April 22, 2015

සුවිශාල පරමාණුක බන්ධන ඝට්ටනය (LHC)

අංශු  අස්වාභාවික (ව්‍යාකූල) ලෙස ඒකාබද්ධ කිරීම සඳහා අති විශාල ශක්තියක් මෙන්ම අවකාශයක් අවශ්‍ය වේ. මේ සඳහා ලොව අධිකතම අංශු ත්වරණයක් ළඟා කර ගත හැකි බලවත් පරමාණුක බන්ධන ඝට්ටනයක්‌  (LHC) නිෂ්පාදනය කරන ලදී. 2012 වසරේදී අපේක්ෂිත වේගයෙන් 50% ක වේගයක් පමණක් ළඟා කර ගන්නා ලද නමුත් එය භෞතික විද්‍යාවේ බොහෝ කාලයක් සොයමින් සිට හිග්ස්ගේ බෝසෝනය (Higgs boson) සොයා ගැනීමෙන් ප්‍රසිද්ධියට පත්විය. එතැන් පටන් LHC හී සුවිශාල නවීකරණ කටයුතු ක්‍රියාත්මක කරන ලදි . එය දෙවන වර 100% ක සම්පූර්ණ ශක්තියට ආසන්නව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. ඉදිරි තෙවසරක කාලයේදී විද්‍යාඥයින් 12,000 ක් පමණ අංශු භෞතික විද්‍යාවේ (Particle Physics) ගැඹුරුම සහ අද්භූතම ගැටලුවලට පිළිතුරු සොයා ගැනීම සඳහා මෙම LHC භාවිතා කරනු ඇත. එමඟින් ඔවුන් කවර නම් නව අංශූන් ,බලයන් හෝ සමහර විට නව මානද (dimensions) සොයා ගන්නේ දැයි කවරෙකුට හෝ පැවසිය නොහැක.

Atlas Detector (ඇට්ලස් අනාවරකය)

ත්වරණය (වේගය වැඩි කිරීම)
මේ සඳහා LHC පරමාණුක බන්ධන ඝට්ටනය ආසන්න වශයෙන් සැතපුම් 17 ක දිගක රවුම් උමගකින් සමන්විත වේ . ප්‍රෝටෝන කදම්භ දෙකක් ප්‍රතිවිරුද්ධ දිශා ඔස්සේ උමඟ තුලින් ගමන් කරයි. අභ්‍යවකාශයට වඩා වැඩි සිසිලකින් සිසිල් වූ අධිසන්නායක චුම්භක මගින් ගමන් මග  පෙන්වූ අධිරික්තයන් සකසා ඇත්තේ අති විශාල වේගයක්‌ ලබාගැනීම  සඳහාය . එමඟින් ආලෝක වේගයට ආසන්න වේගයක් ළඟා කර ගත හැකිය. එනම්, ප්‍රෝටෝන තත්පරයට 11,245 වාරයක් සැ.17 ක් දිග උමග දිගේ ගමන් කරනු ලැබේ.
ගැටීම
තත්පරයට මිලියන 800 වාරයක් අංශු ගැටීම සඳහා ප්‍රෝටෝන කදම්භ ප්‍රධාන අනාවරක  හතරක් හරහා යනු ඇත. මෙම ගමනේදී සිදුවන ඝට්ටන මගින් ටෙට්‍රා ඉලෙක්ට්‍රෝන වෝල්ට් 13 ක (TTEV) පෙර නොවූ විරූ වෝල්ටීයතාවයක්‌  නිපදවනු ලැබේ. මෙය චලනයේ යෙදෙන මදුරුවන් 13 දෙනෙකුගේ ශක්තිය මදුරුවන්ගේ සාමාන්‍ය චලන ප්‍රදේශය මෙන් ට්‍රිලියනකින්  කුඩා ප්‍රදේශයක සිදු කරනවා වැනිය. එනම්, එහි ඝනත්වය මහා  පිපිරුම (Big Bang) සිදු වූ අවස්ථාවට සමාන වේ.
නිර්මාණය
මහා භෞතික විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ  E = mc2  සිද්ධාන්තය අනුව ශක්තිය ස්කන්ධය බවටත් ස්කන්ධය ශක්තිය බවට පරිවර්තනය කළ හැකිය. එලෙසම  එකිනෙක ගැටෙන ප්‍රෝටෝනවල ශක්තිය එක්වීමෙන් සුවිශාල නව අංශු නිර්මාණය වීමටද  ඉඩ තිබේ. මෙතෙක් නිරීක්ෂණය කරන ලද වැඩිම බරකින් යුත් උප පරමාණුවක් වූ ක්වාක්‌ (Quark) වුව නිර්මාණය විය හැකිය. නමුත් ඒවා අස්ථාවර බැවින් ක්ෂණිකව වෙනත් නව කුඩා අංශු වලට ක්ෂය වීමද අපේක්ෂා කෙරේ.
හදුනා ගැනීම
මෙම ද්වතියික අංශු ඝට්ටනය සිදුවූ  ස්ථානයයෙන් විසිරී යන බැවින් අනාවරක  මගින් ඒවායේ ගති ලක්ෂණ මනිනු ලැබේ. එනම්, ස්ථානගතවීම, ශක්තිය, ශක්‍යතාව, ගම්‍යතාව සහ ආරෝපනය යනාදිය මෙලෙස ගණනය කරනු ලැබේ. නව අංශු නිර්මාණය වූ ක්ෂණයකින් විද්‍යාඥයින් හඳුනාගැනීමෙන් පසු  එම තොරතුරු සම්පූර්ණයෙන් නවතම වූ සොයා ගැනීම් ලෙස එළිදක්වනු ඇත.

උපුටාගැනීම :
How it works :The large HADRON COLLIDER by David Harris

https://www.youtube.com/watch?v=debQ60QVtYQ

0 comments:

Post a Comment