September 23, 2015

බිම්මල් වලින් රසවත් කෑම

බිම්මල් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කළ හැකිය. අමුද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකිවීමත්,වගා ක්‍රමය ඉතා සරලවීමත් නිසා ස්වයංරැකියාවක් ලෙස ප්‍රචලිතවේ. බිම්මල් වල ඖෂධීය වටිනාකමත් පෝෂණීය ගුණයත් නිසා වෙළපොලේ විශාල ඉල්ලුමක් පවතී. කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා නොකරන අතර ඉතා ඉහල පෝෂණ ගුණය එමෙන්ම විවිධ අතුරු නිෂ්පාදන සෑදීම සහා භාවිතා කරන බැවින් වෙළපලේ ඉල්ලුම ඉහල මට්ටමක පවතී.
     
බිම්මල් වලින් සිදුකරන විවිධ නිෂ්පාදන
v බිම්මල් සුප්
v බිම්මල්පෙති බැදුම
v බිම්මල් කට්ලට්
v බිම්මල් සීනි සම්බල්
v බිම්මල් සැන්විච්
v බිම්මල් මෝජු
v බැදගත් බිම්මල් සම්බෝල
v බිම්මල් කටගැස්ම
 ‍
මෙම නිෂ්පාදන වලින් කිහිපයක් සාදාගත හැකි ආකාරය පහත දැක්වේ.

බිම්මල් සීනි සම්බල්
අවශ්‍ය ද්‍රව්‍ය
වියළි බිම්මල්                           100g                           එනසාල්
අමු මිරිස්                                  100g                           පොල් තෙල්
කුඩුකරගත් උම්මලකඩ           50g                              කුරුු පොතු
රතු ළූණු                                  50g                              කරපිංචා
කෑලි මිරිස්                                50g                              කහ
ලුණු                                                                             සීනි
සුදුළූණු
විනාකිරි

සාදන ක්‍රමය
වියලි බිම්මල් විනාඩි 20ක් උණු වතුරෙ පොවා මිරිකා කහ,විනාකිරි ලුණුකුඩු එක්කර රන්වන් පැහැය වනතුරු ගැඹුරු තෙලේ බැද ගන්න. සිහින්ව කපා ගත් රතු ළූණු, කරපිංචා, උම්මලකඩ, ගැඹුරු තෙලේ බැද ගන්න. එයට බැදගත් බිම්මල් හා කෑලි මිරිස් එකතු කර රස තරමට ලුණු හා සීනි එකතු කරගන්න. තාච්චියක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා සිහින්ව කපාගත් සුදුළූණු රන්වන් පාට වනතුරු බැදගෙන ඉහත මිශ්‍රණය එක්කර මදගින්නේ විනාඩි 05ක් පමණ රත් කරගන්න. හොින් නිවුනු පසු බෝතල් වල අසුරා ගන්න.
 එස්.එම්.ටීකේ.සමරකෝන්
           විද්‍යා හා තාක්ෂණ නිළධාරි
            ගවට කෝරළය

0 comments:

Post a Comment