April 29, 2015

කලාමැදිරියන්ගේ ආලෝකය නිකුත් කිරීමේ රහස හඳුනා ගනී.

කලාමැදිරියන් ඇසිපිය හෙලන ක්ෂණයකින් තාරකා මෙන් අඳුරු පසුබිම හරහා රඟන ආකාරය නැරඹීම සැබවින්ම කලාත්මකය, සුන්දරය. ඔවුන් මේ මෝහනීය ආලෝක ප්‍රදර්ශනය කරන්නේ ඇයි? කාලයක සිට කලාමැදිරියන්ගේ bioluminescence (බයෝලුමිනසීනස්) පිටුපස ඇති රසායන ක්‍රියාවලිය අවබෝධ කරගෙන සිටින නමුත් මේ සුන්දර ප්‍රපංචය පිළිබඳ භෞතික විද්‍යාත්මක විග්‍රහය තරමක අභිරහසක් සේ සැලකේ. දැන් නවීන තාක්ෂණ ක්‍රම හා රූප සංකලන තාක්ෂණ ක්‍රම මගින් පර්යේෂකයන්  පළමු වරට කලාමැදිරියන්ගේ දිලිසෙන ආලෝකය පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට සමත්ව තිබේ.

කලාමැදිරියන් දිලිසෙන ආලෝකය, සංඥා ලෙස සන්නිවේදනය සඳහා භාවිතා කරති. සෑම එක් කලාමැදිරියෙකු සඳහා ඔහුට ආවේනික දිලිසෙන ආලෝක රටා ඇත. උන් ඒවා තමන්ගේ විරුද්ධ පාර්ශවයන් ආකර්ෂණය කර ගැනීම සඳහා යොදා ගනී. ඒ වගේම මෙම ආලෝකය ආක්‍රමණික විලෝපිකයන් බිය ගැන්වීම සඳහා භාවිතා කරන බව ද උපකල්පනය කරනු ලැබේ.

කලාමැදිරියන්ගේ දිලිසෙන ආලෝකය නිපදවීම හෙවත් bioluminescence ලෙස හැඳින්වෙන ක්‍රියාදාමයේ රහස ඔක්සිජන් හමුවේ ප්‍රතික්‍රියා දක්වන රසායනික සම්බන්ධතාවයන් බව විද්‍යාඥයන් හදුනා ගෙන ඇත. කැල්සියම්, ATP හෙවත් සෛලවල ශක්ති මූල සහ luciferin රසායනිකය සමග ඔක්සිජන් අණු එක්වී ආලෝකය නිපදවනුයේ luciferase නම් එන්සයිමය ආධාරයෙන්ය. උදරයේ පිහිටි ලන්තෑරුම නම් ආලෝක ඉන්ද්‍රිය තුල ඇති Potocytes හෙවත් ආලෝකය නිෂ්පාදනය කරන සෛලවල මෙම ක්‍රියාවලිය සිදුවේ. වාහිනී පද්ධතිය ලෙස හදුන්වන කුඩා නාල එකතුවූ ශ්‍රේණියක ලන්තෑරුම තුල ඇති සෛල සමග ඔක්සිජන් සම්බන්ධ වේ. මෙම සෛලවල සාමාන්‍යයෙන් දහඩිය මෙන් ගන්ධයක් ඇත.
 
දිලිසෙන ආලෝක නිෂ්පාදනය තොරතුරු පිළිබඳ මේ තරම් දැනුවත් වුවද ඔක්සිජන් සැපයීමේ ක්‍රියාවලිය සර්ව සම්පූර්ණව හඳුනාගෙන නොතිබුණි. එයට වස්තු වාහිනී ක්‍රියාවලිය ඉතා සූක්ෂම හා සංකීර්න වීමයි. ඒ නිසා විද්‍යාඥයින් කලාමැදිරියන්ගේ දිලිසෙන ආලෝක නිපදවීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමට හා නිරීකෂනය කිරීමට නොහැකි විය. ස්විස්ටර්ලන්තය සහ තායිවානයේ ජාත්‍යන්තර පර්යේෂක කණ්ඩායමක් ලන්තෑරුම (lantern) සහ අන්වීක්ෂීය (tracheal) පද්ධති හදුනා ගැනීමට සුවිශේෂී තාක්ෂණයක් ඉදිරිපත් කළේය.
එම තාක්ෂණයන් microtomography හී synchrotron  ප්‍රභේද අංශය සහ අන්වීක්ෂීය එක්ස්රේ සන්නිවේදන ලෙස හදුන්වනු ලැබේ. එමගින් කෘමීන් සත්‍යවශයෙන් මයිට්‍රෝකොන්ඩ්‍රියාවෙන් බැහැරට ඔක්සිජන් හැරවීම මගින් දිලිසීම ඇති වන අතර  ඒ නිසා සෛලවල ශක්ති නිෂ්පාදනය පාලනය වේ. මෙම ඔක්සිජන් ඉන්පසුව bioluminescent ප්‍රතික්‍රියාව සඳහා නැවත යොමු කරනු ලැබේ.
උපුටා ගැනීම -
 Scientist unravel mechanism behind firefly flashing By Justine Alford

https://www.youtube.com/watch?v=RpywSqvXDqc

0 comments:

Post a Comment