January 12, 2015

ඔබේ ගෙවත්තට ස්වභාවික කෘමිනාශක වර්ග කිහිපයක්.........

කෘමිනාශක යනු කෘමීන් විසින් සිදු කරන හානිය වැළැක්වීමට, පාලනය කිරීමට හෝ අවම කිරීමට යොදා ගන්නා සංයෝගයක් හෝ සංයෝග මිශ්‍රණයකි.කෘමිනාශකයක්, රසායනික සංයෝගයක්, ජීව විද්‍යාත්මක ප්‍රතිකාරකයෙක් ( වෛරස් හෝ බැක්ටීරියා වැනි) හෝ කෘමීන්ට එරෙහිව යොදාගන්නා උපකරණයක් විය හැකිය.
මෙහිදී රසායනික සංයෝග  කෘමිනාශක ලෙස භාවිතයේදී වාසි තිබුණ ද මිනිසාට මෙන්ම අනෙකුත් ජීවීන්ට විෂ දායක වීම වැනි ප්‍රභල දුබලතා ද ඇත. වර්තමානයේ මෙම රසායනික සංයෝග භාවිතය නිසා මිනිසාට මුහුණ දීමට සිදුවී ඇති ගැටළු රාශීයකි. ඒ අතරින් විවිධ රෝග තත්වයන් හා පරිසර හානිය ප්‍රධාන ලෙස පෙන්වා දිය හැක. එමනිසා ස්වභාවික කෘමිනාශක භාවිතය වඩා වැදගත්ය. 

අරලිය මල් කිනිති කෘමිනාශකයක් වශයෙන්  භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද?
නොදන්න ඔබව දැනුවත් කිරීම සඳහා අරලිය මල් භාවිතා කර කෘමිනාශක දියරයක් සකස් කර ගන්නා ආකාරය පහත දක්වා ඇත.
·        අරලිය මල් කිනිති කිලෝ ග්රෑම් එකක් සිහින්ව කපා ගන්න.
·         ඒ සඳහා ජලය ලීටර්  2 ක් එක්කර ප්ලාස්ටික් භාජනයක් තුළ පැය 24 ක් තබන්න. 
·        ඉන්පසු දියරය පෙරා පැළෑටි සඳහා භාවිතයට ගත හැකිය.

කහඹිලියා වලින් ප්‍රභල කෘමිනාශකයක්............
·        ඔබේ වගාවේ  කෘමි හානිය  තදබල නම්  කහඹිලියා  ශාකයෙන් ග්රෑම් 500 ක් සිහින්ව කපාගන්න.
·        ප්ලාස්ටික් භාජනයක දමා ජලය ලීටර් 1 ක් දමා හොඳින්  කලවම් කර දින 30 ක්  හොඳින් වසා තබන්න.
·        මෙහි අවුන්ස 1ක් වතුර ගැලුම් 1 ක මිශ්‍ර කර වගාවන් සඳහා යෙදීම සුදුසුය.

(තායිලන්තයෙන් ලද පුහුණුවකට අනුව ඇග්‍රෝ ක්‍රියේෂන් ආයතනයේ එස්.ඒ.ශාන්ත මහතා විසින් විදාතා මධ්‍යස්ථානයේ පවත්වන ලද වැඩසටහනක් ඇසුරිනි.)
ඡායා රූප උපුටා ගැනීම -https://www.google.lk/search?q=araliya+flower&biw=1024&bih=657&source=lnms&tbm=isch&sa=X&ei=LIuzVJLUEYqGuAT6m4LYCA&sqi=2&ved=0CAYQ_AUo

0 comments:

Post a Comment