1.
තමන් ඉතා ස්වාධීන කෙනෙකුයැයි සිතන්න.
අප කුමක් කල යුතුද නොකල යුතුද යන්න ගැන බොහෝ
දෙනෙකු තුල අඳහසක් නැත. අඩුම තරමින් පාසල් යන වයසේ කරුවකු, තමන් අනාගතයේදී කවරෙකු වෙනවාද යයි කියාවත් සිතන්නේ නැත. “මම වෛද්‍යවරයකු වෙනවා”, “මම
ඉංජිනේරුවෙකු වෙනවා” කියන සිතුවිල්ල දරාගෙන එය ඉටුවන තුරු කටයුතු
කරන්නට පුලුවන් වටපිටාවක් දැන් අප අතර මෙන්ම, අපේ
දරුවන් අතරද නැත. කුඩා දරුවන්ගේ සිට ඉහ නිකට පැහුණු මිනිසා දක්වා දකින්නට පුලුවන්
වන්නේ බය, පාළුව, තනිකම, ඊර්ෂ්‍යාව, සහ තරහව මුල්කරගෙන ඇතිවන හැගීම්ය. මේ හැගීම්
වලින් මුළුගැන්වුනු සිතකට යහමඟ පෙනෙන්නේ නැත. එවැනි පුදගලයින් අනුන්ට වින කටින්නට
යති. නැත්නම් තමන්ගේ හැගීම් සමග නිවරදිව ගනුදෙනු කිරීමට නොහැකිව මතුද්‍රව්‍ය වල
එල්ලී සිටිති. මේ දෙකම හොද නැත. දෙකෙන්ම වන්නේ තමන්ගේ වල තමන්ම කපා ගැනීමකි.
2. සුභවාදී වචන හැම විටම භාවිතයට ගන්න.
කිසියම් වැඩක් කරන්නට ගිය විට අප පළමුවෙන්ම
සිතන්නේ “අනේ මට නම් මේ වැඩේ කරන්නට බැහැ” යයි කියාය. ඇත්තම තත්ත්වය මෙය නොවේ. ඒනිසා එවැනි
අසුභවාදී ප්‍රකාෂ වගේම සිතුවිල්ල බැහැර කිරීම පලමුවෙන්ම අප කල යුතු දෙයකි. “මම මේ වැඩේ මට පුලුවන් උපරිමයෙන්ම කරනවා, මම
බොහෙම මහන්සි වෙලා මේ වැඩේ කරනවා” වැනි
සිතුවිලි සමග වැඩකරන්නට පටන්ගත්තොත් යෙහෙකි. වැඩෙහි නිරත වන කාලය පුරාම ඔබ
භාවිතයට ගතයුතු වන්නේ උනන්දුව දනවන වචනයි. සිත තුල උනන්දුව වඩවන සිතුවිලි හැම විටම
ජනනය කර ගතයුතුය. එසේ නොවන්නට බාධා අවහිර ළඟ ඔබට වැටී සිටින්නට සිදුවනු නියතය.
3. තමන්ට වැරදුන තැන් හැමවිටම විශ්ලේෂණය කර බලන්න.
වැරදීම්, අතපසුවීම් ඇතිවීම සමාන්‍යයෙන් මිනිසුන්
අතින් සිදුවන්නකි. කෙතරම් ධනාත්මක සිතුවිලි තිබෙන කෙනෙකු අතින් වුවද වැරදි
සිදුවන්නට පුලුවන. වඩාත් වැදගත් වන්නේ එම වැරදි විශ්ලේෂණය කර බලමින් අතීතයෙන්
පාඩම් ඉගෙනගැනීමයි.
4. ඔබ, ඔබ කෙරෙහි විශ්වාසය තැබිය යුතුය.
යතාර්ථවාදීව සිතමින් ඔබ ඔබ ගැන විශ්වාසදායී
සිතුවිලි පහල කර ගත යුතුය. එසේ නොවන්නට ඔබට ඉලක්ක සහ අරමුණු ස්ථාපනය කරගන්නට බැරි
තත්ත්වයක් ඇති වේ. ඒ වගේම තමන් ලගින් සිටින තමන්ව තමන්ටම විශ්වාස නැති විටක කටයුතු
කරන්නේ කොහොමද යන ගැටලුව ඇති වේ.
5. මනස ලිහිලනයෙන් තබා ගැනීම වැදගත් දෙයකි.
මනස ලිහිල්ව තබා ගැනීමේ කටයුත්ත බොහෝ දෙනෙකුට
අමතක වී යන කාරණයකි. ප්‍රබල ගැටලුවක් ඇති අවස්ථාවකදී පවා ඔබට මඳක් හෝ මනස ලිහිලි
කර ගෙන කටයුතු කිරීමට පුළුවන් නම් හොඳය. එසේ නොවුනහොත් ඔබට දැඩි ආතතියකින් සහ
මානසික පීඩනයකින් දුක්විදින්නට සිදුවේ.
නවයුගය සඟරාව ඇසුරින්
0 comments:
Post a Comment