May 22, 2018

ලේසර් ආලෝකය භාවිතයෙන් ගේ දොර ආරක්ෂක ඇඟවීමේ පද්ධතිය

මෙම ලිපියේ අරමුණ වන්නේ ලේසර් ආලෝක ආරක්ෂණ අනතුරු ඇඟවීමක් වන අතර එය නිවෙස් ආරක්ෂක පද්ධතියක් ලෙසද භාවිතා කළ හැකිය. මෙම ව්‍යාපෘතිය ඕනෑම අයෙකුට සොරකම්වලින් තම නිවස රැක ගැනීමට නිවසේදීම අත් හදා බැලිය හැකි ය.

අවශ්‍ය උපකරණ
·         Soldering iron(ඊයම් උණු කීරීමට බවුත් එකක්)
·         Soldering flux(ඊයම් උණු කීරීමට පහසු කරන ෆ්ලක්ස්)
·         Solder wire(0.8mm  ඊයම් )
·         Small hand drill machine(කුඩා අත් විදුම් යන්ත්‍රයක්)
වෙනත් අවශ්‍ය  ඉලෙක්ට්‍රොනික උපකරණ
·         Plain PCB (printed circuit board)(PCB සඳහා යොදා ගන්නා තාඹ තදුවකි)
·         Scrubber(PCB පිරිසිදු කීරීමට)
·         PCB etching(ෆෙරික්  ක්ලෝරයිඩ්)
·         Double-sided tape(දෙපැත්ත ඇලෙන ගම් ටේප්)
·         Resistor 100 Ω – 03nos. (ප්‍රතිරෝධක )
·         LDR (light dependant resistor)-01no. .(ආලෝක සංවේදී ප්‍රතිරෝධකය )
·         LED (light emitted diode)-01no.(ආලෝක විමෝචක දියෝඩය )
·         Transistor (BL548) -02 nos.(ට්‍රාන්සිස්ටරය BL 548)
·         Buzzer(නාදය ලබා ගැනීමට බසරයක්)
·         DC socket (Nokia cellphone small charging pin)(පින් සොක්ට්ටුවක්)
·         Adapter -5volt (nokia charger)(නොකියා ෆෝන් චාජරයක්)
·         Battery holder(බැටරි රදවනය)
·         Battery(බැටරිය)
·         Laser light(ලේසර් ආලෝකය ලබා දෙන ලාම්පුව)

·         Switch(සුවිචය)
පරිපථය නිර්මාණය සහ පරීක්ෂාව
පියවර 1
පරිපථය PCB මත ඇදීම

ස්ථිර මාර්ක(permanent marker) එකක් ගෙන 1 රූපයේ දැක්වෙන පරිදි ඔබේ PCB මත විදුලිය ගමන් කරන මාර්ගයන් අඳින්න.

පියවර 2
PCB මත ඔක්සයිඩ බැදී ඇති නිසා පිරිසිදුකාරකයක් සමඟ පිරිසිදු කරන්න. PCB මත විදුලිය ගමන් කරන මාර් ගය(Cu Path) පමණක් ඉතිරිව ත දිය කීරීම සඳහා එචින් ද්‍රාවණය (ෆෙරික්  ක්ලෝරයිඩ්) ජලය සමග මිශ්‍ර කර සකස් කර ගන්න.   කුඩා පරිමාණ ප්ලාස්ටික් කන්ටේනරයකට එචින් ද්‍රාවණය (ෆෙරක්  ක්ලෝරයිඩ්) දමා PCB එක සමපුරණයෙන්ම් ගිල්වා විසුරුවා හැර විනාඩි 10 කට සොලවන්න, එවිට විදුලිය ගමන් කරන මාර්ග මාර් ග  පමණක් ඉතිරිව අනෙක් ත දිය වේ.  දැන් PCB පිටතට ගෙන එය හොඳින් ජලයෙන් සෝදා ගන්න.
පියවර 3
අනෙකුත් ඉලෙක්ට්රොනික සංරචක සවි කිරීම සඳහා කුඩා අත් විදුම් යන්ත්‍රයක් ආධාරයෙන් PCB මත කුඩා සිදුරු විද ගන්න.ඉලෙක්ට්රොනික් සංරචක පිහිටීමෙහි පිහිටීම සොයා එම ස්ථාන වල ට ඊයම් තබා පස්සා ගන්න.PCB මත ඉලෙක්ට්රොනික් සංරචක සවි කර ලේසර් ආලෝකය ලබා දෙන උපකරණය  බැටරි හිස්වැසුම සමඟ පෑස්සිය යුතුය.
පියවර 4
මල්ටි මීටරයක් ආධාරයෙන් ප්‍රතිදාන වෝල්ටීයතාවය පරීක්ෂාකර බලා නිසි ස්ථානයක සවි කිරීමෙන් පසුව  පරිපථ නැවත පරික්ෂා කිරීමෙන් පසු, ස්විචය 'ON' යතුර ඔබන්න. දැන් ඔබ ලේසර් ආලෝකය ඉදිරිපිට ඔබගේ ඇඟිල්ල තැබූ විට, බසරය නාද වේ. ඔබගේ ඇගිල්ල ඉවත් කරන විට බසරයෙන් කිසිඳු ශබ්දයක් නොලැබේ.
දැන්  ඔබේ ආරක්ෂක පද්ධතිය සූදානම්.

https://electronicsforu.com/electronics-projects/laser-light-security-alarm

ඒ.ඒ.ජේ.එස්. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය
පාතදුම්බර

0 comments:

Post a Comment