January 27, 2016

තිත්ත රසය හදුනන ආශාව පාලනය කරන රසායණික

රසවත් ආහාරයක් ඔබගේ දිවට රුචිය ලබාදේද? එසේම තිත්ත රසය ඔබට හදුනාගත හැකි වේදඑසේනම්  ඒ සඳහා උපකාරී වූ ආශාව පාලන කරන ස්නායු සම්ප්‍රේක්ෂක රසායණිකය වන Serotonin ට ඔබ ස්තුතිවන්ත විය යුතුය. ස්නායු විද්‍යා සගරාවේ පසුගිය මස කලාපයේ මේ පිළිබඳ අධ්‍යනයන කළ වාර්තාවක් පල වී තිබේ.

            ඔබ තිත්ත රසැති ආහාරයක් අනුභව කරන විට එහි ඇති අම්ල, රසග්‍රාහක සෛල මත ප්‍රතිචාරයක් ප්‍රේරණය කරයි.මෙම රසග්‍රාහක සෛල පිහිටා ඇත්තේ ඔබගේ රස දල්ල (Taste buds) තුලය. දිවෙහි ඇති විශේෂ ස්නායු සෛල වෙත සැපයෙන පරිදි මෙම රස ග්‍රාහක රසායණික සංයෝගයන් නිර්මාණය කිරීම මගින් මොළයට පණිවිඩයක් ප්‍රතිචාරණය කරයි.

            පෙර අධ්‍යන වලදී තිත්ත ආහාර අනුභව කිරීම හේතුවෙන් Serotonin නිදහස්වන බවට අදහසක් ඉදිරිපත් කර තිබිණ. Serotonin රසායනිකය ශරීරයේ මූලික ක්‍රියාවලීන් වූ ආහාර රුචිය, නින්ද, මතකය, ආශාව හා ලිංගික ආශාව කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය. ප්‍රීතිය දැනවීම සම්බන්ධව, Serotonin හි මොලයේ ක්‍රියාකාරිත්වය අප අසා ඇති අතර එම රසායනිකය ශරීරයේ වෙනත් කොටස් වලද දැකිය හැකිය. දිව හා සම්බන්ධ ස්නායු පද්ධතියද එවැනි එකකි. ඒ අනුව ස්නායු සෛල Serotonin සම්ප්‍රේෂක තුලට කොළ පැහැති දියර ප්‍රෝටීනයක් ඇතුළු කර නව පර්යේෂණ ක්‍රියාත්මක කර රසය හඳුනා ගන්නා මෙම නව  ක්‍රියාවලිය හඳුනාගෙන තිබේ.

උපුටාගැනීම :
Mood regulate chemicals help your taste sour food

0 comments:

Post a Comment