May 1, 2018

පෘථිවිය මත පිහිටවූ අඟහරු ග්‍රහයාගේ ආදර්ශන


අඟහරු ග්‍රහයාගේ සිතියමක් සෑදීමට උපයෝගි කරගන්නා භූ-රේඩාර් පද්ධතියක් පරීක්ෂා කිරීමට විද්‍යාඥයෝ දෙදෙනෙකු එක්ව කටයුතු කරති. අභ්‍යවකාශගාමීන් මෙන් අභ්‍යවකාශ ඇඳුම් කට්ටල පැළඳ සිටින ඔවුහු කඳු හා වැලි සහිත භූමිය හරහා පැතලි පෙට්ටි ඇදගෙන යති. ඔවුන්ගේ ආරක්ෂිත උපකරණවල දීප්තිමත් සුදු පැහැය අවට ඇති වැලි සහ අපිරිසිදු වර්ණයන්ට එරෙහිව කැපී පෙනේ.

භූ-රේඩාර් ක්‍රියා කිරීම නැවතුන විට, ඔවුන් දෙදෙනා තම වාහන වෙත ආපසු ගොස් ගුවන් විදුලිය භාවිතා කර උපදෙස් ලබාගැනීම සදහා ආසන්නයේ පිහිටි කඳවුරක සිටින තමන්ට මාර්ගෝපදේශ ලබාදෙන විද්‍යාඥයින් සම්බන්ධකර ගැනීමට උත්සහ කරයි. යුරෝපීය ඇල්ප්ස් වල දුර බැහැර පිහිටි සිය අණ දෙන මධ්‍යස්ථානය සමඟ සෘජුව කථා කිරීමට ඔවුන්ට අපහසු වන අතර එහි සිට කෙරෙන සන්නිවේදනය විනාඩි 10 ක ප්‍රමාදයක් සහිත වේ.

එහෙත් විද්‍යාඥයන් සිටිනුයේ අඟහරු ග්‍රහයා මත නොවේ. ඔවුන් සිටිනුයේ යේමනය සහ සවුදි අරාබි මායිමට ආසන්නව පිහිටි දකුණු ඕමාන්හි කාන්තාරයේය. රතු ග්‍රහයා වෙත මින්සුන් සහිත අභ්‍යකාශ යැවීම සදහා විද්‍යාඥයන්  විසින් තෝරාගෙන ක්‍ෂේත්‍ර පරීක්ෂණ පවත්වන මෙම කාන්තාරය බොහෝ සේ අඟහරුට සමාන යැයි සැලකේ. එය අඟහරු වෙත ගගනගාමීන් යැවීමට දරන ප්‍රයත්නයක පෙරහුරු වේ.

පසුගිය සතියේ SpaceX's Falcon  බර රොකට්ටුව සාර්ථකව දියත් කරන ලදී. ඒඅනුව ඈත අභ්‍යවකාශයට යැවිය හැකි දේ පිලිබදව සම්පූර්ණයෙන්ම වෙනස් මානයකට අපව යොමු කර තිබේ. එම රොකට් පරීක්ෂාවෙන් පසු ඊළඟ පියවර, අභ්‍යවකාශයේ ඉංජිනේරුමය නොවන ගැටලු එනම් උදාහරණයක් ලෙස හදිසි වෛද්‍යමය අවස්ථාවන් සදහා ප්‍රතිචාර දක්වන්නේ කෙසේද? යන්න පිළිබදව ක්‍ෂේත්‍ර පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම බව අඟහරු ග්‍රහයා තුල අනාගත මෙහෙයුමක අනුකරණයක් සදහා අභ්‍යවකාශ ඇඳුම් කට්ටල පැළඳ දකුණු ඕමාන්හි Dhofar (ඩොෆාර්) කාන්තාරයේ පෙරහුරවක යෙදී සිටි Analog අජටාකාෂගාමි කුමාර් පවසා තිබේ.

