September 1, 2015

විනාඩි කිහිපයකින් දරුවන් නිදිකරවන පොත්

කුඩා දරුවන් නිදි කරවීම දෙමාව්පියන්ට අසීරු කාර්යයකි. නින්දට යායුතු වේලාව පැමිණි බව දරුවන්ට දැන්වීම යුද්ධ කලාපයක අනතුරු හැඟවීමේ සංඥාවක් බඳුය. කෑගැසීම - නිදහසට කරුණු කීම වැනි දේ දෙමව්පියන් බලාපොරොත්තු වන සාමකාමී නිශ්ෂබ්ද පරිසරයක් නොවේ. ඒ නිසා දරුවන් විනාඩි කිහිපයකින් නිදි කරවීමට සමත් පොතක් මුද්‍රණය වී ඇත්නම් එය පොත් අලෙවියේ ඉහළම ස්ථානයට පත්වනු පමණක් නොව දරුවන්ට හා දෙමාව්පියන්ට විශාල සහනයක් වනු ඇත.

ස්වීඩන් ජාතික චර්යාත්මක මනෝ විද්‍යාඥ කාල් - ජොහාන් විසින් රචිත “The Rabbit who wants to fall a sleep (ඉක්මණින් නිදා ගැනීමට කැමති හාවා)” නම් පොත මෙලෙස දරුවන් ඉක්මණින් නිදි කරවීමට සමත් බව කතෘ පවසයි. එහි දරුවන් ඇහුම්කන්දීමට කැමති යැයි සිතිය හැකි පින්තූර ද ඇතුලත්ය.

මෙම පොත් වඩා ඵලදායී ලෙස භාවිතා කිරීම සඳහා එය කියවිය යුතු ආකාරය පිළිබඳ උපදෙස් ද ඇතුලත්ය. ඇල අකුරු සහිත කොටස් අඩු වේගයකින් හා අඩු ශබ්දයකින් කියවිය යුතුය. කියවන අතර දෙමව්පියන් නිරතුරුව ඈණුම් යැවීමද ද සිදු කළ යුතුය. මෙම පොතෙහි මහන්සියි නිදිමතයි වැනි වචන නැවත නැවත අවධාරණයෙන් භාවිතා කර ඇත. පොතේ ඇති කතාවට  දරුවන්ගේ අවධානය යොමු වී ඔවුන් කථාවේ කොටසක් බවට පත්වීම සහ හාවා සමඟම නින්දට යෑම සිදුවේ යැයි කාල්-ජෝහානා පවසයි. මෙහි ඈනුම් මාමා, නිදිබර බකමූණා වැනි චරිත ද තිබේ.
 

මෙම පොත භාවිතය පිළිබඳ අධ්‍යයනයක් මෙතෙක් කර නැත. එහෙත් එමගින් දරුවන් ඉක්මණින් නිදි කරවිය හැකි බව හඳුනාගත හැකි වේ නම් පටිගත කළ දෙමව්පියන්ගේ හඬ භාවිතය වැනි වැඩි දියුණු කළ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කළ හැකි වෙතැයි අපේක්ෂා කෙරේ.

උපුටාගැනීම:
 Psychologist writes book that he claims will send children to sleep in minutes by Caroline Reid
http://www.iflscience.com/brain/book-claims-put-children-sleep
https://www.youtube.com/watch?v=viP2v_FLpZ8
  

0 comments:

Post a Comment