February 15, 2016

අලුත්ම මැලේරියා මර්දන එන්නත

ඇමරිකාවේ රෝඞ්ස් දූපතේ පිහිටි ‘යුත්‘ රෝහලේ පර්යේෂකයන්  පිරිසක් මෙම එන්නත සොයා ගැනීමට සමත් වී ඇත.මේ සඳහා ඔවුන්ට පාදක වී ඇත්තේ  ටැන්සානියාවේ ජිවත් වන දරුවන් පිරිසක්ය. එම දරුවන්ගේ ශරීරය තුළින්ම මැලේරියාව ඇතිකරවන පරපෝෂිතයන් රතු සෛල තුළම කොටු කරගැනීමට එම දරුවන්ගේ ශරිරවලට හැකියාව ඇත.මෙම මාරාන්තික මැලේරියා රෝගයෙන් වැලකීමට අවශ්‍ය ප්‍රතිශක්තිය එම ළමයි තුළම නිපදවා ගන්නා බව සොයා ගැනීම තුළ මෙම එන්නත සොයා ගැනීමට විද්‍යාඥවන්ට මග පෑදී ඇත.        

විද්යාඥයන් විසින්  සොයා ගෙන ඇති ආකාරයට මිනිස් සිරුරේ රතු රුධිරාණු සෛල තුළට ඇතුළු වන මැලේරියා ආසාදනය ඇති කරන පරපෝෂිතයාට ඒ සෛල තුළින් පිට වී මුළු සිරුර පුරා ම ආසාදනය ගෙනයාමට උපකාර කරනු ලබන්නේ  ප්‍රෝටීනයක් මගින් බවයි. විද්යාඥයන්ට අභියෝගයක් වුයේ මෙම ප්‍රෝටීනය මර්දනය කළ හැකි එන්නතක් සොයා ගැනිමයි. එම අභියෝගය ජය ගනිමින් යුත් රෝහලේ පර්යේෂකයන් මෙම ප්‍රෝටීන මර්දන එන්නත සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාව ඇතුළු අග්නිදිග ආසියාවේ රටවල පමණක් සැම තත්පර 15 කට වරක් සිදුවන මැලේරියා ආසාදිත ළමයි මිය යාම නවතාලීමට හැකියාව ලැඛෙනු ඇත.

මෙම නව එන්නත සිරුරේ ප්‍රතිශක්ති පද්ධතිය තුළ ක්‍රියාත්මක වී මෙම ප්‍රෝටීනය නිපදවීම වළක්වනු ලබයි. එවිට පරපෝෂිතයා රතුරුධිර සෛලය තුළ කොටු වේ. මෙසේ කොටු වන පරපෝෂිතයා සමග රතුරුධිර සෛල ප්ලීහාවේදී ප්‍රතිශක්ති පද්ධතියේ මැක්රොෆගස් සෛල මගින් කිසිම හානියක් නැතුව ගිල දමනු ලබයි.මේ තුලින් මැලේරියාව ශරිරය තුල ආසාදනය විම සම්පුර්ණයෙන් නවතියි.

විද්යා ඥයන් විසින්  සොයා ගෙන ඇති මෙම එන්නත දැනට සතුන් යොදා අත් හදා බලන ලද අතර පසුව එය සාර්ථක විමත් සමග ප්‍රතිකාරයක් හැටියට එන්නතක් ලෙස නිපදවා වසරක් පාසා මැලේරියා ආසාදනය නිසා මිය යන 620000ක් වු මිනිස් ජිවිත ආරක්ෂා කර ගැනිමට හැකියාව ලැඛෙනු ඇත.

- විද්‍යා හා තාක්ෂණ නිලධාරී, නොච්චියාගම.

අන්තර්ජාලය ඇසුරිනි

0 comments:

Post a Comment