February 1, 2016

ලුණු ගැන ඔබ දන්නා,නොදන්නා දේ.......

          ලුණු ඔබේ ආහාරය රසවත් මෙන්ම පෝෂ්‍යදායී කරනු ලබයි.එය ඔබේ සිරුරේ පද්ධතීන් නිසි ලෙස ක්‍රියාත්මක වීමට වැදගත් වේ.මේස ලුණු වල අඩංගු වන ප්‍රධාන සංඝටකය වන සෝඩියම් ඔබේ සිරුරේ රුධිර සංසරණය හා රුධිර පීඩනය පාලනය කරනු ලබයි.එසේම එය ස්නායු හා පේශි තන්තු අතර සන්නිවේදන කටයුතු සදහා ද ඉවහල් වේ.
         අනෙක් සංඝටකය වන ක්ලෝරයිඩ් ආහාර ජීර්ණ ක්‍රියාවලියට දායක වේ.එනිසා ඔබ ගන්නා ආහාරයේ අඩංගු ලුණු,මෙම ඉහත අවශ්‍යතාවයන් සපුරා ගනිමින් යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීමට ඉවහල් වේ.
          නමුත් පමණට වඩා මේස ලුණු ආහාරයට ගැනීම ඔබට අහිතකර විය හැක.එසේ අධිකව ලුණු ආහාරයට ගත් විට සිරුරට අමතර ජල ප්‍රමාණයක් දරා ගෙන සිටිය යුතු බැවින් වැලමිට,දණහිස්,මැණික් කටුව වැනි ස්ථාන ඉදිමීමට ලක්විය හැක.එමෙන්ම සෝඩියම් වල විද්‍යුත් විච්ඡේදතාවය නිසා වකුගඩු වලට අමතර සීග්‍රතාවයකින් ක්‍රියා කිරීමට සිදුවේ.වකුගඩු වල ජීව කාලය අඩු වීමට මෙය ප්‍රධාන වශයෙන් බලපායි.වකුගඩු වල ක්‍රියාකාරිත්වයට ඉහළ රුධිර සැපයුමක් අවශ්‍ය බැවින් සිරුර තුල රුධිර සංසරණය වේගවත් වී අධිරුධිර පීඩනය හා මන්ද්‍යාතති තත්ව ඇතිවේ.
      අධික ලුණු සහිත ආහාරයක් ගත් පසු දැනෙන දැඩි පිපාසය ඔබ අත්දැක ඇති බවට සැකයක් නැත.නමුත් එම පිපාසය සංසිදවීම සදහා ජලය පානය නොකෙරූ විට සිදුවන්නේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියට අවශ්‍ය ද්‍රව සෛල අභ්‍යන්තරයෙන් ලබා ගැනීමයි.මෙයින් පුද්ගලයා විජලනයට පත්වේ.
   මෙම ජලය මුත්‍රා ලෙස සිරුරින් බැහැර වන්නේ සිරුරේ ඇති කැල්සියම් අයන සමගයි.කැල්සියම් ඌනතාවයට ගොදුරු වන පුද්ගලයා දත්,අස්ථි දුර්වල වීම හා ඔස්ටියෝපොරෝසිස් රෝග වලට ලක්වේ.

   අන්තර්ජාතික පිලිගැනීම වන්නේ වැඩුනු පුද්ගලයකුට දිනකට සෝඩියම් මිලිග්‍රෑම්2.3 ක් ප්‍රමාණවත් බවයි.

-නිව්යෝර්ක් නගරයේ භාවිතයට ගැනෙන ලුණු පිලිබද අවදානම දැක්වෙන සලකුණ-

අන්තර්ජාලය ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා.
විද්‍යා හා තාක්ෂණ නිළධාරි - මීගමුව

0 comments:

Post a Comment