එදිනෙදා ක්‍රියාවලියන්ගෙන් ජනිත වී ඉවත දමනු ලබන ආර්ථිකමය
වශයෙන් වටිනාකමක් නොමැති යැයි සැලකෙන ඝන
තත්වයේ ඇති ද්‍රව්‍යයන් ඝන අපද්‍රව්‍ය වේ. එනම් අප ඉවත දමන අපද්‍රව්‍ය නිසි කළමනාකරණය
තුලින් සම්පතක් බවට පත් කල හැක.
අපද්‍රව්‍ය අවිධිමත්ව බැහැර කිරීම නිසා ගැටළු රාශියක්
අපට ඇති කරයි.
ඝන අපද්‍රව්‍ය වර්ගිකරණය
ඝන අපද්‍රව්‍ය වර්ගිකරණය
ඝන අපද්‍රව්‍ය හා බැදි ඇති පාරිසරික ගැටලු
- අවිධිමත් ලෙස බැහැරලීම හා ගිනි තැබීම මගින් ජලය, පස හා වායු දුෂණය වීම
- ජෛව විවිධත්වයට හානි සිදුවීම
- සෞඛ්‍යමය ප්‍රශ්න ඇති වීම.
- පරිසර අලංකාරය නැති වීම
ඉහත ගැටළු වැලැක්වීමට
නම් අප ඝන අප ද්‍රව්‍ය කළමනාකරණය සදහා අදම යොමු විය යුතුය.
- ඝන අප ද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම හෝ වැලැක්වීම
- සම්පත්/ ද්‍රව්‍ය නැවත නැවත භාවිතයට ගැනීම
- ජනනය වන ස්ථානයේදි ම එක් එක් වර්ග වලට වෙන් කිරිම
- ද්‍රව්‍ය වෙන් වෙන්ව එක්රැස් කිරීම
- ගබඩා කිරීම
- ප්‍රවාහනය
- ප්‍රතිචක්‍රියකරණය
- නිෂ්කර්ෂණය කිරීම.(Resource Recovery)
- ප්‍රයෝජනයට ගත නොහැකි කොටස් අවසාන බැහැර කිරීම
ඒ සදහා භාවිතා කල හැකි
ක්‍රම වේද සෞඛ්‍යා රක්ෂිත කසළ රදවනයක තැන්පත් කිරිම
ඉහළ උෂ්ණත්වයක් සහිත
(1200°C හෝ ඊට වැඩි ) කසළ
දාහකයක උදුන් තුල දහනය
අපද්‍රව්‍ය වෙන් කිරීම සදහා වන ජාතික වර්ණ මාලාව
ශ්‍රි ලංකාවේ ඝන අපද්‍රව්‍ය
වල සංයුතිය සැලකු විට දිරාපත් වන කාබනික ද්‍රව්‍ය ප්‍රතිශතය 65%- 70% අතර අගයක් ගනී.
එම නිසා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය නිවාස, ආයතන ආශ්‍රිතව පහසුවෙන් සිදු කළ හැක.
උපුටා ගැනීම - පොත පත හා
අන්තර්ජාලය ඇසුරින්
3 comments:
බොහොම හොඳයි මහත්මයා,
වැදගත් ලිපියක්. සරල උනත් කරුණු පැහැදිලියි.
ආධුනික මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිත් හපුආරච්චි
කඩුගන්නාව
තවත් සංකිර්ණව පුළුල් කරුණු ඇතුලත් උනොත් සුපිරි
Post a Comment