February 15, 2016

ඇමරිකානු විද්‍යාඥයන් සොයාගත් විශ්මිත රොබෝ කණ්ඩායම


මිනිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තබන්නට යන දැවැන්ත පියවරක ආරම්භයක් ලෙස ඇමරිකානු විද්‍යාඥයන්  පිරිසකගේ උත්සාහයක් මත වේයන් මෙන් ක්‍රියා කළ හැකි ස්වයං සංවිධානයක් සහිත රොබෝ කණ්ඩායමක් සොයා ගැනීමට ඔවුන් සමත් වී ඇත. කලින් කළ සැලසුමකට අනුව අධීක්ෂණයකින් තොරව එකිනෙකා සමඟ සහයෝගයෙන් තමන්ට අයිති කොටස තනිවම නිමවිය හැකි රොබෝ කණ්ඩායමක් නිපද වූ පළමු අවස්ථාවයි.

මේ රොබෝවරු ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ පැහැදිළි කිරීමක් කළහොත් මුලින්ම කිිව යුතුයි මොවුන්ට කාර්යයයක් කිරීමට මග පෙන්වීම කරනු ලබන්නේ අධෝරක්ත හා අධිධ්වනි සංඥා කීපයක් භාවිත කිරීම මගිනි. මොවුන් කාර්යයේ යෙදවීමට ප්‍රථම ඔවුන්ගේ කටයුත්ත අවසානයේ ඉදිවන ඉදිකිරීම පිලිබඳ හා සමස්ථ කාර්යය කුමක්ද යන්න පිලිබඳ අවබෝධයක් ඔවුන්ට ලබා දිය යුතුය. මොවුන් අනුගමනය කරනු ලබන්නේ නියෝග දෙකක් පමණි. එනම් ඉදිකළ යුතු ව්‍යුහයට අදාලව යා යුත්තේ කොතනටද, ඊළඟට කළ යුතු කාර්යභාරය කුමක්ද, යන්න පිලිබඳවයි.  මේ රොබෝවරු තුළ ඇති විශේෂ හැකියාව මත ගඩොලක් එසවිය යුතු ආකාරයත් එය සවි කළ යුතු ආකාරයත් එකිනෙකා හා නොගැටී හා හැකි ආකාරයත් පිලිබඳ මනා අවබෝධයක් ඇත.මේ රොබෝට අධීක්ෂණයකින් තොරව   ස්වයංසංවිධානය වී ඕනැම ගොඩනැගිලි ඉදිකිරීමක් කළ හැකි වෙයි.          

වැඩි දුරටත් විද්යාඥයන් පවසා සිටින්නේ අනාගත මිනිසා අඟහරු ලොව තුළ  ජනාවාස ඉදිකිරීමට බලාපොරොත්තු වීමේදි මෙම රොබෝ කණ්ඩායම් එහි යවා ඉදිකිරීම් අවසන් කළ හැකි බවයි. මේ ආකාරයට විද්‍යාඥයන්  පවසන්නේ මිනිසාට ළඟා විය නොහැකි අනතුරුදායක ස්ථාන වලට පවා ගොස් ඉදිකිරීම් කටයුතු කිරීමට මේ රොබෝවරුන්ට හැකි බවයි.   අනාගතයේ දී මේ ආකාරයේ ස්වයංක්‍රීයව වැඩ කළ හැකි මේ රොබෝවරු යොදා මිනිසාගේ ප්‍රයෝජනයට යොදා ගත හැකි මහා පරිමාණයේ ඉදිකිරීම් කළ හැකි බව විද්යාඥයන්ට දැන් ප්‍රත්‍යක්ෂ වී  ඇත.       

සිළුමිණ -2015.9.6 - online edition
සකස් කලේ
විද්‍යා හා තාක්ෂණ නිලධාරී- නොච්චියාගම.

0 comments:

Post a Comment