July 30, 2014

අලුත්ම දත්ත ගබඩා තැටිය – Archival Disk

DVD හෝ Blue-Ray තැටි වලින් පසුව එන දත්ත ගබඩා කිරීමේ අලුත්ම තැටිය ලෙස Archival Disk හැඳින්විය හැක. Sony හා Panasonic යන සමාගම් ද්විත්වයේම එකතුවක් ලෙසින් නිර්මාණය වන දත්ත ගබඩා තැටිය ඔස්සේ පහසුවෙන්ම 1 TB (1024 GB) දත්ත ප්‍රමාණයක් ගබඩා කළ හැකි වනු ඇත. 

මීලග පරම් පරාවේ disc format එකක ලෙසට නිවේදනය කරන මෙම හදුන්වාදීම 2013 July මාසයේ මුලින්ම නිවේදනය කරනු ලැබුවේ නිශ්චිත නාමයකින් තොරවය. DVD හෝ Blue-Ray වල පැවති දුර්වලතා මඟ හරිමින් නිර්මාණය කෙරෙන Archival Disk හි වැඩි කාලයක් දත්ත සුරක්ශිතව ගබඩා කර තැබිය හැකි නිසාවෙන් මෙය Games හෝ Movies ගබඩා කිරීමට වඩා දත්ත සංරක්ෂණ කටයුතු සඳහා භාවිත වනු ඇති බවයි පැවසෙන්නේ.

උෂ්ණත්වය, තෙතමනය හෝ දුහුවිලි වැනි පාරිසරික සාධක සඳහා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව ඇති මේ තැටිය තුල අලුතින් නිකුත්වන File Types සඳහාද සහාය දක්වන අයුරෙනුයි නිර්මාණ වී ඇත්තේ. 2015 දී වෙළඳපළට නිකුත් වීමට නියමිත Archival Disk මුල් අදියරේදී 300 GB ධාරිතාවයකින්ද පසුව දෙවන අදියරේදී 500 GB ධාරිතාවයකින්ද, අවසානයේ 1 TB දක්වා ධාරිතාවය උසස් කිරීමට නියමිත යි.
උපුටා ගැනීම : http://syco.me/2014/03/17/archival-disk-explained/

0 comments:

Post a Comment