February 10, 2016

ජාන තාක්ෂණික ආහාර හා අපේ අනාගතය

ජාන ලෙස හදුන්වන්නේ මොනවාද?
කිසියම් සත්වයෙකුගේ හෝ ශාකයක එම ජීවියාගේ හැඩය,වර්ණය,ගන්ධය ආදී විවිධ ලක්ෂණ තීරණය කරන කුඩා කොටස ජාන ලෙස හැදින්වේ. (විවිධ වූ රටවල මිනිසුන් විවිධ හැඩරුව ගැනීමත්, සමේ පැහැය, හිස කෙස් වල වර්ණය හා දේහ ලක්ෂණ මෙම ජාන මත පදනම් වී ඇති නිසා ඇති වූ ලක්ෂණ වේ).
ජාන තාක්ෂණය
සතෙකුගේ හෝ ශාකයක හෝ වෙනත් යම් කිසි ජීව විශේෂයක සෛල තුල පවතින ජාන වලින් ඇතැම් ජාන කොටස් වෙන්කර එම කොටස් තුලට වෙනත් සත්ත්වයෙකුගේ හෝ ශාකයක ජාන එකතු කරමින් නව ශාකයක් හෝ සත්වයෙක් බිහි කිරීමේ තාක්ෂණික කටයුතත ජාන තාක්ෂණය ලෙස හැදින්වේ.

ජාන තාක්ෂණයේ ආරම්භය
ජාන තාක්ෂණය විසි වන සියවස මැද භාගයේ පටන් ලෝකය තුල ඇතිවූ නව තාක්ෂණික ප්‍රවණතාවක් ලෙස හැදින්විය හැක. සීඝ්‍ර ජනගහන වර්ධනය හමුවේ දැනට ඉතිරි වී ඇති ස්වභාවික සම්පත් එක හා සමාන ලෙස ලෝකයේ රටවල් අතර බෙදී යාමක් සිදු නොවන හෙයින් ඉතා කෙටි කාලයකින් අස්වැන්න වැඩි කිරීමේ ක්‍රමෝපායන් මෙතුලින් විමසා බැලේ.දැනට මෙය ප්‍රධාන  වශයෙන් ආහාර භෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් පුලුල් ලෙස විමර්ෂණයට ලක් කෙරේ. තත්වය එසේ වුවත් ජාන තාක්ෂණික ක්‍රම සහ පර්යේෂණ තවමත් සිමා වී ඇත්තේ ලෝකයේ රටවල් අතලොස්සක පමණි. උදාහරණ ලෙස ඇමරිකාව,ආර්ජන්ටිනාව‍, චිනය බ්‍රසීලය,ජපානය වැනි රටවල් දැකිවිය හැකිය. ඔවුන් විසින් හදුනාගනු ලැබූ මෙම ක්‍රියාවලිය අවසානයේ දී සමස්ථ මානව සංහතියේ යහපත පිණිස හේතු වේද යන්න පුලුල්ව විමසා බැලීම වටී.

ජාන තාක්ෂණය  හා අනාගත අභියෝග
ජනගහනය සීඝ්‍ර ලෙස වර්ධනය වන මෙවන් වකවානුවක ආහාර පිලිබද ව වූ ගැටලුව ලෝකය මුහුණ දී ඇති ප්‍රධානතම අභියෝගයකි. දියුණු රටවල ඇති ආහාර අතිරික්තය මුහුදට විසිකරමින් තම රට වැසියනට පෝෂ්‍ය ගුණය සහිත මත්ස්‍ය නිෂ්පාදනයට වෑයම් කරන රටවල් මෙන්ම සාගින්නෙන් දිනකට එක් කැද කෝප්පයක් නොලැබෙන රටවල වැසියන්ද අද වන විට ලෝකය තුල ජීවත් වෙමින් සිටී. එහෙත් ජාන තාක්ෂණය පිහිටෙන් මොවුන්ගේ බඩගින්න උදෙසා සාධාරණ වූ විසදුමක් ලැබේද යන්න ගැටලුවකි.
අද වන විට ලෝකයේ බොහෝ රටවල ජාන තාක්ෂණයෙන් වැඩි දියුණු කරන ලද ශාක විශේෂ වගා කෙරේ. මෙයින් ඇතැම් ඒවා මිනිස්  පරිභෝජනය පිණිස වන අතර ඇතැම් ශාක ප්‍රබේද වෙළද භාණ්ඩ නිෂ්පාදනය සදහා අමුද්‍රව්‍යයක් වශයෙන් වගා කෙරෙයි
අස්වැන්න වැඩි කිරීම , වර්ණය, රසය හා හැඩය වෙනස් කිරීමේ හැකියාව ජාන තාක්ෂණය සතු වුවද එයින් ඇති වන භයානක ප්‍රතිඵල ගැන ඇති දත්ත ඉතා අල්පය. එම දත්ත හෙලි නොකෙරේ. මෙවැනි තත්වයක් හමුවේ ජාන තාක්ෂණික ආහාර තුලින් අනාගත අභියෝග කොතෙක් දුරට ජයගත හැකිද වේද යන්න තවමත් විසදාගත නොහැකි ගැටලුවකි. කෙසේ වෙතත් කුසගින්න නිවීමට කුමක් වුවත් රසයෙන් හා හැඩයෙන් යුත් ආහාර නිපදවීම ජාන තාක්ෂණයේ අවසානය බව පෙනී යන අවස්ථාද වේ. මෙම රසයෙන් හා හැඩයෙන් යුත් ආහාර තමන් කෑමට පෙර දුප්පත් රටවල ජනයාට කැමට දී ඇතිවිය හැකි අහිතකර තත්වයන් පිළිබද සොයා බැලිම දැන් සිදුවේ.

ජාන ආහාර නුසුදුසු ඇයි?
අද වනවිට ලෝකයේ දියුණු රටවල් ජාන තාක්ෂණය පිළිබද පර්යේෂණ සිදු කළද ඔවුන් එම රටවල වැසියන් ජාන තාක්ෂණික ආහාර වලින් ආරක්ෂා කර ඇත. උදාහරණයක් ලෙස ඇමරිකාව ජාන නවීකරණය කරන ලද ඉරිගු මනුෂ්‍ය ආහාරයට නුසුදුසු බව පවසා තිබේ. බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුලු රටවල් ගණනාවක් මෙසේ ජාන ආහාර භාවිතය තහනම් කර ඇති අතර ඇතැම් රටවල් සීමා පනවා ඇත
 එසේ නම් අපි කුමක් කරමුද?


පොත පත ඇසුරිනි.
සකස්කළේ
ලතිකා දිල්රුක්ෂි ,විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment