April 17, 2015

සංවර්ධනය වන රටවල ජිවිත හානි වලකන කාලගුණ මධ්‍යස්ථානයක්

 
කාලගුණය සෑම විටම නොමිලේ සැපයේ. එහෙත් හදිසි කුණාටු,ගංවතුර වලින් ජීවිත හා දේපල හානි අවම කර ගැනීම සඳහා සූදානම් වීමට කාලගුණය ගැන නිවැරදි අනාවැකි පල කිරීමට  අවශ්‍යය. ඒ සදහා භාවිතා කළ යුතු උපකරන හා සන්නිවේදන ක්‍රම මිල අධිකය.  ත්‍රිමාන මුද්‍රණය හා ලාභදායි වානිජ ඉලෙක්ට්‍රොනික් ආධාරයෙන් රු 20000ක් වැනි මුදලකට කාලගුණ මධ්‍යස්ථාන ඇති කිරීමට හැකි බව USAID සංවිධානය ප්‍රකාශ කරයි. එමඟින් සංවර්ධනය වන රටවලට කාලගුණ තොරතුරු වඩාත් නිවැරදිව ලබා ගැනීමේ පහසුකම් සලසා දීම වඩා පහසු වනු ඇත.

ජාතික සාගර හා වායුගෝල පරිපාලන අයතනය සහ  USAID ආයතනය එක්ව මෙම ත්‍රිමාන මුද්‍රණ කාලගුණ මධ්‍යස්ථාන සකස් කරයි. ත්‍රිමාණ මුද්‍රණය මගින් බොහෝ  අමතර කොටස් ද මුද්‍රණය කරන බැවින් අළුත්වැඩියාව හා ක්‍රියාකාරී තත්වයෙන් කාලගුණ මධ්‍යස්ථානය පවත්වාගෙන යෑම පහසුවේ. මධ්‍යස්ථානය වර්ෂාමානයක්‌ සමඟ සුළං වේගය ,ආර්ද්‍රතාව, පීඩනය හදුනාගන්නා  සංවේදක වලින් සමන්විතය. තවද මෙම උපකරණ සූර්යාලෝකයෙන් හානී වීම වැළැක්වීමට කිරණ ආවරණයක්ද ඇත. සංවේදක හා මානක  මඟින් ලබාගත් තොරතුරු ඉතා ලාභදායී Rasberry Pi පරිගණක වෙත ලබා‍ දේ.පරිගණකය  දත්ත විශ්ලේෂණය කර අදාල කාලගුණ තොරතුරු වාර්තාවක් නිකුත් කරයි. මධ්‍යස්ථාන භාරකරුට එම තොරතුරු ලබා ගත හැකි අතර වෙනත් ස්ථානගත  කාලගුණ විශ්ලේෂකයන්ටද මෙම තොරතුරු සම්ප්‍රේෂණය කළ හැක.

දැනට පවත්නා වාණිජ කාලගුණ මධ්‍යස්ථාන රුපියල ලක්ෂ ගණනින් වටිනා වන නමුත් මෙම ත්‍රිමාණ මුද්‍රිත කාලගුණ මධ්‍යස්ථානය සඳහා වැයවනුයේ රු. 20000 ක් පමණි. පසුගිය ගිම්හාන සෘතුවේදී පර්යේෂකයන් බෝල්ඩන් හා කොලරාඩෝ වැනි ප්‍රදේශ වල පිහිටි ත්‍රිමාණ කාලගුණ මධ්‍යස්ථාන පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන ලදී. එතැන් පටන් එහි ප්‍රවර්ධනය හා අවශ්‍යතාවය පිළිබඳ වාර්තා පල විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සමුළුවේදී ආපදා අවධානම අඩු කිරීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමේ වැදගත්කම භාවිතා කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමටද නියමිතය. ප්‍රථමයෙන්  රටවල් දෙකක පමණ මූලිකව ත්‍රිමාණ මුද්‍රිත කාලගුණ මධ්‍යස්ථාන පිහිටුවා පසුව  මේවා ලොව පුරා ව්‍යාප්තිය  ආරම්භ කිරීමට නියමිතය. අඩු වි‍යදම් සහ පහසුවෙන් අළුත්වැඩියා හා නඩත්තු කල හැකි මෙම මධ්‍යස්ථාන මඟින් ස්වාභාවික විපත් පිළිබඳ අනාවැකි ඵල කිරීම වඩාත් සාර්ථකව ව්‍යාප්ත කළ හැකි වේ.

උපුටා ගැනීම.
3D-printed weather stations could save lives in developing countries by Kelsey D Atherton
http://www.popsci.com/usaid-wants-cheap-3d-printed-weather-stations-world


0 comments:

Post a Comment