මිනිසා මිය යන්නේ ඇයි?
මිනිසාට සදාකාලික විය හැකිද?මෙය අභිරහසකි.
මිනිසා බහු සෛලික ජීවියෙක් වන අතර මිනිසා වර්ධනය වී අවසානයේ
වයසට ගොස් මිය යයි
එහෙත් ඇමීබා සෛලයක් ගත් විට එය පර්නත
වූ පසු 02 කට බෙදෙයි. ඉන් පසු ජීවීන්
දෛනෙකු ඇතිවන අතර කිසිවිටෙකත් මිය යාමක් නොවේ.
වයසට යාම තීරණය කරන ජානමය
යතුරක් හඳුනා ගැනීමට බි‍්‍රතාන්‍ය විද්‍යාඥයන් පිරිසක්
දැන් සමත් වී තිබේ. මේ නව සොයා ගැනීම නිසා වයසට යාම නවතා දැමිය හැකි හෝ වයසට යාම ප‍්‍රමාද කළ හැකි හෝ ඖෂධ නිපදවීමට අනාගතයේ අපට මග පෑදෙනු
ඇත.
මෙහිදී විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත්තේ ආහාර වැනි සාධක නිසා සිරුර වයස්ගත වීම පමා කරන ජාන හතරක් කෙරෙහියි. ඒවා වෙන් කර හඳුනා ගැනීමට ඔවුන් දැන් සමත් වී ඇත.
වයසට යද්දි වඩාත් ශක්තිමත් හා ක්‍රියාශීලී වන සතුන් මෙන්ම කිසිදා මිය නොයන සතුන් ද දැනට මිහිතලයෙන් හමුවි ඇති බැවින් අමරණීයත්වයේ සිහිනය යම් දිනක සත්‍යයක් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
ඔවුන් පෙන්වා දෙන්නේ මිරිදියේ වසන බහුපා ඇති සත්ත්වයෙක් අමරණීය සතකු ලෙස හඳුනාගෙන ඇති බවයි. අන්වීක්ෂයකින් නිරික්ෂණය කළ හැකි සිලින්ඩරාකාර සිරුරකින් සමන්විත මේ සත්ත්වයාට ග්‍රාහිකාවලින් පිරුණු මුඛයක් පිහිටා තිබේ. මේ සත්ත්වයා කිසි දිනෙක වයසට යාමේ ක්‍රියාවලියට හසු නොවන බව ද පර්යේෂකයන්ගේ මතයයි.
බහුසෛලීයතාවයෙන් යුක්ත මේ විශේෂය වයසට ගිය ද වයස නොපෙනෙයි. එමෙන්ම මැරී යන බවක් ද නැත.
විද්‍යාඥයන් පවසන්නේ ක්ෂීරපායී විශේෂ 46ක්, පැලෑටි, දිලීර සහ ඇල්ගී , මිනිසා සහ කුරුල්ලන් ආදී සතුන් වයසට යාම පිළිබඳ පරීක්ෂණ කළ බවයි. මිනිසුන්, වෙනත් ක්ෂීරපායීන් හා කුරුල්ලන් වයසට යාමේ දී දුර්වල වුව ද ඉබ්බන් වයසට යද්දි වඩාත් ශක්තිමත් වන බව ද ඔවුන්ගේ නිගමනය වි ඇත.
දකුණු ඩෙන්මාර්ක සරසවියේ පරිනාම විද්‍යාව පිළිබඳ ජීව විද්‍යාඥයකු වූ ආචාර්ය ඔවන් ජොන්ස් පවසන්නේ වයසට යාම පිළිබඳ ව යළි සළකා බැලිය යුතු බවයි. වයසට යාම අවශ්‍යයෙන්ම සිදුවිය යුතුයැයි පිරිසක් සිතා සිටිය ද එය සිදු නොවන අවස්ථා ද තිබෙන බව හෙතෙම පවසයි. ඊට හොඳම උදාහරණයක් ලෙස ඔහු ගෙනහැර දක්වන්නේ ඉබ්බා වයසට යද්දී දක්වන ශක්තිමත් බවයි.
වයසට යාම පිළිබඳ පර්යේෂණයේ නිරත වූ ජොන්සන් මහතා ඇතුළු කණ්ඩයාම විශාල ඕක් ගසේ සිට මුහුදු පැලෑටි, වටපණුවන්, උකුස්සන්, සිංහයන් සහ බැබුන් ඇතුළු විශාල සතුන් ද අපෘෂ්ඨ වංශිකයන්, ක්ෂුද්‍ර ජීවීන් හා ඇල්ගී වර්ග ද පර්යේෂණ සඳහා යොදා ගෙන තිබේ. පර්යේෂක කණ්ඩායම පවසන්නේ මොවුන්ගේ විවිධත්වය විශාල සේම , ඉන් මියයන සංඛ්‍යාව හා ආකාරය ද පුදුම සහගත බවයි.
පිරිසිදු මිරිදියේ ජිවත් වන බහුපා සත්ත්වයා හෙවත් හයිඩ්‍රිලා විශෙෂය විනාශ වී යාම හෝ මිය යැම ඉතා අඩු අගයක් ගන්නා බව පෙනීගොස් ඇත. කෙසෛ් වෙතත් එම දත්ත පෙන්වාදෙන්නේ අනාගතයේ මිනිසාට අමරණීයත්වයට පත්ව සිටීමේ හෝ මිය යාම සියවස් ගණනාවක් කල් දැමීමට හෝ මේ සතුන්ගේ ජාන සැකස්ම හා සිරුරේ රසායනිකයන් මහෝපකාරී වනු ඇති බවයි.
