වැඩුණු
පුද්ගලයෙකුගේ සිරeර තුළ ලීටර් 05ක්ද දරeවෙකුගේ ශරීර බර කිලෝ ග්‍රෑම් 01කට මිලි ලීටර 80
බැගින්ද රeධිර
ප්‍රමාණයක් ඇත. රeධිරය
තුළ රeධිර
ප්ලාස්මය හා සෛලමය කොටස ලෙස කොටස් දෙකක් ඇත. රeධිර ප්ලාස්මය දියරමයවන අතර සෛල කොටස රතු රeධිරාණු හෙවත් රක්තාණු, සුදු රeධිරාණු හෙවත් ශ්වේතාණු හා රeධිරය කැටි ගැසීමට උපකාරිවන පට්ටිකා වලින් යුක්තය.
තැලසීමියාව යනු මෙම රතක්තාණුවල ඇතිවන ආවේණික ආබාධයකි. එක් රeධිර මිලි ලීටරයක රතු රeධිර සෛල මිලියන 05ක් පමණ ඇත. මේවා ද්වි අවතල හැඩැතිය. නමුත් රeධිර නාළ ඔස්සේ ගමන් කිරීමේදී තම හැඩය වෙනස් කර ගැනීමේ හැකියාව මේවාට ඇත. රක්තාණුවලට රතු පැහැය ලබා දෙන ඔක්සිජන් පරිවහනය කරන හිමොග්ලොබින් මෙම සෛලවල ඇති වැදගත්ම කොටසයි. එක් රක්තාණු සෛලයක හිමොග්ලොබින් අණු මිලියන 300ක් පමණ ඇත. මෙම අණු හීම් සහ ග්ලොබීන් ලෙස කොටස් දෙකකින් යුක්තය. තැලසීමියාවේදී මෙම ග්ලොබින් අඩු පාඩු සහිතව නිෂ්පාදනයවේ. එයින් රක්තාණු නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව පහළ බැසීමත් ඒවා අකලට බිදීයාමත් සිදුවේ. එහි ප්‍රථිඵලය ලේ අඩුකම හෙවත් නීරක්තයයි.
තැලසීමියාව
ඇතිවන්නේ මවගෙන් හා පියාගෙන් යන දෙදෙනාගෙන්ම විකෘති ජානය බැගින් ජාන යුගලක් ලැබුණොත්
පමණි. තැලසීමියාවේදී දෙමාපියන්ගෙන් එක් අයකුගෙන් පමණක් විකෘති වූ ජානයක් ලැබුණ විට
රෝගය ඇති නොවේ. එක් ජානයක් පමණක් විකෘති නම් ඔවුන් වාහකයන්ය. ඔවුන්ට රෝග ලක්ෂණ හෝ
රෝගය මතුවීමක් සිදු නොවේ. නමුත් ඔවුන් තවත් වාහකයෙකු සමග විවාහ වූවොත් උපදින දරeවන් තැලසීමියා තත්වයට පත්වීමේ අවදානම වැඩිය.
තැලසීමියා වාහකයෙකු හා වාහකයෙකු නොවන අයෙකු විවාහවීමෙන් දරeවන්ට රෝගය බලනොපායි. දෙපලම වාහකයන්වන අයට
තැලසීමියා දරeවන්
ඇතිවේ.
තැලසීමියාව
සදහා ඇති ප්‍රථිකාරය වන්නේ රeධිර පාරවිලයනයයි. රෝගියකු ජීවිත කාලය පුරාම නිරතුරeව මෙය කළ යුතුය. තැලසීමියාව පාලනය කිරීම සදහා ඇති
එකම විකල්පය රෝගය ඇතිවීම වැළැක්වීම පමණි. විවාහයකදී කෙතරම් කේන්දර ගැලපුවද රeධිර ගැලපීම පරීක්ෂා කිරීමෙන් තැලසීමියව තුරන් කළ
හැක.
1 comments:
good
Post a Comment