January 1, 2015

මානව සෞඛ්‍ය සඳහා සනීපාරක්ෂාවෙහි අවශ්‍යතාවය කෙතරම්ද? – 2


  •   අදත් බිලියන 2.6 ජනගහණයක් ලොව පුරා අඩුම තරමින් මූලික සනීපාරක්ෂක පහසුකම් වලින් පවා තොරව ජීවත්වෙති. මෙයින් බිලියන 1ක් පමණ දරුවන්ය.
  •   එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට අනුව වයස අවුරුදු 05 අඩු දරුවන් අතරින් 5000ක් දිනපතා පාචන රෝගය වැලදීමෙන් මිය යති.
  •  අහිතකර සනීපාරක්ෂාව හේතුකොට ගෙනසෑම මිනිත්තු 20කටම වරක් දරුවකු මිය යයි.
අහිතකර සනීපාරක්ෂාව හේතුවෙන් ඇතිවන රෝග
  1.       පාවනය
  2.       කොළරාව
  3.       උණසන්නිපාතය
  4.       පණු ආසාධන
  5.       නියුමෝනියාව
  6.       මන්දපෝෂණය
මීට අමතරව මෙම රෝගවලට ගොදුරුවන දරුවන් දුර්වල වීම හේතුවෙන් වෙනත් රෝගවලට ගොදුරුවීම
උදා: ශ්වසන ආබාධ
ආන්ත්‍රමය පණු රෝග
  •       වට පණු රෝගය
  •       කස පණු රෝගය
  •       කොකු පණු රෝගය

    මෙම පණුවන් බොහෝ විට සම්ප්‍රේෂණය වීම සිදුවන්නේ
    1.       ආසාදිත මලද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන්
    2.       මල මත නිරාවරණය වූ පාද තැබීම  
     පණු ආසාදන මගින් දරුවන්ගේ
          සෞඛ්‍යයට
          පෝෂණයට 
       ප්‍රජානන සංවර්ධනයට බරපතල හානි කරයි.
    •    දරුවකුගේ අන්ත්‍ර තුල දකින සාමාන්‍ය වටපත්‍ර සංඛ්‍යාවට දරුවා ගනු ලබන ආහාරයෙන් 1/3 ක් පමණ ගැනීමට පුලුවන.මෙහි ප්‍රතිඵලය මන්දපෝෂණයයි.
    •    කොකුපණු ආසාදන නිරක්තියට හේතු කාරක වේ.
    •    කස පණු ආසාදන කුඩා දරුවන්ගේ බඩ කොරවීම ඇති කරවයි. මෙය සාමාන්‍ය තත්වයක් ලෙස සලකා වෛද්‍ය උපදෙස් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පාසලේදී දරුවා ඇහුම්කම් නොදෙන නිදිමත සහ අවධානය යොමු නොකරන අප්‍රාණික දරුවන් ලෙස සිටී.
    මීට අමතරව අයහපත් සනීපාරක්ෂක තත්වයන් නිසා
    •   ලෙඩ වන දරුවන් රැක බලා ගැනීම
    •  ඔවුන් ඹෟෂධ සඳහා මිල මුදල් වැයවීම
    •   පවුලේ සම්බන්ධතාවය බිඳ වැටීම
    •   සමහරවිටදරුවාගේ මියයාම පවුලේ අයෙකුට මානසික ආබාධයක් ඇතිකරවයි.

    ඡායා රූප උපුටා ගැනීම අන්තර් ජාලයෙනි
    සැකසුම : එච්.එල්.හංසනී ක්‍රිෂ්ණා ,විද්‍යා හා තාක්ෂණ නිලධාරි,මාලිම්බඩ

    0 comments:

    Post a Comment