January 29, 2016

විකාශන /ප්‍රචාරක මධ්‍යස්ථානයක් වු ස්මාට් ෆෝන්

නව වසරේදී තාක්ෂණික සහ ව්‍යාපාරික ලෝකයේ දියුණුව වෙනුවෙන් තම උපායමාර්ග පරීක්ෂා කිරිමට අවශ්‍ය උපකරණ හෝ සේවා පිළිබඳව බොහෝ සමාගම් නිරන්තරයෙන් විමසිලිමත් වේ. එහිදී Twitter මගින් හඳුන්වාදී ඇති වීඩියෝපට පුද්ගලිකව ප්‍රචාරය හෝ විකාශනය කළ හැකි නව උපකරණ  / සේවාවක් වූ Periscope  (පාරිදර්ශකය) කෙරෙහි අවධානය යොමු කර තිබේ.

Periscope ක්‍රියාපිලිවෙල හදුන්වා දීමටද පෙරදීම 2015 පෙබරවාරි මාසයේදී Twitter ආයතනය විසින් එය මිලදී ගෙන ඇත. ඕනෑම පණිවිඩයක්, වීඩියෝවක් හෝ සංවාදයක් ඉතා පහසුවෙන් ඕනෑම පුද්ගලයකුට හෝ ප්‍රජාවට සජීවීව විකාශනය/ප්‍රචාරණය කිරීමට මෙම Periscope මෘඳුකාංගය මඟින් හැකියාව ලබා දේ. ඒ සඳහා IPhone හෝ Android වැනි ස්මාට් ජංගම දුරකථනයක් පමණක් අවශ්‍ය වේ. එනම් ඔබට ඔබගේ වෙළඳ දැන්වීමක් හෝ  දේශණයක් හෝ වෙනයම් විඩියෝවක්, ස්මාට් දුරකථනයකින් සියලු දෙනාට දැනගත හැකි පරිදි විකාශනය / ප්‍රචාරණය කළ හැකිය. ප්‍රේක්ෂකයා ඔබගේ විකාෂණයට සම්බන්ධ වූ විට එය නැරඹිය හැකිය. 

 දුරකථනයේ ඇති කැමරාවේ ගුණාත්මක භාවයේ අඩු පාඩු නිසා බොහෝ විට ප්‍රේක්ෂකයාට එම දසුන් පැහැදිලිව නැරඹීමට අපහසු විය. නවතම සොයාගැනීම් අනුව Wi-fi ඇතුලත් Go Pro Hero 4 කැමරා වලට මෙම දසුන් දුරකථනයෙන්පැහැදිළිව නැරඹිය හැකි බව මෑතකදී නිවේදනය කළේය.එනිසා Periscope මෘඳුකාංගය වඩාත් ව්‍යාප්ත භාවිත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. Go Pro Hero 4 ප්‍රචාරණය iOS උපකරණ සඳහා පමණක් වලංගුව තිබූ නමුත් ළගදීම එය Android භාවිතා කරන්නන්ටද ක්‍රියාත්මක කළ හැකි වේ.

උපුටාගැනීම :
What is Periscope & how can you use it / අන්තර්ජාලය ඇසුරින්

https://www.youtube.com/watch?v=6XyBza5-w-Y

0 comments:

Post a Comment