අඟහරු මෙහෙයුමකදී මෙම කරුණු සැහැල්ලුවෙන් සැලකිය නොහැකිය. අන්තර් ග්‍රහලෝක චාරිකා සඳහා සූදානම් වීමේ පෙරහුරු සාමාන්‍යයෙන් පෘථිවිය මතද සිදු කෙරේ. ඒ සදහා අපේ පෘථිවි කාන්තාර හොඳම පරිසරයන් කිහිපයක් සපයයි. එනිසා අඟහරු වෙත චාරිකාවට අවශ්‍ය උපකරණ සහ පුද්ගලයින් පිළිබද ක්‍ෂේත්‍ර පරීක්ෂණද පෘථිවිය මත ක්‍රියාත්මක කරනු ලැබේ.

අභ්‍යවකාශයේ සිට නරඹන විට ඩොෆාර් කාන්තාරය පැතලි, දුඹුරු ප්‍රදේශයක් සේ දිස්වේ. උෂ්ණත්වය සෙල්සියස් අංශක 51 ට වැඩි අරාබි අර්ධද්වීපයේ මෙම කොටසෙහි සතුන් හෝ ශාක සුළු ප්‍රමාණයක් පමණක් ඇත. නැගෙනහිර ඕමාන් මායිමේ පිහිටා ඇති සීමාවක් නොපෙනෙන වැලි කාන්තාරයේ ආදර්ශ අඟහරු කඳවුර පිහිටුවා තිබේ. මෙම කඳවුර ස්වයංපුර්ණ මිනිසුන් ජීවත් වන හා වැඩ කරන විශාල ප්‍රදේශයකි. එය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය රසායනාගාර හා ජීවත්වීමට ඉඩ පහසුකම් සපයන නැව් බහාලුම් වලින් වටවී තිබේ.

වෙනසක් දැකීමට අපහසු ලෙස කාන්තාරයේ මතුපිට අඟහරු ග්‍රහයා මෙන් පෙනේ. එහි ලුණු ශිඛර සහ ගංගා පතුල් අඟහරු ග්‍රහයා මත දකින බොහෝ දේවලට සමානය.

ඔස්ට්රියානු අභ්‍යවකාශ සංසදයේ ඊළඟ අඟහරු අනුකරණ පර්යේෂණ ක්‍රියාවලිය සදහා සත්කාරකත්වය සැපයීමට ඕමාන් රජය ඉදිරිපත් විය. මෙම යෝජනාව ඉදිරිපත් වූයේ අභ්‍යවකාශයේ සාමකාමී භාවිතයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ කමිටුවේ රැස්වීමකදීය. මෙම අඟහරු අනුකරණ පර්යේෂණ ක්‍රියාවලියේ ඕමාන් අණදෙන නිලධාරී Gernot Groemer (ගර්නොට් ග්රෝමර්) ප්‍රකාශ කළේ ඔහුගේ කණ්ඩායම එම යෝජනාව සතුටින් පිළිගත් බවයි.
 
ලොව පුරා විද්‍යාඥයින් පර්යේෂණ සඳහා අදහස් ඉදිරිපත් කළ නිසා මෙම ව්‍යාපෘතිය “Aouda නම් නව අභ්‍යවකාශ  ඇඳුම් කට්ටලය පරීක්ෂා කිරීම ඇතුලුව විද්‍යාත්මක පර්යේෂණ 16 ක් දක්වා ඉක්මණින් වර්ධනය විය. “Personal spaceship (පෞද්ගලික අභ්‍යවකාශයානය)ලෙසද හැඳින්වූ  කිලෝග්‍රැම් 50 ක් පමණ බර නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලය මගින් හුස්ම ගැනීමට, ආහාර ගැනීමට සහ සංකීර්ණ විද්‍යාත්මක ක්‍රියා සිදුකිරීමට හැකියාව ලැබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
https://youtu.be/QWsdvLgVmEc?t=5

0 comments:

Post a Comment