April 9, 2015

වක්‍ර නම්‍ය සුළු පෘෂ්ඨ වුවද සූර්ය කෝෂ කළ හැකි ඉසිනයක්

විවිධ පෘෂ්ඨ සූර්ය කෝෂ බවට පත්කළ හැකි ඉසිනයක් (Spray) නිෂ්පාදනය කිරීමට කැනඩාවේ ඉංජිනේරුවෝ පර්යේෂණ වල යෙදෙති. සාපේක්ෂව නවතම නැනෝ තාක්ෂණ ද්‍රව්‍යයක්‌ වන  කලිල ක්වොන්ටම් තිත් (Colloidal Quantum Dots) භාවිතයෙන් මේ සඳහා මූල්‍යකෘතියක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් වී තිබේ. එම නැනෝ ද්‍රව්‍යය ඉසිනයක් ලෙස විවිධ මතුපිට සඳහා ඉසීම (Spray) මගින් සූර්ය කෝෂ නිෂ්පාදනය කර ගැනීම ඔවුන්ගේ උත්සාහය වී තිබේ.

දැනට නිෂ්පාදිත බොහෝ සූර්ය කෝෂ මතුපිට ඔබ දැක ඇති පරිදි සමතල/පැතලි ස්වරූපයෙන් පවතියි. කලිල ක්වොන්ටම් තිත් නැනෝ ද්‍රව්‍යය විවිධ මතුපිට සඳහා ඉසීම මගින් සූර්ය කෝෂ නිෂ්පාදනයට හැකි  වේ නම් වක්‍ර, රැලි වැනි විවිධ හැඩතල සහිත මතුපිට පවා සූර්ය කෝෂ බවට පත් කර ගත හැකිය. එමගින් නම්‍ය සුළු සූර්ය කෝෂ වඩාත් අඩු මිලකට නිපදවීමට හැකිවන අතර ඒවායේ බලශක්තිය ද වැඩි කිරීම පහසුවේ. ඉතා සිහින් ප්ලාස්ටික් රෝල් සඳහා මෙම ප්‍රකාශ වෝල්ටීය ද්‍රව්‍ය ඉසීමට කර්මාන්තශාලාවලට හැකිවීම නිසා පහසුවෙන් වෙළඳපොළ මගින් එය  පොදු භාවිතයට පත්වනු ඇත .

ලොව පුරා විවිධ කණ්ඩායම් සූර්ය කෝෂ ඉසින තාක්ෂණය සඳහා පර්යේෂණවල යෙදී සිටිති. ඒ සැමගේ අරමුණ වක්‍ර හා සිහින් මතුපිට සූර්ය කෝෂ බවට පත් කිරීමයි. මේ අතර කලිල ක්වොන්ටම් තිත් කණ්ඩායම හෙවත් පෙර සඳහන් කළ කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය හා IBM හී ඉංජිනේරු කණ්ඩායම විසින් මෙවැනි විවිධ සූර්යකෝෂ මූලාකෘති නිෂ්පාදනය කර තිබේ. කාචයක හැඩැති වක්‍ර සූර්ය කෝෂ නිපදවීම පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ. කලිල ක්වොන්ටම් තිත් ප්‍රායෝගික භාවිතය ප්‍රථම වතාවට පසුගිය වසරේ Sony ආයතනය විසින් නිෂ්පාදිත LED රූපවාහිනීවල ඇතුලත් කිරීමෙන් ආරම්භ වී තිබේ. ඔවුන්ගේ ඊළඟ අරමුණ මෙම කලිල ක්වොන්ටම් තිත් ආලේපිත  සූර්ය කෝෂ උපකරණ මගින් සූර්යා ලෝකය වැඩි ප්‍රමාණයක් විදුලිය බවට පරිවර්තනය කිරීමයි.
 
 කලිල ක්වොන්ටම් තිත් නැනෝ ද්‍රව්‍යය භ්‍රමණය වන සිලින්ඩරාකාර  මතුපිට  ඉසීම ඉහත දැක්වේ.

උපුටා ගැනීම -
Watch a spray on solar cell getting made -By Francie Diep
http://www.popsci.com/watch-spray-solar-cell-getting-made

http://gfycat.com/UnluckyWarlikeDanishswedishfarmdog#?direction=reverse

0 comments:

Post a Comment