May 23, 2018

සරල සංවේදී දුරස්ථ පාලක පරීෂකය


දුරස්ථ පාලක සම්පේෂක පරීක්ෂා කිරීම සඳහා මෙම හුරුබුහුටි සරල දුරස්ථ පාලක පරීක්ෂක පරිපථය රූපවාහිනී සහ වෙනත් දුරස්ථ පාලක සම්පේෂකයන්  පරීක්ෂාව සඳහා භාවිතා කරයි. පරිපථය 7805 IC, IR සංවේදක මොඩියුලය සහ අනෙකුත් පහසුවෙන් ලබාගත හැකි සංරචක භාවිතා කර ඇත.

දුරස්ථ පාලක පරීක්ෂක පරිපථය

දුරස්ථ පාලකය මගින් සම්පේෂකය වන IR සංඥා, සරල සංවේදී දුරස්ථ පාලක පරීක්ෂකයෙහි IR සංවේදක මොඩියුලය මගින් හඳුනාගන්නා අතර pin 2 හි එහි ප්‍රතිදාන වෝල්ටීයතාවය අඩු වේ. මේ හේතුවෙන්  T1 ට්‍රාන්සිස්ටරය හරහා ධාරාවක් ගලා යාම් හේතුවෙන්  LED1 බල්බය නිවී නිවී දැල්වේ. ඒ අතරම, ඩිජිටල් පාලක සම්ප්රේෂකය වෙතින් එන සංඥාවට  අදාලව බසර් එක නාද වීම සිදුවේ. දුරස්ථ පාලකයේ විවිධ බොත්තම් එබීමෙන් වෙනස් වන ස්පන්දන හේතුවෙන්  සරල සංවේදී දුරස්ථ පාලක පරීක්ෂකයෙහි IR සංවේදක මොඩියුලය මගින් හඳුනාගන්නා අතර pin 2 හි එහි ප්‍රතිදාන වෝල්ටීයතාවය වෙනස මඟින් LED බල්බය විහිදුවනආලෝක ප්‍රමාණය බල්බය නිවී නිවී දැල්වීමේ වේගයද වෙනස් වීම සහ බසරයේ නාදයද වෙනස් වීම සිදුවේ.



සංවේදක මඟින් කිසිදු සංඥාවක් නොදක්වන විට සංවේදී දුරස්ථ පාලක පරීක්ෂකයෙහි  pin 2 හි එහි ප්‍රතිදාන වෝල්ටීයතාවය ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස, T1 ට්‍රාන්ස්සරයේ හරහා ධාරාවක් ගලා නොයයි. එබැවින් LED1 බල්බය නිවා  දැමීම සහ Buz1 බසරය නාදය නතර වේ. මෙම පරිපථය 9V බැටරියක් සම්බන්ධ කර ඇති අතර  5V නියාමනය කළ බල සැපයුම මගින් පරිපථයට සම්බන්ධ වේ.


 C1ධාරීත්‍රකය මගින්  ආදාන DC ධාරාව සුමටනය වන අතර C2 ධාරීත්‍රකය මගින්  ආදාන සැපයුමෙහි  දිස්වන ඕනෑම පැකිලිය (spikes) අවම කරයි.විදුලි පංකා සහ ඉලෙක්ට්රොනික් බැලස්ට් මඟින් නිපදවන විද්යුත් චුම්භක විමෝචන තරංග නිසා  (ග්රාහක පරිපථ කලාපයේ පැතිර ඇති) ඇතිවන බලපෑම අවම කිරීමට ලෝහ පෙට්ටියක් තුළ තබා බිම් ගත කර ගැනීම සුදුසු වේ. මෙම පරිපථය සකස් කීරීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය අත්හදා බලන්න.

ඒ.ඒ.ජේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය
පාතදුම්බර

0 comments:

Post a Comment