January 2, 2016

පාරේ වළවල්වලට ආයුබෝවන් කියන්න නව නිපැයුමක් ඇවිල්ලා!

ලෝකයේ හැම රටකම පාරවල ඇති වෙන වළවල් වහන එක ලොකු ප්‍රශ්ණයක්! වගේම ලොකු වියදමක් යන විශාල පිරිසකගේ ශ්‍රමයත්, කාලයත් වැය  වෙන දෙයක්! පාරවල් නඩත්තු කරන එක ලෝකයේ කොහේ වුනත් නිතරම කරන්න ඕනෑ

දැන්  ක්ෂුද්‍රරජීව  විද්‍යාඥයෙක්, මේකට අමුතු තාලේ  පිළියමක් සොයා ගෙන තියෙනවා. ඔහු  නෙදර්ලන්තයේ ඩෙල්ෆ් තාක්ෂණික සරසවියේ  තමයි  සේවය   කරන්නේ.  නමින් හෙන්ඞ්රික් මේරියස් යොන්කර්ස් (Hendrik Marius Jonkers) ඇත්තෙන් ඔහු සොයා ගෙන   ඇත්තේ අනාගතයේ ලොවපුරා මහා පෙරළියක් සිදුකළ හැකි   නිර්මාණයක්.
මෙය ඉතාමත් විස්මය දනවන දෙයක්. මහ පාරේ ඇති වන වළවල්, පිපිරීම්, පැලීම් ආදිය මේ  නව  ක්‍රමයෙන්  ඉබේ අලූත්වැඩියා  වෙනවා.  මේ  සඳහා ඔහු    භාවිත කරන්නේ ක්ෂුද්‍රජීවී බැක්ටීරියාවක්.


 
Hendrik Marius Jonkers



ඔහු    මෙය ක්‍රම දෙකකින්    භාවිත කරනවා. එක   ක්‍රමයකට   අනුව  මේ  බැක්ටීරියාව ඉදිකිරීම්වලදී   කෙළින්ම   කොන්ක්‍රිට්වලට එක් කළ හැකියි. නැතිනම්  මේ බැක්ටීරියාව ඉසින  දියරයක් ලෙස භාවිත කළ  හැකියි. වසර 200 ක් ගිහින් හරි, බැක්ටීරියාව  මුසු කොන්ක්‍රිට්  එකේ පැල්මක් හෝ  වළක් හෝ ඇති  වුණොත්, වැස්සක්  වැටුණු වහාම, බැක්ටීරියාව සක්‍රි වී පැල්ම හෝ වළ වසා දමනවා.  වැසි වතුර  නොවැටෙන  තැනක නම් ජලය ඉසීමෙන් පමණක් එහි අලූත්වැඩියාව කළ හැකියි.


දැන් අප දන්නා විදියට නම් වැස්සොත් පාරේ  වළවල්වල වතුර පිරී ඒවා තවතවත් විශාල වෙන එකයි, සිද්ධවෙන්නේ.   ඒත් මේ  නව  ක්‍රමය  අනුව සිද්ධවෙන්නේ, එහි අනෙක් පැත්තයි! ඔහුගේ දෙවන ක්‍රමය අනුව බැක්ටීරියාව ද්‍රවයක් ලෙස පැල්ම හෝ වළ මතට ඉසීමෙන්  එහි අලූත් වැඩියාව කර ගත හැකියි.

මේ නව   ක්‍රමයේ දී  පර්යේෂකයන්  කළේ  සක්‍රි  යමහල් අසලින්  හමුවූ බැක්ටීරියාවක් කැල්සියම් ලැක්ටේට් සමග කොන්ක්‍රිට් එකට මිශ්‍ර  කිරීමයි. කල්යාමේදී එවැනි කොන්ක්‍රිට් එකක  සිදුවිය  හැකි පැල්මක් ඇති  වුවහොත්  ජලය  ටිකක් ඉසීමෙන් පමණක් එය යථා තත්වයට  පත් කර ගත හැකියි. කොන්ක්‍රිට් එකේ එතෙක් අක්‍රියව තිබූ බැක්ටීරියාව ජලය වැටුණු  ගමන්  සක්‍රිය වී  තමා අවට මුසුව ඇති කැල්සියම්  ලැක්ටේට්   ආහාරයට ගන්නට පටන්  ගන්නවා. ඒවා ජීර්ණය  කොට  නිකුත් කරන හුණුගල්වලින් තමයි, අලූත්වැඩියාව සිද්ධ වෙන්නේ.මේ බැක්ටීරියාව වැඩිපුරම පාෂාණ අතර තිබී හමුවන්නක්. සක්‍රි යමහල් හෙවත් ගිනිකඳු  අසල  ඇති සෝඩා   විල්වල දී බහුලව හමු වෙනවා. නිදසුනක් වශයෙන් ඔවුන්  ඊජිප්තුවේ වාඩි  නේට්රම් විල දක්වනවා.  ඔවුන්   මේ බැක්ටීරියානු ජීවාණුව තමා කොන්ක්‍රිට් මිශ්‍රණයට එක් කළේ. 

