July 11, 2014

නිරෝගී ඡීවිතයකට රට ඉදි වල වැදගත්කම

1.රට ඉදි වල කොලෙස්ටරෝල් නැත.සුලු වශයෙන් මේදය ඇත.නමුත් රට ඉදි විටමින් හා ඛනිඡ ලවණ වලින් පොහොසත්ය.
2. රට ඉදි  ප්‍රෝටීන්ආහාරමය තන්තුවිටමින් B1 B2 B3 B5 හා විටමින් C වලින් පොහොසත්ය.
3. රට ඉදි  ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන අතර එහි වතුරේ දියවන  හා වතුරේ දිය නොවන තත්තු හා විවිධ ඇමයිනෝ අම්ල වලින් සමන්විතය.
4.රට ඉදි ශක්ති ඡනක ආහාරයක් වන අතර එහි ස්වාභාවික සීනී‍ මෙන් ග්ලුකෝස්සුක්රෝස් හා ප්රක්ටෝස් සීනි ඇත.
5. රට ඉදි වල කැලරි අඩු වශයෙන් ඇති අතර නීරෝගී ඡීවිතයක් ගැන සිතන අය සදහා වඩාත් සුදුසුය.
6. . රට ඉදි පොටෑසියම් වලින් පොහොසත් වන අතර එය ශරීරයේ සෝඩියම් අඩු කරයි . එසේම රට ඉදි ස්නායු පද්ධතියේ නිරෝගී බව වැඩි දියුණු කිරීමට බලපායි.
7. රට ඉදි LDL කොලෙස්ටරෝල් අඩු කිරීමට උදව් කරයි.එසේම එහි යකඩ වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර රක්තහීනතාවය අඩු කිරීමට උදව් වෙයි.
8. රට ඉදි වල ඇති ප්ලොරීන් නම් සංයෝගය දත් දිරා යෑම අඩු කරයි.
9. රට ඉදි මල බද්ධ‍යෙන් පීඩා විදින පුද්ගලයින්ට වඩාත් සුදුසුය.රැයක් පොගවා ගත් රට ඉදි හා වතුර අහාරයට ගැනිම වඩාත් ගුණදායකය.

10. රට ඉදි බර වැඩි වීම සදහා උපකාරි වන අතර කෙට්ටු පුද්ගලයන්ට ඉන් මිදිමට මග පාදයි.
11.රට ඉදි අක්ෂි පෙනිම වැඩි දියුණු කරණ අතර රාත්‍රී වර්ණ අන්ධතාවය අඩු කිරිමට බලපායි.
12.වඩාත් වැදගත් කරුණ වන්නේ රට ඉදි ආහාරයට ගැනීමෙන් අතුරු ආබාධ නැති අතර එය සම්පුර්ණයෙන්ම ස්වාභාවික ආහාරයක් මෙන්ම විවිධ ලෙඩ රෝග සදහා සුව ඔසුවක් වේ.

2 comments:

යාලුවෙක් දවසක් මට කිව්වා රටඉඳි නිතරම කෑවොත් ඒක වෘෂණ කෝෂ විශාල වීමට බලපානවා කියල. මේකේ සත්‍යතාවක් තියද?

Post a Comment