ආහාර වැනි සාධක නිසා පාරිසරික හා ජීවන රටාවන් හේතුවෙන් මේ වයසට යාම සිදු කරන ජානවල සකි‍්‍රය වීම් හා අකි‍්‍රය වීම් විටින් විට සිදු වෙනවා. මේවා කුඩා කල ඇති කර ගන්නා ආහාර පුරුදු නිසා සිදු වන බවත් දැන් පැහැදිලි වී ඇත.
පර්යේෂකයන් විශ්වාස කරන්නේ, මේ ප‍්‍රධාන ජානවල සිදු වන වෙනස් කම් පාලනය කිරීම තුළින් වයසට යාම වැළක්විය හැකි ඖෂධ නිපදවීමට මඟ පෑදෙනු ඇත කියායි.
වයසට යාම වළක්වා ලීමේ දී අපිජානමය වෙනස් කිරීම් වැදගත් වන බව විද්‍යාඥයන් දැනටමත් අවබෝධ කරගෙන ඇත.පරිසරයේ ඇති බාහිර සාධක මගින් ඞීඑන්ඒ වල රසායනික වෙනස්කම්වල බලපෑම් කළ හැකි බවත් ඔවුන් අවබෝධ කර ගෙන තිබේ.
ඔවුන් මේ නව පර්යේෂණ කටයුතු මෙහෙයවා ඇත්තේ ජානවල සිදු වන මේ වෙනස්කම්වලට බලපැම් ඇති වන්නේ කෙසේ ද කුමන අවස්ථාවල දී ද යන ප‍්‍රහේලිකාව විසඳා ගැනීම පිණිසයි.
"මේ ප‍්‍රතිඵල උදවු වේවි, ජෛව යාන්ත‍්‍රණයේ ඇති නිරෝගීව වියපත් වීම හා වියපත් වීම හා සම්බන්ධ රෝග ආදිය තේරුම් ගන්න. ඉදිරියේ දී කටයුතු කෙරෙන්නේ පරිසර සාධක අපිජනන වෙනස්කම්වලට බලපාන්නේ කෙසේදැයි සෙවීමටයි."
මේ විද්‍යාඥයන්ගේ පර්යේෂණ කටයුතු ගැන ‘පබ්ලික් ලයිබ්‍්‍රරි ඔෆ් සයන්ස් ජෙනටික්ස්’ (Public Library of Science Genetics) නම් අන්තර්ජාල සඟරාවේ විය. ඔවුන් මුලින් ම විමසා බැලූවේ වයස අවුරුදු 32ත් 80ත් අතර නිවුන් පුද්ගලයන් 172කක ගේ අපිජනන වෙනස්කම් ගැනයි.
මෙවැනි අධ්‍යයනවලදී බොහෝ විට නිවුන් පුද්ගලයන් යොදා ගන්නේ ඔවුන් තුළ එකම ජාන සර්වසමව යුගල වශයෙන් පිහිටන නිසයි. එහිදී ජානමය හා පාරිසාරික බලපෑම් වෙන්කර දැක්වීම වඩා පහසු වෙයි.
එක් සර්වසම නිවුන්නකු අනෙකාට වඩා ඉතා වෙනස් ගතිලක්ෂණ විදහා පාන්නේ නම් ඊට හේතුව ජානමය බලපෑමක් නොවෙයි.
වයස්කාල ක‍්‍රමානුගතව සිදු වන වෙනස්කම්වලට අදාළව කෙරෙන විශ්ලේෂණයන් හිදී වයස්වලට අදාළව සිදු වන වෙනස්කම් 490ක් හඳුනා ගැනීමට පර්යේෂකයන් සමත් වී ඇත.
වයස්වලට අදාළ මේ ගතිලක්ෂණ සසඳා බැලීමේ දී, කොලෙස්ටෙරෝල් මට්ටම්වලට, පෙනහලූ කි‍්‍රයාකාරිත්වයට හා මවු පස ආයුකාලයට විශේෂයෙන් ම සම්බන්ධ වූ ඒවා විදහා පෑ ජාන හතරක් ඇති බව පැහැදිලි විය.
තවදුරටත් කෙරුණු පර්යේෂණවල දී, වයස අවුරුදු 22ත් 61ත් අතර අඩුවයස් නිවුන්නුන් 44 දෙනකුගේ කාණ්ඩයක් තුළ, අපිජනනමය ඞීඑන්ඒ වෙනස්කම් බොහොමයක් තිබුණු බව ඔවුන්ට පෙනී ගියේය.
පුද්ගලයකුගේ ජීවිත කාලය තුළ, පාරිසරික සාධක හේතුවෙන් වයසට අදාළව සිදු වන ජානමය වෙනස්කම් ඇති බවත් ඇතැම් ඒවා බොහෝ කල් සිට කි‍්‍රයාත්මක වන බවත් එයින් පැහැදිලි විය.
උපුටා ගැනීම
Adapted from Life Itself: Exploring the Realm of the Living Cell by
Boyce Rensberger. Published by Oxford University Press.
0 comments:
Post a Comment