සීතලටත් දැඩි තාපයටත්  එකසේ ඔරොත්තු දෙන මේ බැක්ටීරියාව ලොව පුරා පාෂාණ අතර දකින්න පුළුවන්යයි හෙන්ඞ්රික් මේරියස් යොන්කර්ස් අවධාරණය කරනවා.


ඔහු මෙය ක්‍රම දෙකකින්    භාවිත කරනවා. එක   ක්‍රමයකට   අනුව  මේ  බැක්ටීරියාව ඉදිකිරීම්වලදී කෙළින්ම   කොන්ක්‍රිට්වලට එක් කළ හැකියි. නැතිනම්  මේ බැක්ටීරියාව ඉසින  දියරයක් ලෙස භාවිත කළ  හැකියි. වසර 200 ක් ගිහින් හරි, බැක්ටීරියාව  මුසු කොන්ක්‍රිට්  එකේ පැල්මක් හෝ  වළක් හෝ ඇති  වුණොත්, වැස්සක්  වැටුණු වහාම, බැක්ටීරියාව සක්‍රි වී පැල්ම හෝ වළ වසා දමනවා. වැසි වතුර  නොවැටෙන  තැනක නම් ජලය ඉසීමෙන් පමණක් එහි අලූත්වැඩියාව කළ හැකියි.

දැන් අප දන්නා විදියට නම් වැස්සොත් පාරේ  වළවල්වල වතුර පිරී ඒවා තවතවත් විශාල වෙන එකයි,   සිද්ධවෙන්නේ.   ඒත් මේ  නව ක්‍රමය අනුව සිද්ධවෙන්නේ, එහි අනෙක් පැත්තයි! ඔහුගේ දෙවන ක්‍රමය අනුව බැක්ටීරියාව oවයක් ලෙස පැල්ම හෝ වළ මතට ඉසීමෙන්  එහි අලූත් වැඩියාව කර ගත හැකියි.

මේ නව   ක්‍රමයේ දී  පර්යේෂකයන්  කළේ  සක්‍රි  යමහල් අසලින්  හමුවූ බැක්ටීරියාවක් කැල්සියම් ලැක්ටේට් සමග කොන්ක්‍රිට් එකට මිශ්‍ර  කිරීමයි. කල්යාමේදී එවැනි කොන්ක්‍රිට් එකක  සිදුවිය  හැකි පැල්මක් ඇති  වුවහොත්  ජලය  ටිකක් ඉසීමෙන් පමණක් එය යථා තත්වයට  පත් කර ගත හැකියි. කොන්ක්‍රිට් එකේ එතෙක් අක්‍රියව තිබූ බැක්ටීරියාව ජලය වැටුණු  ගමන්  සක්‍රි වී  තමා අවට මුසුව ඇති කැල්සියම්  ලැක්ටේට්   ආහාරයට ගන්නට පටන්  ගන්නවා. ඒවා ජීර්ණය  කොට  නිකුත් කරන හුණුගල්වලින් තමයි, අලූත්වැඩියාව සිද්ධ වෙන්නේ.මේ බැක්ටීරියාව  වැඩිපුරම පාෂාණ අතර තිබී හමුවන්නක්. සක්‍රි යමහල් හෙවත් ගිනිකඳු  අසල  ඇති සෝඩා   විල්වල දී බහුලව හමු වෙනවා. නිදසුනක් වශයෙන් ඔවුන්  ඊජිප්තුවේ වාඩි  නේට්රම් විල දක්වනවා.  ඔවුන්   මේ බැක්ටීරියානු ජීවාණුව තමා කොන්ක්‍රිට් මිශ්‍රණයට එක් කළේ.
           මෙහි දැක්වෙන මේ විස්මිත බැක්ටීරියාව තාපයටත් සීතලටත් එක වගේ ඔරොත්තු දෙන එකක්.  සාමාන්‍ය ගල්වල පවා  හමුවන්නක්.  නෙදර්ලන්තයේ  ඩෙල්ෆ් සරසවියේ විද්‍යාඥ හෙන්රික් යොන්කර්ස්  කියන්නේ  මේකට ජීවාණුවක්   විදියට නොනැසී හුඟාක් කාලයක් ගල් අතර සක්‍රි පවතින්න පුළුවන් බවයි.
මෙහි දැක්වෙන මේ විස්මිත  බැක්ටීරියාව  තාපයටත් සීතලටත් එක වගේ ඔරොත්තු දෙන එකක්.  සාමාන්‍ය ගල්වල පවා හමුවන්නක්. නෙදර්ලන්තයේ   ඩෙල්ෆ් සරසවියේ විද්‍යාඥ හෙන්රික්  යොන්කර්ස්  කියන්නේ  මේකට ජීවාණුවක් විදියට නොනැසී හුඟාක් කාලයක් ගල් අතර සක්‍රියව පවතින්න පුළුවන් බවයි.



මේ විස්මිත කොන්ක්‍රිට් එක තමන්ම අලූත්වැඩියා කර ගන්නේ මෙහෙමයි.

