February 9, 2016

මෝටර් රථයක් එසවීමට හැකි යාන්ත්‍රික ශරීර කූඩුව(skeleton).

 
මිනිසෙකුට එසවිය හැකි බර ප්‍රමාණය, ශරීර කූඩුව එනම් ඇට සැකිල්ලේ ශක්තිය මත රඳා පවතී. විශාල බර ප්‍රමාණයක් එසවීම අතීතයේ සිටම පැවත එන වීර ක්‍රියාවකි. ඉතිහාසයේ නීල මහා යෝධයාගේ සිට fantastic four වැනි මෑත චිත්‍රපටිවලද එවැනි වීරයෝ උත්කර්ෂයෙන් සළකති. ඒ සඳහා විශාල ශරීරයක් තිබීම හෙවත් යෝධයකු වීම අවශ්‍ය යැයි සැලකේ. 

මිනිසාගේ ස්වකීය බර අනුව බර එසවීමේ දස්කම් ඔලිම්පික් ක්‍රීඩාවේදී මැන බලයි. 56 kg බර පංතියේ ක්‍රීඩකයකු 137 kg එසවු බවටද 105 kg බර පංතියේ ක්‍රීඩකයකු 212 kg එසවු බවටද වාර්ථාගත වී තිබේ. එහෙත් මිනි කුපර් වර්ගයේ මෝටර් රථයක් එසේත් නැතිනම් කි.ග්‍රෑම් 1434  ක් පමණ (රාත්තල් 2524) වන බරක් මිනිසෙකුට එසවිය හැකිවේද ? චිත්‍රපටවල සුපිරි වීරයෝ එම දස්කම් පාති. ඒඅනුව සුපිරි වීරත්වය වඩාත් යථාර්තවාදීව ඉදිරිපත් කිරීමට ශරීරය වසා ගන්නා කෘතිම යාන්ත්‍රික ශරීර කූඩුවකින් (skeleton) විශාල බර ඔසවන Iron Man නිර්මාණය විය.

සත්‍යවශයෙන්ම Iron Man ඇඳුම් කට්ටලයක් හෙවත් වඩා ශක්තිමත් කෘතිම ශරීර කූඩුවක් හෙවත් ඇටසැකිල්ලක් කැනඩාවේ, ඔන්ටෝරියාවේ  පිහිටි තම ගරාජයේදී නිර්මාණය කිරීමට James Hobson තරුණයා සමත්වී ඇත. Iron Man චිත්‍රපටිය නැරඹීමෙන් උද්යෝගයට පත් ඔහු තම  ඉංජිනේරු උපාධි දැණුම භාවිතාකර බැටරියකින් ක්‍රියාත්මක කළ හැකි කෘතිම ශරීර කූඩුවක් සකස් කළේය. දැනට වසර 02 ට පෙර එම කෘතිම ශරීර කූඩුව ඇඳ පැළඳ ගත් Hobson, සජීවී රුපවාහිනි වැඩසටහනකදී  124 kg බරක් ඔසවන ලදී. එමගින් සුපිරි ශරිර කූඩුව තවදුරටත් මිථ්‍යාවක් නොවන බව පැහැදිලි විය. ඔහුගේ නවතම සැලැස්මට අනුව නිෂ්පාදිත කෘතිම ශරීර කූඩුව පැළඳගත් ඔහු 1144 kg බරැති මිනි කුපර් මෝටර් රථයක් පිටුපස රෝද දෙකෙන් ඔසවා මෑතකදී තම දස්කම් වඩා ඉහල මට්ටමකින් ප්‍රදර්ශනය කරන ලදී. වීඩ්යෝව නරඹන්න. අනාගතයේදී කෘතිම ශරීර කූඩු සහිත Iron Man ලා අලි ඇතුන් මෙන් කටයුතු කරනු ඇත්දැයි අපි බලා සිටිමු.

උපුටාගැනීම :-
Home maid Iron Man suit can lift a mini Cooper  by Tom Hale
https://www.youtube.com/watch?v=tMc1hGU1LN

0 comments:

Post a Comment