ඇමරිකාවට ගෙන ගියේ,එංගලන්තයෙන් ගිය මුල්ම ජානපදිකයන්ය.කෙසේ වුවත් 19 වන සියවස පමණ වනතෙක්ම ඇමරිකානු වෙළදපළේ තක්කාලි දක්නට නොවීය.එහෙත් ඒ වන විට එය ජනප්‍රිය බෝගයක් ලෙස උතුරු ඇමරිකානු ජනතාව අතර පෞද්ගලිකව බෙහෙවින් ප්‍රචලිතව තිබෙන්නට ඇත.වෙළදපළට ඒමෙන් පසු තක්කාලි සදහා ඇමරිකානු පාරිභෝගිකයන්ගේ ඉල්ලුම කෙතරමි යුයේදයත් 1830 වන විට ඉල්ලුම සපිරීම සදහා එය පිට රටින් ආනයනය කිරීම පවා ඇමෙරිකානු වෙළෙන්දෝ පුරුදුව සිටියහ.මෙම ලිපියේ මුලින් සදහන් කළ අයුරු තක්කාලි පළතුරක්ද? යන ප්‍රශ්නයට පවා මැදිහත් වන්නට සිදුවුයේ තක්කාලි අපනයනයේදි මතුවු අර්බුදයක් නිසාය.

1833 වසරේදී ඇමරිකාවේ සමිමත කළ පණතක් අනුව ආනයනය කරන සියළුම “භෝග එළවළු“
සදහා 10% ක තාවකාලික තීරු බද්දක් පණවනු ලැබීය.මෙහිදී නිවියෝක් වරායේ රේගුව විසින් තක්කාලිද වර්ග කරන ලද්දේ “එළවළු භෝගයක්“ ලෙසටය.එහෙත් තක්කාලි එලවළුවක් නොව පලතුරු විශේෂයක් බව කියමින් තක්කාලි ආනයනය කරන වෙළෙන්දෝ උද්ඝෝෂණයක් ඇරඹුහ.එක්සත් ජනපද ශේෂ්ධිකරණයතෙක් ඉහල නැගුණ මේ ආරවුල නිමවුයේ තක්කාලි සාමාන්‍යෙයන් අතුරු පසක් ලෙස යොදා නොගන්නා එළවළු විශේෂයක් බවට 1893 දී ශේෂ්ඨාධිකරණය මගින් පුර්ණ තීන්දුක් දුන් පසුවය.

එදා එක්සත් ජනපදය අධිකරණය “තක්කාලි අර්බුදයේදී තින්දුවෙන් එපිට වඩා දුර නොගියත් මෑතකදී කැලිපෝනියා සරසවියේ පෝෂණ අංශය විසින් මෙහෙයවනු ලැබූ පර්යේෂණ මාලාවකට අනුව තක්කාලි වල අඩංගුව ඇති පලතුරුමය එළවලු ගුණාගුණ පිළිබද වැදගත් කරුණු රැසක් අද අනාවරණය වී ඇත.

විටමින් ‘A’ ප්‍රභවයක් වශයෙන් තක්කාලි 16 වන තැන ලබාගන්නා එළවලුවක් වුවත්,පලතුරක් වශයෙන් එය 13 වන තැන ලබාගන්නා විටමින් “C” ප්‍රභවයක් ලෙසට ගැණුනත් පොදුවේ මෙම විටමින් වර්ග දෙකම ලබාදෙන ප්‍රභවයක් වශයෙන් තක්කාලි තෙවන ස්ථානය හිමිකරලෙන ඇත.අනෙක් අතට සාමාන්‍ය තක්කාලි ග්‍රෑමයක 93.5% ක ජලය ප්‍රමානයක් අඩංගු වෙතත් අන්කිසිම පලතුරකින් හෝ එළවලුවකින් ලබාගත නොහැකි අන්දමේ මැග්නීසියමි,නියැසින්,යකඩ,පොස්පරස්,පොටෑසියමි,රයිබෝප්ලේවින්,හා සෝඩියමි පමණක් නොව අතිදුර්ලභ තයමින් ආදී අත්‍යාවශ්‍ය මුලද්‍රව්‍ය රැසැක්ම අඩංගු ප්‍රභව සංකිර්ණයකි.මේ නිසා තක්කාලි විටමින හා ඛණිජද්‍රව්‍ය ලබාදෙන මුල් පෙළේ ආහාරයක් ලෙස පෝෂණ විද්‍්‍යාඤයන් විසින් වර්ග කරනු ලැබ තිබේ.
අද එක්සත් ජනපදයේ පමණක් තක්කාලි මගින් නිපදවන ආහාර විශේෂ දහසකට වැඩි ප්‍රමාණයක් ඇති අතර ලෝකය පුරාම තක්කාලි කෑම වර්ග ගැනද නිරතුරුවම පර්යේෂණයට ලක් කරමින් තිබේ.පෙති කැපීම,යුෂ සෑදීම සොස් වර්ග හා සැලඩි වර්ග නිපදවීම සදහා මෙන්ම ටින්වල ඇසිරීම සදහාද විශේෂිත වු විවිධාකාර ස්වරූපයේ තක්කාලි අද ලෝකයේ වගා කරනු ලබයි.

එපමනක්ද?රතු ,තැඹිලි හා කහ පැහැති වර්ග වලට අමතරව දමිපැහැයෙන් යුත් තක්කාලි වර්ග පමණක් නොව රතු සහ කහ පැහැති ඉරි සහිත තක්කාලිද වෙළදපළේ දක්නට ඇත.

ඉදිරිපත් කිරීම
වරකාපොල විදාතා සමිපත් මධ්‍යස්ථානය

උපුටා ගැනීම READE’S DIGEST

0 comments:

Post a Comment