 මේ සඳහා යොදා ගන්න බැක්ටීරියාව සොයා ගත්තේ සක්‍රි යමහල් අසලිනුයි. මේ විස්මිත කොන්කී‍්‍රට් මිශ්‍රණය තනද්දීම මේ බැක්ටීරියාව ඒකට මිශ්‍ර කරනවා.මේ බැක්ටීරියාව සමග කැල්සියම් ලැක්ටේට් ජලයත් සමග මූලික කොන්කී‍්‍රට් එකට මිශ්‍ර කරනවා.

මේ බැක්ටීරියාව ඇතුළත් කළ කොන්කී‍්‍රට් එකක පැල්මක් ඇති වූ විට කළයුත්තේ මත ජලය ඉසීම පමණයි. අවුරුදු 200ක් ගියත් නොනැසී පවතින මේ බැක්ටීරියාව වතුර වැටුණු ගමන් කි‍්‍රයාත්මක වෙන්න පටන් ගන්නවා.

මේ ආකාරයට සක්‍රි වන බැක්ටීරියාව කැල්සියම් ලැක්ටේට් ආහාරයට ගෙන හුණුගල් වමාරනවා. හුණුගල්වලින් තමයි, පිපිරීම ඉබේම වැහෙන්නේ.

මේ විදියට කොන්කී‍්‍රට් බිත්තියක පැල්මක් හෝ පාරක පිපිරීමක් වළක් වැනි දෙයක් සම්පූර්ණයෙන් වැහෙන්න සාමාන්‍යයෙන් සති තුනක් විතර ගත වුණත්, පැල්ම හෝ පිපිරීම කුඩා එකක් නම් වඩා ඉක්මනට යථා තත්වයට පත් වෙන්න පුළුවන්.


 මේ බැක්ටීරියාව කි‍්‍රයාත්මක වෙලා පැල්ම වැහෙන්න සති තුනක් විතර යනවා. සීමාවක් නැතිව ඕනෑම ප‍්‍රමාණයේ පිපිරීමකට පිළියම් යොදන්න, මේ ක‍්‍රමයෙන් පුළුවන්. ඉහත සේයා රූවලින් දැක්වෙන්නේ කලින් පැල්ම තිබූ ආකාරයත්, පසුව මේ නව ක‍්‍රමයෙන් එය මකා දමා අලූත්වැඩියා කෙරුණු ආකාරයත්, තමයි.


  මේ බැක්ටීරියාව ඇතුළත් විශේෂ දියරයක් තනා තියෙනවා. ඒක පිපිරුම්වලට කැඩුණු තැන්වලට මේ විදියට දියරය ඉහින්න තමයි, තියෙන්නෙ.
  
ආචාර්ය යොන්කර්ස් සැලසුම් කරල තියෙන්නෙස්පේ‍්‍රඑක කියන්නේ ඉසිනය මේ වසරෙදිම වෙළඳ පොළට එවන්නයි. ඊට පස්සේ කොන්කී‍්‍රට් වර්ගය 2016දි හඳුන්වා දෙනවා. ඔහු කියන විදියට පාරවලට විතරක් නෙවෙයි, ඉදිකිරීම්වල අලූත්වැඩියා කටයුතුවලටත්, භූගත ගොඩනැගිලිවලට වගේම, උමං මාර්ගවලටත් මේක කදිමයි. ඉහළින් ඇත්තේ මේ ක‍්‍රමයෙන් පිළියම් යෙදිය හැකි මහමගක අබලන් වූ තැනක් (පුස්තකාල සේයා රුවක්.)
ආචාර්ය ජොන්කර්ස් සැලසුම් කරල තියෙන්නෙස්පේ‍්‍රඑක කියන්නේ ඉසිනය මේ වසරෙදි වෙළඳ පොළට එවන්නයි. ඊට පස්සේ විස්මිත නව කොන්කී‍්‍රට් වර්ගය 2016දි හඳුන්වා දෙන්න ඔහු බලාපොරොත්තු වෙනවා. ඒකට තවමත් නිශ්චිත දිනයක් නම් කරලා නැහැ.
මේ විස්මිත කොන්කීට් එක පාරවලට විතරක් නෙවෙයි ඉදිකිරීම්වල අලූත්වැඩියා කටයුතුවලටත් භූගත ගොඩනැගිලිවලට වගේම උමං මාර්ගවලටත් තෙල් අට්ටාලවලටත් කදිමයි.’ ආචාර්ය ජොන්කර්ස් කියනවා.

පාරවලට යෙදුවාම බොහෝ කලක් සකි‍්‍රයව පවතින මේ බැක්ටීරියාව ක්‍ෂාරීය පරිසරවලට ඉතා හොඳින් ගැළපෙනවා.’ ඔහු වැඩිදුරටත් කියනවා.

ආචාර්ය ජොන්කර්ස් ඇතුළු කණ්ඩායම මේ වසරේයුරෝපීය නව නිමැවුකරු සම්මානයටත් නම් කරලයි තියෙන්නෙ.
sanka, nochchiyagama vidatha.
captured from: https://www.epo.org/learning-events/european-inventor/finalists/2015/jonkers.html

2 comments:

POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


@register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


සැමට ජය!

Post a Comment